ආණ්ඩුව රාජ්‍ය සේවය විනාශ කරනවා.. පාලන ක්‍රමය වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලක..- චන්ද්‍රිකා කියයි
වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටින බවටත්, පවත්නා පාලන ක්‍රමය වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලකට ඇද වැටිය හැකි බවටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනතුරු අඟවයි.
ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නේ, දශක දෙකක කාලයක් තිස්සේ පැවති අයහපත් පාලනය හේතුවෙන් රට දැනටමත් විනාශයට පත්ව ඇති බවයි.
හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ක්‍රියාත්මක විය නොහැකි බවයි. එහෙත් වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කර, ඒ වෙනුවට සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති තම පක්ෂයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් පත් කිරීමට උත්සාහ කරන බවට ඇය චෝදනා කරයි.
"දේශපාලන නායකයන්ට වසර ගණනාවක පළපුරුද්දක් හෝ වෘත්තීයභාවයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ, නමුත් ඔවුන් නොසැලෙන අඛණ්ඩතාවයකින් (Integrity) යුක්ත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය ගෙන යාමට දේශපාලන නායකයන් වෘත්තීය රාජ්‍ය සේවය මත යැපිය යුතුය."
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳවද අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ ඔහු අතිශයින්ම අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක සිටින රාජ්‍ය නිලධාරියෙකු බවයි.
රටේ පාලනය බරපතල ලෙස පිරිහීම හේතුවෙන් ජනතාව "අරගලය" කරා යොමු වූ බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන දැනුවත්භාවය මේ වන විට ඉහළ මට්ටමක පවතින බවත් කුමාරතුංග මහත්මිය පවසයි.
රට යළි ගොඩනැගීමේ විසඳුම පවතින්නේ ජනතාව අතේ බව පෙන්වා දෙන ඇය, පවතින තත්ත්වයේ බරපතලකම වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් අවධාරණය කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..