සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි.. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.. - ජවිපෙ කියයි
සමගි ජන බලවේගය (සජබ) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බරපතළ සාවද්‍ය සහ මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ අද (26) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, අල්ලස් චෝදනා මත ඊයේ (25) අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නැමැත්තාට, මීට මාස දෙකකට පෙර තම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට එන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ විසින් චෝදනා කර ඇති බවයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ, පාතාල සබඳතා හා බැඳුණු මෙම අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද සහ බංකොලොත් වී ඇත්ද යන්න මෙමඟින් පැහැදිලි වන බවයි.
විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට වෙනත් පක්ෂවලට අවශ්‍ය වුවද, අපරාධකරුවන් තම පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්.
මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හරහා අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක් බව ජවිපෙ අවධාරණය කරයි.
අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තම පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින බවත්, මෙම සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..