News Category
From Date
To Date
Maximum Number of Result

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා පවසන්නේ ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර නැති බවය.

පොල් සංවර්ධන අධිකාරිය පවසන්නේ කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇති බවයි.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා ආණ්ඩුව ණය ගෙන නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම වෙබ් අඩවියේ ආණ්ඩුව විසින් ණය ගත් බව පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

න්‍යෂ්ටික බලය සහිත B-52H මූලෝපායික බෝම්බ හෙලිය හැකි යානා ගණනාවක් ඇතුළුව මැද පෙරදිගට අතිරේක හමුදා යෙදවීමට එක්සත් ජනපද හමුදාව සූදානම් වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

මෙවර මහ මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සමාලෝචනය ප්‍රමාදවීම නිසා එම අරමුදලේ තුන්වන ණය වාරිකය ලැබීම ද ප්‍රමාද වනු ඇතැයි වාර්තාවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී (01) සිදු විය.

අද වන විට ඇති වී තිබෙන සහල් ගැටලුවට වර්තමාන ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නැති බව ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

අවශ්‍ය නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.


ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.