මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය මාධ්‍යයට තහනම්..
පසුගිය ජූලි 5 වනදා සහ 6 වනදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව, එකල එහි රාජකාරි කළ ප්‍රධාන ජේලර්වරයා ලබා දුන් සාක්ෂිය කිසිදු මාධ්‍යයක පළ කිරීම වළක්වමින් මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම සාක්ෂියෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සහ දැඩි සංවේදීතාවයකින් යුත් තොරතුරු ඇතුළත් වන බව පෙන්වා දෙමින් මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී මෙම නියෝගය ලබා දුන්නාය. එමෙන්ම අදාළ සාක්ෂි සටහන් අධිකරණය භාරයේ ඉතා ආරක්ෂිතව තබා ගන්නා ලෙසද නියෝග කෙරිණි.
මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර මහතා ඊයේ (30) පස්වරු 1.00 සිට 3.00 දක්වා පැය දෙකක කාලයක් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.
මීට අමතරව, ජූලි 6 වනදා බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් කැඳවන ලද බන්ධනාගාර නිලධාරීන් 89 දෙනා පිළිබඳ සවිස්තර වාර්තාවක් මෙන්ම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස පිළිබඳ වාර්තාවක්ද බන්ධනාගාර බලධාරීන් විසින් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි