News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර ආයෝජන, විදුලිබල අංශය, ධීවර කර්මාන්තය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සඳහා අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරන බව වාර්තා වේ.

ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.

ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා මාධ්‍ය ආයාතනය එක්ව ජනවාරි මස 10 වනදා සිට පෙබරවාරි 2 වෙනිදා දක්වා කොළඹ ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිත ලෝක ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය 2024 රුසියාව සම්බන්ධයෙන් බරපතල වැරදි අර්ථකථනයක් ලබා දීමට කටයුතු කර ශ්‍රී ලංකාවේ ඇතැයි රුසියානු තානාපති කාර්යාලය පවසයි

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

අගමැතිනි හරිනි අමරසූරිය අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කරන ලද්දේ කෙතරම් අවශ්‍ය වුවද පෙර පරිදි නිදහසේ ගමන් බිමන් යෑමට සිය නිල ආරක්ෂකයන් අවස්ථාව ලබානොදෙන බවයි.

යුක්රේන-රුසියා ගැටුමේදී මියගිය හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රුසියාව ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා තිබේ. වන්දි ගෙවීම සඳහා මාර්ගය සකස් කිරීම සඳහා DNA පරීක්ෂණ හරහා මියගිය නිලධාරීන් හඳුනා ගැනීමට පහසුකම් සපයන ලෙස රුසියාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරන ඇති බව වාර්තා වෙයි. එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් පෙළඹෙමින් සිටිතැයි සදහන්ය.කොළඹ කොටස් වෙළඳපළ ඉහළ ඉහළ යාමට මෙම තත්වයද බලපා තිබේ.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.