News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී වළක්වා ගැනී­මට කට­යුතු නොකි­රී­මෙන් රාජ­කා­රිය පැහැර හැරීමේ චෝද­නාව යටතේ හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනා­න්දුට එරෙ­හිව පවරා ඇති නඩුවේ සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යෙන් රවී සෙනෙ­වි­රත්න සහ ශානි අබේ­සේ­කර යන මහ­ත්ව­රුන්ගේ නම් ඉවත් කර ගන්නා බව විත්තිය (07) කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) කොල්ලුපිටියේ නිවසක මියගොස් සිටියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් පවසයි.

දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර වේගයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් දෙනියාය ජාතික පාසල, රාජපක්ෂ මහා විද්‍යාලය, ශාන්ත මැතිව් මහා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් හතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඇතිව තාවකාලිකව වසා දමා ඇත.

අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින්, අමෙරිකාවද ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන්වීම බරපතළ කාරණවක් බවත්, එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එයට දක්වන ප්‍රතිචාරවල වගකීම් විරහිතභාවයක් දැකගත හැකි බවත්, මැයි දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙය සතියකින් අවසන් කරන බවට පැවසූ ප්‍රකාශයෙන් ඒ බව දැකගත හැකි බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ යෝජනාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වෙසක් සතිය තුළට මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය “හජ්ජි උත්සවය” යෙදී තිබීම හේතුවෙන්, බෞද්ධ හා ඉස්ලාම් ජන කොටස් අතර බරපතල ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි,


ප්‍රධාන පුවත්

සෙනරත් වික්‍රමසිංහගේ ආනුභාවයෙන් කුරුන්දි බෞද්ධ රක්ෂිතය වෙන්දෙසියට?

කුරුන්දි රක්ෂිතය යනු මුලතිව් වල පිහිටි වසර දහස් ගණනක් පැරණි බෞද්ධ ආරාම සංකිර්ණයකි. එම ආරාම සංකිර්ණය අක්කර 300 පුරා විහිදි බෞද්ධ නටඹුන් සහිත පුද බිමකි. එමෙන්ම තවම සමිිපුර්යෙන් කැණිමිි කටයුතු හෝ සංරක්ෂණ කටයුතු අවසාන කර නොමැති බෞද්ධ පුද බිමකි.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.