
වීසා නිකුත් කිරීම වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතියකින්... විවේචනය කරන්නන්ට දැඩි පියවර - රජයෙන් නිවේදනයක්
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
එහි දක්වා ඇත්තේ විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බවයි.
අදාළ නිවේදනය පහළින්...
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතවය.
2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවිමේදි විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු ආයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත, විදේශිකයන් රටට ඇතුළුවීමේ දි විසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලදී. රටවල් 151 ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් වේ.
නමුත් පසුගිය දිනක ඔවුන්ගේ විසා නිකුත් කිරීම ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත් කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන්නාය කියන කාරණය අසත්‍ය කාරණයක්වේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නැත. විසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරා තිබේ.
ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටියි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
