News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියාකරන ලෙසත්, 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ජනවරම සහ 2020 දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ජනවරම ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාව පාවාදීමට නොවන බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව විසින් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත.

ගාසා, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය ආදී රටවල දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් නිහඬව සිටින බටහිර බලවේග මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරයි.

ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ඇතුළු ඉරාන ජන නායකයන්ගේ හදිසි අභාවය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ තම සාතිශය සංවේගය පළ කරමින් මෙරට ඉරාන තානාපතිවරයා වෙත ශෝක පණිවිඩයක් නිකුත්කර තිබේ.

මෙවර රණවිරුවන් සැමරීමේ ජාතික උත්සවට ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගිනොවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමිසන ලදී.

ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සූදානමින් සිට ඇති බව ගුජරාට් පොලිස්පති විකාෂ් සාහේ මහතා පවසයි.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන භාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් අද (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙරට කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීමට එක්වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් ට හැකි නම් 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන ලෙස තමන් අභියෝග කරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.


දේශීය පුවත්

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.