
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.
01. දිලිත් සුසන්ත ජයවීර
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. ඒ. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
13. කේ.කේ. පියදාස
14. මයිලවාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. කේ. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. සජිත් ප්‍රේමදාස
32. රනිල් වික්‍රමසිංහ
33. මරක්කලමානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්
2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදුකළේය.
මැතිවරණ කොමිසම පැවසුවේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවත් සරත් කුමාර ගුණරත්න මහතා නාමයෝජනා නොදුන් බවත්ය.
නාමයෝජනා භාරගැනීම උදෑසන 9ට ආරම්භ කළ අතර එම කටයුතු නිමවූයේ උදෑසන 11ට ය.
නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කළේය.
එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
