
රට ගැන සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවේ... ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම හැදෑරීම කළ යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ඊයේ(13) දින සහභාගී වෙමිනි.
රටේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාව මෙලෙස ජාතික සංවිධාන තුළට කාන්දු වී ජාතික සංවිධාන විසින් එය ඔපමට්ටම් කර ප්‍රකාශයට පත්කරන බවත්, සෑම ජනාධිපති අපේක්ෂකයකුම මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.
අද වන විට මේ රට රෝගී වූ දේශයක් බවට පත්ව ඇති බවද, විවිධ දොස්තරලා සහ වෙද මහත්වරු මෙන්ම වෙද හාමිනේලා ද විවිධ බෙහෙත් වට්ටෝරු රැගෙන කාලයෙන් කාලයට පැමිණිය ද රෝගී වූ දේශය සුවපත් කිරීම සඳහා ඔවුන් කිසිවෙකුට නොහැකි වූ බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.
ජාතික දේහය එම බෙහෙත් වට්ටෝරුවලට තවදුරටත් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති මොහොතක විදේශීය බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයක් මේ වන විට පාවිච්චි කරමින් සිටින බවද පැවසූ උන්වහන්සේ, රෝගීවූ ජනතාව ලෙස අපට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව කුමක්දැයි තීරණය කිරීමට මෙරට ජනතාවට සිදුව ඇති බවද සඳහන් කළහ.
රේනුකානේ මහනායක හිමියන් මෙන්ම ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් සිටින කාලයේ පටන්ම මෙරට නායකයන්ට මේ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබද යෝජනා ඉදිපත් කළ ද, එම යෝජනා ඉටුවීමට ආසන්න අවස්ථාවට එළඹුනු විටදී එය වැළැක්වූ කුප්‍රකට ඉතිහාසයක් මෙරට තුළ ඇති බවත්, එනිසා නිවැරදි ඉලක්කය කරා රට ගෙනයාමට නොහැකි වූ බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.
මෙවර මෙම යෝජනාවලිය පැමිණෙන්නේ 60 වැදෑරුම් යොජනාවලියක් ලෙසින් බවත් පවසන උන්වහන්සේ, ලෝක දේශපාලන උණුසුම තුළ මෙරටට විවිධ ආක්‍රමණ දියත්වීමට හැකි අසන්න තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළහ.
රට පිළිබඳව සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුතුව ඇත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවන බවද, ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම ඒ සඳහා හැදෑරීම කාලීන අවශ්‍යතාවක් බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.
රටක් ලෙස අප සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් මෙන් වීමට වෑයම් කළා මිස දකුණු ආසියාවේ සතුටින්ම සිටින මෙන්ම ස්වාභාවික සම්පත්වලින් අනූන දියුණු ජනතාවක් වෙසෙන භූතානය වැනි රටවල් පිළිබඳව හැදෑරීමට උත්සාහ නොකළ බවත්, භූතානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද්දේ ද ශ්‍රී ලංකිකයකු වූ අනගාරික ධර්මපාල තුමන් බවත්, අද වන විට භූතානය සතුට ධනය කරගත් විශිෂ්ට රටක් බවට පත්ව ඇති බවත් මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
