රට ගැන සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවේ... ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම හැදෑරීම කළ යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ඊයේ(13) දින සහභාගී වෙමිනි.
රටේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාව මෙලෙස ජාතික සංවිධාන තුළට කාන්දු වී ජාතික සංවිධාන විසින් එය ඔපමට්ටම් කර ප්‍රකාශයට පත්කරන බවත්, සෑම ජනාධිපති අපේක්ෂකයකුම මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.
අද වන විට මේ රට රෝගී වූ දේශයක් බවට පත්ව ඇති බවද, විවිධ දොස්තරලා සහ වෙද මහත්වරු මෙන්ම වෙද හාමිනේලා ද විවිධ බෙහෙත් වට්ටෝරු රැගෙන කාලයෙන් කාලයට පැමිණිය ද රෝගී වූ දේශය සුවපත් කිරීම සඳහා ඔවුන් කිසිවෙකුට නොහැකි වූ බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.
ජාතික දේහය එම බෙහෙත් වට්ටෝරුවලට තවදුරටත් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති මොහොතක විදේශීය බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයක් මේ වන විට පාවිච්චි කරමින් සිටින බවද පැවසූ උන්වහන්සේ, රෝගීවූ ජනතාව ලෙස අපට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව කුමක්දැයි තීරණය කිරීමට මෙරට ජනතාවට සිදුව ඇති බවද සඳහන් කළහ.
රේනුකානේ මහනායක හිමියන් මෙන්ම ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් සිටින කාලයේ පටන්ම මෙරට නායකයන්ට මේ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබද යෝජනා ඉදිපත් කළ ද, එම යෝජනා ඉටුවීමට ආසන්න අවස්ථාවට එළඹුනු විටදී එය වැළැක්වූ කුප්‍රකට ඉතිහාසයක් මෙරට තුළ ඇති බවත්, එනිසා නිවැරදි ඉලක්කය කරා රට ගෙනයාමට නොහැකි වූ බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.
මෙවර මෙම යෝජනාවලිය පැමිණෙන්නේ 60 වැදෑරුම් යොජනාවලියක් ලෙසින් බවත් පවසන උන්වහන්සේ, ලෝක දේශපාලන උණුසුම තුළ මෙරටට විවිධ ආක්‍රමණ දියත්වීමට හැකි අසන්න තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළහ.
රට පිළිබඳව සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුතුව ඇත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවන බවද, ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම ඒ සඳහා හැදෑරීම කාලීන අවශ්‍යතාවක් බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.
රටක් ලෙස අප සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් මෙන් වීමට වෑයම් කළා මිස දකුණු ආසියාවේ සතුටින්ම සිටින මෙන්ම ස්වාභාවික සම්පත්වලින් අනූන දියුණු ජනතාවක් වෙසෙන භූතානය වැනි රටවල් පිළිබඳව හැදෑරීමට උත්සාහ නොකළ බවත්, භූතානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද්දේ ද ශ්‍රී ලංකිකයකු වූ අනගාරික ධර්මපාල තුමන් බවත්, අද වන විට භූතානය සතුට ධනය කරගත් විශිෂ්ට රටක් බවට පත්ව ඇති බවත් මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..