News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසය ඇත්තේ හුදෙක් දත්ත හැදෑරීම සඳහා පමණක් නොවන බවත්, ඉතිහාසය විසින් අනාගතය තීන්දු කරනු ලබන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් වව්නියාවේ පැවැති රැස්වීමක දී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පොරොන්දුවීම මගින් ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන චෝදනා සනාථ වෙන බවට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කරයි.

හැකිනම් ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද වලට වඩා එකක් හෝ වැඩියෙන් ඡන්ද ගෙන පෙන්වන ලෙස සර්ව ජනබලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවට අභියෝග කරයි.

බදු මග හැර නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද අඩු මිල පාවහන් ඉහළ යෑම හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තය දැඩි අභියෝගවලට මුහුණ පා සිටී.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා යනු වරෙක වෛද්‍යවරයකු ද, තවත් වරෙක සාහිත්‍යධරයකු ද, තවත් වරෙක ජාතික විමුක්ති ව්‍යාපාරයේ නියමුවකු බවද, මෙසේ භූමිකා කිහිපයක් නියෝජනය කරන පුද්ගලයකු දැකගැනීම ඉතාමත්ම විරල බව ද මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමියෝ පවසති.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචනාකරන ලද 'ගමනක ආවර්ජනා' කෘතිය ජාතික පාසල්වලට සහ ගුරුවිද්‍යාලවග පුස්තකාල සඳහා බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යංශයට බාරදීමේ උත්සවය අද පැවැත්විණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.