''නීතියට අත තියන්නේ නැතුව රට හදන්න බැහැ" ඇමති ලාල්කාන්ත වැරදි මානසික බාධකයක් පනවාගෙන - ජාතික සංවිධාන කියයි
''ලාල්කාන්ත මහතා සද්භාවයෙන් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ. තිබෙන නීති නමන්න බලපෑම් කරන්නේ නැහැ කියලා වෙන්නත් පුළුවන් එතුමා කියන්නේ. එහෙත් තිබෙන යම් නීති සංශෝධනය නොකර යම් නීති අලුතෙන් පනවන්නෙ නැතුව රට හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගනියි."
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කළේ ලාල් කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් පිළිබඳව ජාතික සංවිධාන වල මතය විමසීමේදීය
තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ
''පවතින 2017 විදේශ විනිමය පනත සහ 2023 මහබැංකු පනතට යටත් වෙලා අර්බුදය අඩියක්වත් පියමං කරන්න බැහැ. ඒ නීති වලට අත තියන්න ඕන. ඒවා අහෝසි කරලා නව නීතියක් ගේන්න ඔ්න ඒකට තමයි පරමාධිපත්‍යයේ බලය තුනෙන් දෙකක් ලෙස ඉහළින්ම දුන්නේ" යනුවෙන්ද ඔහු සඳහන් කළේය
ඊට අමතරව නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට පොදු ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කරලා බිඳ වැටීම් විභාග කිරීම සඳහා ත්‍රී පුද්ගල විනිශ්චය සභාවක් පත්කරන නව නීතිමය රාමුවක් හඳුන්වා දෙන්නේ නැතුව ලාල්කාන්ත මහතා කියන නිලධාරීන්ගේ කඹ ඇදිලි වලට මුහුණ දෙන්න බැහැ. එසේම දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ බැරිකම් සහ අත්තනෝමතික හැසිරීම් පාලනය කරන්න නව නීතියක් නැතුව රට හදන්න බැහැ" යයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය සහිත මොනරා පුවත්පත් වාර්තාව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා