News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) සන්ධානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.

දෙරණ රූපවාහිනි නාලිකාවේ BIG FOCUS වැඩසටහනට එක් වු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ ජාතික ජන බලවේගයට තිබෙන ජනතා විශ්වාසය තබා ගැනීමට නම් අනුර දිසානායක මහතාටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ළමයින් වඩාගැනීම, බදා ගැනීම වැනි තාවකාලික

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ශක්තිමත්ව හා එක්සත්ව නැගී සිටින ලෙසත්, නිදහස පිළිබඳ නවීන දැක්මක් හැඩගැස්වීමට සහභාගී වන ලෙසත්, මෙම නව පුනර්ජීවන යුගයේ සාමූහික ආරම්භයට දායක වන ලෙසත් ආරාධනා කරයි.

කොළඹ බෞද්ධ පරම විඥ්ඥාර්ථ සමිතියට අයත් කරගම්පිටිය සුමග විද්‍යාලය දෙහිවල මිලාන් මුස්ලිම් පාසලට පවරාදීම පිළිබඳව පැන නැගී ඇති මහජන විරෝධතා පිළිබඳව ලංකාලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රජය විසින් කොළඹ දී ලබාදුන් නිවස ලිඛිතව ආපසු ඉල්ලා සිටියහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නිවසින් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

යුරෝපීය සංගමය සැමවිටම වොෂින්ටනයෙන් ලබා දෙන දේශපාලන ඉඟි ලබාගෙන ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදීත් එය දිගටම කරගෙන යනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

දෙහිවල පිහිටි සිංහල බෞද්ධ පාසලක් දෙමළ මාධ්‍ය මුස්ලිම් පාසලක් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ. එහි සිද්ධිය සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇති වූ අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක්තරා ලිපියක මෙසේ සදහන් වේ.

මාස තුනකින් පමණ මහපොළ ශිෂ්‍යාධාර ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසන්නේ ඇතැම් විශ්වවිද්‍යාලවලට මාස 3ට වැඩි කාලයක් ශිෂ්‍යාධාර ලැබී නොමැති බවයි. මේ අතර පසුගිය සමයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත් සමඟ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි පැවසෙන්නෙ.


දේශීය පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.