News Category
From Date
To Date
Maximum Number of Result

කත්මන්දු නුවර දෙදරුම් කවමින් පැවැති මාරාන්තික විරෝධතා වලින් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයි

Sep 9, 2025 at 01:24 PM
|

ඊයේ(08) පැවති ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු නේපාල රජය ප්‍රමුඛ සමාජ මාධ්‍ය යෙදුම් සහ පණිවිඩ සේවා 26 ක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි වාර්තාවේ.

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට එරෙහිව විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් කත්මණ්දු නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කිරීමෙන් පැය කිහිපයකට පසු තහනම ආපසු ලබා දෙන බව එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍යවරයා නිවේදනය කළේය.

“අපි සමාජ මාධ්‍ය වසා දැමීම ඉවත් කර තිබෙනවා. ඒවා දැන්  සක්‍රියයි.” සන්නිවේදන අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පැවසීය.

ඊයේ(8), රට පුරා "Gen Z"සංවිධානය කළ විරෝධතාවලට දහස් ගණනක් තරුණ නේපාල ජාතිකයින් එක් වූ අතර, එම විරෝධතා සමාජ මාධ්‍ය තහනම මගින් අවුලුවන ලද නමුත් දූෂණය මැඩපැවැත්වීමට සහ ආර්ථික අවස්ථා ඉහළ නැංවීමට රජය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව නේපාල සමාජය තුළ තිබෙන පුළුල් කලකිරීමක් ද පිළිබිඹු විය.

“අපි නේපාලයේ ආයතනිකකරණය කර ඇති දූෂණයට එරෙහිව විරෝධතා දක්වනවා.” අවුරුදු 26 ක් වයසැති ශිෂ්‍යයෙකු වන යුජාන් රාජ්බණ්ඩාරි පැවසීය.

ඊයේ(08) කත්මණ්දු නුවර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදී බාධකයක් බිඳ දමා ගිලන් රථයකට ගිනි තැබූහ. පොලිසිය ජල කාලතුවක්කු, බැටන් පොලු සහ රබර් උණ්ඩ භාවිතා කළ අතර, හමුදාව යොදවා අගනුවර ඇඳිරි නීතිය පනවා තිබුණි. විරෝධතා රට පුරා කුඩා නගරවලට ද ව්‍යාප්ත වූ අතර, එහිදී  කත්මණ්දු  නුවර පැවැති ගැටුම් වලට සමාන ගැටුම් පොලිසිය සමඟ ඇති  කරගන්නා බවද දක්නට ලැබුණි.


නේපාල ආරක්ෂක අංශ සජීවී පතොරම් භාවිතා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතාකරුවන් කිහිප දෙනෙකු මිය ගොස් බරපතල තුවාල ලැබූ බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පැවසීය. විරෝධතාවලදී පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බවත්, සිය ගණනක් තුවාල ලබා ඇති බවත් පොලිසිය තහවුරු කළේය.

“විවිධ ආත්මාර්ථකාමී මධ්‍යස්ථානවලින් පටන් ගත් ආක්‍රමණය” හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමන් කණගාටු වන බව අගමැති කේ.පී. ෂර්මා ඔලි පැවසීය. විරෝධතාකරුවන් ඝාතනය කිරීම හේතුවෙන් ඔහුගේ රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ(08) රාත්‍රියේ ඉල්ලා අස්විය.

ප්‍රචණ්ඩත්වය විමර්ශනය කිරීම සඳහා රජය කමිටුවක් පිහිටුවා ඇති අතර මියගිය අයගේ පවුල් සඳහා සහන සැලසීමට සහ තුවාල ලැබූ ජනතාවට නොමිලේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් පැවසීය.

සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමෙන් පසුව පවා, දූෂණ විරෝධී විරෝධතා ඊයේ(08) රාත්‍රිය සහ අද(09) උදෑසන දක්වා පැවතුනි. විරෝධතාකරුවන් "දූෂණයට එරෙහි තරුණයින්" වැනි සටන් පාඨ සහිත පුවරු අත දරා සිටි බව වාර්තාකරුවෝ පවසති.

ඉක්ෂාමා තුම්රොක් නම් 20 හැවිරිදි ශිෂ්‍යාව පැවසුවේ රජයේ "අධිකාරීවාදී ආකල්පයට" එරෙහිව තමන් විරෝධතා දක්වන බවයි, සමාජ මාධ්‍ය තහනම රජය දැඩි උද්දච්ඡ කමකින් කටයුතු කරන්වාය යන්නට එක් උදාහරණයක් පමණක් යැයි පැවසුවේය.

නේපාල රජය පසුගිය මාසයේ ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය සමාගම්වලට සම්බන්ධතා ස්ථානයක් ස්ථාපිත කිරීම සහ සමාජ මාධ්‍ය ජාලා වල ලියාපදිංචිවූවන්ගේ  දුක්ගැනවිලි සහ වෙනත් කටයුතු සඳහා නිලධාරීන් නම් කිරීම ඇතුළුව නව රෙගුලාසි යටතේ ලියාපදිංචි වීමට දින හතක කාලයක් ලබා දෙන බවයි.

මෙටා හි ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප්, ඇල්ෆබෙට් හි යූ ටියුබ්, චීනයේ ටෙන්සෙන්ට් සහ ස්නැප්චැට්, පින්ටරෙස්ට් සහ එක්ස් යන සියල්ලන්ටම නියමිත කාලය මග හැරුණු අතර පසුව ඒවා අවහිර කරන ලැබුවේය.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ව්‍යාජ හැඳුනුම්පත් සාදා ඒවා මෙම වේදිකාවල වෛරී කතා සහ ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීමට, වංචා සහ වෙනත් අපරාධ කිරීමට භාවිතා කරන බව නේපාල රජය පවසනු ලැබීය.

ජූලි මාසයේදී ටෙලිග්‍රෑම් පණිවිඩ යෙදුම ඇතුළුව ජනප්‍රිය මාර්ගගත වේදිකා මීට පෙර අවහිර කර තිබුණි. නේපාල රෙගුලාසිවලට අනුකූල වීමට TikTok එකඟ වීමෙන් පසු, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රජය TikTok වෙත ප්නවා තිබූ මාස නවයක තහනම ඉවත් කළේය.


සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.