News Category
From Date
To Date
Maximum Number of Result

ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 3ක ණය ගන්නවා... ජනාධිපති ජපානයේදී කියයි

Sep 29, 2025 at 07:16 AM
|

ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 3ක ණය ගැනීමට අපේක්ෂා කරන බවත්  මේ වන විටත් බිලියන 3000ක් ණය ගැනීමට විසර්ජන පනත ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


නව ආණ්ඩුවේ ආදායම් උපාය මාර්ගය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ආණ්ඩුවේ ආදායම් පියවා ගන්නේ ව්‍යාපාර වලින් නොවන බවයි. ඒ වෙනුවට, ආණ්ඩුව කළ යුත්තේ එළියේ ලොකු ආර්ථිකයක් සකස් කිරීම බවත්, එම බාහිර ආර්ථිකය ගොඩනැගීමෙන් සාධාරණ බද්දක් ආණ්ඩුවට ලැබෙන බවත්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ටෝකියෝ හි Reiyukai ශාලාවේදී එක් වෙමිනි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සියලු දෙනා අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් අද රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.


රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


එමෙන්ම එළියේ ගොඩනැඟෙන ආර්ථිකය තුළ, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.

ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසද මෙහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ඔවුන් විසින් මතු කළ අදහස් සහ ගැටලුද සාකච්ඡාවට ලක් කෙරිණි.


ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.


ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය සඳහා ඔබ විවිධ අයුරින් සහාය ලබා දුන්නා. ඔබ සැප්තැම්බර් 21 වනදා සිදු වූ එම දේශපාලන හැරවුමේ පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වුණා. දැන් අපි බලයට පැමිණ වසරක් ගත වී තිබෙනවා. පසුගිය වසර පිළිබඳ මැනිය යුත්තේ කුමන නිර්නායකය මතද? පසුගිය වසර හොඳද, නරකද කියා මැනිය යුත්තේ අපි එදා ආණ්ඩුව පිහිටුවීමේදී ජනතාව තුළ තිබු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මතයි. එසේ නොමැතිව බලය පිහිටුවන විට වෙනත් අපේක්ෂාවන් තිබු අයගේ අදහස් මත නොවෙයි. එදා ඔබ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඇති කිරීමට සහාය ලබා දුන්නේ කුමන අරමුණකින්ද?


විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් වන ඔබ වගේම ලංකාවේ ජීවත්වන අපේ ආණ්ඩුව හැදීමට දායකත්වය සැපයු කිසිවෙක් තමන්ට පෞද්ගලික යමක් උපයා ගැනීමට, වරප්‍රසාදයක් ලබා ගැනීමට හෝ පෞද්ගලිකව දෙයක් ලබා ගැනීමේ අරමුණකින් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔබ හැමදෙනාම දායකත්වය ලබා දුන්නේ පෞද්ගලික උවමනාවන් ඉක්මවා ගොස් රටක් ලෙස, ජාතියක් ලෙස අපි කුමක්ද කළ යුත්තේ කියන අභිලාෂය මත පමණයි. පැවති ගමන් මග වෙනුවට නව ගමන් මගක් ඇති කර ගැනීමේ අරමුණින් ඔබ කටයුතු කළා.

පළමු කරුණ ලෙස බිඳ වැටී තිබු ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව ඔබට තිබුණා. අද අපි සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. නමුත් අපිට තව දිගු ගමනක් යාමට තිබෙනවා.


ඒ වගේම ඔබ නීතියේ විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කළා. අපි දකිනවා දියුණු වූ සෑම රටකම තිබෙන සාධකය වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීමයි. නීතිමය සංකල්පය ගත්තද නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. නමුත් අපේ සංකල්පය වුණේ නීතියට ළඟා විය හැකි අය ඉන්නවා, ළඟා විය නොහැකි අය ඉන්නවා කියන එකයි. බලය, ධනය විසින් මෙය නිර්මාණය කර ගෙන තිබෙනවා. හැබැයි අද නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් අපේ ලංකාවේ ජිවත් වෙන්නේ නැහැ. ඒ හැම දෙනා වෙතම නීතියට ළඟා විය හැකියි.

රට ගොඩනැගීමේදී ආර්ථිකයේ ස්ථාවරභාවය, නීතියේ විධානයේ ආධිපත්‍ය ඇති කිරීම සහ වංචා දුෂණ අවම කිරිම සහ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. අද ලංකාවේ වසර 76කට පසු දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සොරකම් නොකරන සහ නාස්ති නොකරන ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. හැබැයි තවදුර යන්න තිබෙනවා. මොකද රාජ්‍ය යාන්ත්‍රණයත් මේ පරණ පුරුදුවලින් ගලවාගත යුතුයි. එය වෙනස් කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික පියවර අපි තබා තිබෙනවා.


ඒ වගේම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම ඉතා වැදගත් වෙනවා. ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලා වී ජීවත් වෙන්න බැහැ. අපි ආර්ථිකයෙන්, තාක්ෂණයෙන්, වෙළෙඳපොළෙන් එකට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ජාතික සීමාවන් තිබුණට තවදුරටත් ආර්ථිකයේ ජාතික සීමාවන් නැහැ. වෙළෙඳපොළේ ජාතික සීමාවන් නැහැ. ඒවා සියල්ල අභිබවා ගොස් තිබෙනවා. ඒ නිසා රාජ්‍යයක් ඉදිරියට යාම සඳහා ශක්තිමත්, ස්ථාවර, පැහැදිළි විදෙස් සබඳතා අවශ්‍යයි. මම හිතනවා පසුගිය වසර තුළ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තබා ගත යුතු සමබරතාවය ආරක්ෂා කර ගැනීමට සමත්වී තිබෙනවා. මෙම මූලික කරුණු ස්ථාපිත කර නොගෙන රට ගොඩනගන්න බැහැ.


ඒ වගේම අපේ රටේ විවිධ ජන කණ්ඩායම් සහ ආගමිකයන් ජීවත් වෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතින් තිබෙනවා. ඒ නිසා අපේ රට ජනතාවගේ විවිධත්වයකින් පිරිණු රටක්. අපේ රට ඉදිරියට ගෙන යාමට මෙම ජනතාව අතර සමගිය නිර්මාණය කළ යුතුයි. හැබැයි දිගු කාලයක් පුරා දේශපාලන පොරය නිසාම මෙම ජනතාව අතර විවිධ ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම් ඇති කරමින් එකිනෙකා දුරස් කරනු ලැබුවා.


භූ දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟී තිබුණේ එවැනි ජාතිවාදී මූලාශ්‍රයන් සහ මතවාද සමගයි. ඒ නිසා ගැටුම් සහිත රටකට එකිනෙකා අතර බේදය, වෛර වැපිරූ රටකට ඉදිරියට යන්න බැහැ. එසේනම් අපේ රටේ සංස්කෘතික විවිධත්වයන්, භාෂාමය වෙනස්කම්, ආගමික වෙනස්කම් අවබෝධ කරගත් එකඟතා සහිත රාජ්‍යයක් ගොඩනැඟිය යුතුයි. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසර තමයි මේ ගතවූ වසර. හැබැයි තව දුර යා යුතුයි.


අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදන්න නම් ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. නමුත් අපේ රට අත්තිවාරම බිඳුණු රටක්. අද අපි එම අත්තිවාරම දමා තිබෙනවා. ගත වූ වසර කියන්නේ අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමු වසරයි. දැන් අපි මේ අත්තිවාරම මත ගොඩනැගිලි ඉදිකිරීමට පටන් ගන්න ඕනෑ. මේ අත්තිවාරම මත රට ගොඩනගන විට ආණ්ඩුවට අභියෝගයන් තිබෙනවා. රටට අභියෝගයක් තිබෙනවා. ඒ වගේම ජනතාවට අභියෝගයක් තිබෙනවා. එය අපි අවබෝධ කරගත යුතුයි. ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය වන්නේ ආදායම් උපයා ගැනීමයි. රට හමුවේ තිබෙන අභියෝගය වන්නේ භාණ්ඩ හා සේවා ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගැනීමයි. ඒ වගේම ජනතාවට තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කර ගනිමින් නිදහසේ ජීවත්විය හැකි පසුබිමක් අවශ්‍යයි.


ඒ නිසා ආණ්ඩුව ආදායම් උපයා ගත යුතුයි. ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද අදායමට වඩා වැඩි ආදායමක් මේ වසරේ උපයා ගැනීමට අප සමත් වී තිබෙනවා. ආණ්ඩුව ආදායම් උපයාගත යුත්තේ ව්‍යාපාරවලින් නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ එළියේ ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ එම එළියේ ආර්ථිකය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය සහාය සහ යටිතල පහසකම් සංවර්ධනය කිරීමයි.


එළියේ ආර්ථිකය විශාල වීමත් සමඟ බදු ප්‍රතිශත අඩු වී ජනතාවට සහන හිමි වෙනවා. ඒ අනුව මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ අයුරින් අපිට ආර්ථික සැලසුම් තිබෙනවා. ඒ සඳහා එළියේ විශාල ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි


එහිදී අපි සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08කට ආර්ථිකයකට යාමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කර දීම ආණ්ඩුව සිදු කරනවා. ඒ වගේම ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම එහිදි වැදගත් වෙනවා. දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළ වෙනවා.

ඒ වගේම රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙනවා. රජය වැඩිපුර ආයෝජන සිදු කළයුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදි යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශයයි. රජය සතුව විශාල තේ වතු ප්‍රමාණයක් තිබෙනවා. නම තිබුණට එම භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැහැ. ඒ නිසා අපේ වටිනාම සම්පත වූ භූමිය ඉතා හොදින් කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා අපි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙනවා ඵලදායීතාවක් නැති සියලු ඉඩම් ලබා දෙන්න කියලා. අපි ඔබට ආරාධනා කරනවා ඒවායේ ආයෝජනය කරන්න එන්න කියලා. අපේ කාර්යය වන්නේ ඔබට ආර්ථික අවස්ථාවන් සකස් කර දීමයි.

ඒ වගේම රැකියා උත්පාදනය වන ආර්ථිකයක් ගොඩනඟා දීම ආණ්ඩුවක වගකීමක්. අද අපි එම වගකීම ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අපි වසර කිහිපයක් වෙහෙසුනහොත් අපේ රටේ ආර්ථික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්භාවයෙන් අපිට ගොඩ ඒමට හැකියාව තිබෙනවා.


ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රධාන කොටසක් ලෙස ඩිජිටල්කරණය අපි හඳුනාගෙන තිබෙනවා. ලබන වසර වන විට රජයත් සමඟ සිදු කරන සියලු ගනුදෙනු Online මගින් ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. ඒ වගේම ටෙන්ඩර්, රේගු කටයුතු මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කරනවා. අපිට එය සාර්ථක කරගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.


අපේ රටේ නීති හදපු අයම එම නීතිවලට පටහැණිව කටයුතු කර තිබෙනවා. නීතිය තිබුණත් එය ක්‍රියාත්මක නොවන බව ඔවුන් දන්නවා. මින් ඉදිරියට අපේ පියවර වන්නේ නීතිය පමණක් ප්‍රමාණවත් නැහැ, එය ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතුයි. දැන් එය ඔප්පු වෙමින් තිබෙනවා. අද පක්ෂ 40ක් එක කාමරයට එකතු වෙන්න තරම් එය ඔප්පු වී තිබෙනවා. අපේ රටේ පුරවැසියා තුළ නීතියට බියක් ඇති විය යුතුයි. අපි එම සංස්කෘතිය ඇති කරනවා.


ඒ වගේම අපි ජාතික ප්‍රශ්නය අවසන් කළ යුතුයි. අපේ ප්‍රවේශය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර යළි කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවන අන්දමින් රට පාලනය කිරීමයි. උතුරේ ජනතාව විශාල ලෙස යුද්ධයෙන් බැට කෑවා. යළි යුද්ධයක් ඇති නොවන අන්දමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙනවා. ඒ වගේම උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය, නීතිමය රැකවරණය ලබා දී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සම අයිතින් තිබෙන රටක් ගොඩනගනවා.


ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුරින් අපේ දරුවන් බේරා ගැනීමට අපි කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ එකට බැඳී තිබෙන්නේ. අද අපි මේවා පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධවලින් යුත් මේ යටිබිම්ගත රාජ්‍යය වසා දැමීමට අපි තීරණය කර තිබෙනවා.


ඒ වගේම මේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ගලා යා යුතුයි. අපි ඉහළින් කෙතරම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද ජනතාවගේ ජන ජීවිතය වෙනස් වන්නේ නැත්නම් ඵලක් වෙන්නේ නැහැ. ජන ජිවිතය හැමදාම අස්වැසුමට සීමා කරන්න බැහැ. ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකර දිය යුතුයි. ඒ නිසා කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය අපි නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම ආර්ථිකය ගමට ප්‍රසාරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.


පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපේ රටේ ජනතාව අලුත් වෙනසක්, අලුත් ගමනක් ප්‍රාර්ථනා කළා නම් ඒ අලුත් වෙනස සහ අලුත් ගමන වෙනුවෙන් අපි වෙහෙස වී වැඩ කරමින් සිටිනවා. ඒ ගමනට ඔබේ දායකත්වයත් අපි අපේක්ෂා කරනවා. අපිට ඔබෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. රටට ආයෝජන රැගෙන එන්න. ඒ වගේම ඔබ විදේශයන්හි සේවය කර ලබා ගත් ඒ අත්දැක්ම් අපේ රටට අරන් එන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සකස් කර දෙන්නම්. ඒ අනුව රට ගොඩනැගීමේ ගමනේ කොටස්කරුවන් බවට පත් වීමට ඔබට හැකියාව තිබෙනවා.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.
වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය අද (24) වාර්තා කර ඇත.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.
ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.