සුදුසුකම් නැති සමාගමකට ගල්අඟුරු ටෙන්ඩරය දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපිලා - පුබුදු ජයගොඩ..
මෙරට විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය.
විදුලි ජනනයට අදාළ ගල්අඟුරු සැපැයීමේ ටෙන්ඩරය ඉකුත් 15දා විවෘත කළ බවත් අවම ලංසුව ඉදිරිපත් කර තිබූ දූෂණ රැසක් එල්ල වී තිබූ සමාගමට ටෙන්ඩරය හිමිවූ බවත් පොළොන්නරුව, බැඳිවැව ප්‍රජා හෝටල් ශාලාවේ 28 දා පැවැති සම්මන්ත්‍රණයකදී පුබුදු ජයගොඩ මහතා පැවැසීය. මෙහි ප්‍රශ්න ගණනාවක් උද්ගත වී ඇති බවත් එම ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාදැයි සැකයක් මතුවන බවත් හෙතෙම කීය. එහිදී වැඩිදුරටත් ජයගොඩ මහතා මෙසේද කීය.
මේ මගේ අතේ තිබෙන 2021 දී ලංකා ගල්අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල්අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල්අඟුරු අවම වශයෙන් මෙටි්‍රක් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල්අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙටි්‍රක් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙටි්‍රක් ටොන් මිලියන 1 සිට මෙටි්‍රක් ටොන් 100,000 දක්වා 90% කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි. අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙටි්‍රක් ටොන් 30,000 ක් සැපැයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.
පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශීය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලනඥයන්, ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලනඥයන්ට පමණයි. දැන් දේශපාලනඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය මස් කර විකුණන පනතට එරෙහිව සේවකයන් අරගල කරන විට විදුලිබල සැපැයුම් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් වෙනදා මාර්තු මාසයේදී කැඳවන ගල්අඟුරු ආනයන ටෙන්ඩරය ජූලි මාසය දක්වා ප්‍රමාද වෙනකොට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කියලා මතක් වුණේ නෑ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සමාගමක් සතු අවම ගල්අඟුරු ආරක්ෂණ සංචිත ප්‍රමාණය 90% කින් පහත දමනවිට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බව මතක් වුණේ නෑ. සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් ජාතික විදුලිබල සැපැයුමට දායකවූ වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරන තීරණ ගන්නා විටත් ඒ අත්‍යවශ්‍ය බව මතක් වුණේ නෑ. ජනතාවට දරා ගන්න බැරි ලෙස දිගින් දිගටම විදුලි ගාස්තු අසීමාන්තිකව ඉහළ නංවන විටත් එය ජන ජීවිත පවත්වාගෙන යෑමේදී අත්‍යවශ්‍ය සේවාවක් බව අමතක වෙනවා. මේ ආණ්ඩුව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන් ද කියලා සිතා ගන්න මේ ටෙන්ඩර් හුටපටය පමණක් වුණත් ප්‍රමාණවත්.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..