News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය කතාව මෙහි දැක්වෙයි.

චීනය සෑම විටම හමුදා නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් විචක්ෂණශීලී සහ වගකිවයුතු ආකල්පයකින් කටයුතු කර ඇති බවත් ඩ්‍රෝන යානා ඇතුළු ද්විත්ව භාවිත අයිතම අපනයනය දැඩි ලෙස පාලනය කරන බවත් ඊයේ(06) පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී චීන නියෝජිතයා පැවසීය.

බන්දුල ගුණවර්ධනගේ ගොබ්බ ආර්ථික මධ්‍යස්ථාන න්‍යාය මගින් සිදුකළේ වෙළෙන්දන් පිරිසකට ආර්ථික මධ්‍යස්ථානයේ බලය ලබාදීම බවත්, එහෙත් ආර්ථික මධයස්ථානයක බලය හිමිවිය යුත්තේ වෙළෙන්දන්ට, තැරැව්කරුවන්ට නොව ගොවීන්ට බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය ගැන සහ හමුදාව ගැන දෙමළ ජනතාව සිටියේ සැකයෙන් බවට වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයක වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් එංගලන්තයේ දී පැවසූ කතාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසන්නේ කොටි ත්‍රස්තවාදය මෙහෙයවූ ත්‍රස්තයන් සියල්ලන්ම දෙමළ ජාතිකයන් බව ඇය අමතක කර දමා ඇති බවයි.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

"ගුණදාස අමෙස්කර ප්‍රත්‍යවලෝකනය" 2025 නොවැම්බර් 13 දා සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි රූබි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රුසියානු හමුදා විසින් වට කර ඇති කුපියන්ස්ක් සහ ක්‍රස්නෝආර්මේස්ක් නගරවල බරපතල පරාජයක් සම්බන්ධයෙන් යුක්රේන අණ දෙන නිලධාරීන් චකිත වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.


දේශීය පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුර පොරවාගෙන යාමට නීතිමය ඉඩක් සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත.

උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීම වත්මන් ආණ්ඩුවට කිසිදා මකා දැමිය නොහැකි ඉතිහාසගත කළු පැල්ලමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක ප්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.