News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා හෝමාගම මූලික රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

චීනය යනු ශ්‍රී ලංකාවට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක් බවත් නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්කම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු අවස්ථාවන් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය ජනගත කිරීම සඳහා කොළඹ 7 නිදහස් චතුරසුයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී මේ වන විට සියලු කටයුතු සූදානම්කර තිබේ.

රුසියානු, චීන සහ ඉරාන නාවික හමුදාවන්ට අයත් යුද නාවික යාත්‍රා අද සිට අරාබි මුහුදේ ඕමාන් බොක්කෙහි චා බහාර් වරායේ සිට මෙහෙයුම් කරනු ලබන ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ.

'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය ජනගත කිරීම අද (මාර්තු 12) සවස 3.15 ට කොළඹ 7 නිදහස් චතුරසුයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

මාලිමාවේ මහලේකම්වරයාගේ පුත්‍රයා වන චතුරංග අබේසිංහ රූපවාහිනී සංවාදයක දී මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු වැරදි බව පිළිගෙන තිබේ.

මහ බැංකුව විසින් සිදුකරගන්නා ලද අධික වැටුප් වැඩිකර ගැනීම අහෝසි කිරීමටත්, අනාගතයේදී මෙවැනි අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම් සිදුවීම වැලැක්වීමටත් මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේ ඇති තවත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවත්, මහ බැංකුව වැඩ කරන්නේ හිතූ හිතූ ආකාරයට බවත් සිවිල් ක්‍රියාකාරීන් පවසයි.


දේශීය පුවත්

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

කැනඩාවේ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත කැනඩාවේ අධිකරණයේදී පරාජය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන සම්මන්ත්‍රණයක්

104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA ) නමින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2025 මාර්තු 27 වන දින තීන්දු කරනු ලැබීය.

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.

උපකාර පන්ති ගුරුවරියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වේ.

ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නැගුවා - ඉන්දික අනුරුද්ධ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය.

මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.

තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

දළදා මාලිගාවට ගැසූ අය ඊට සමාව ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳ ක්‍රියාවක් - රනිල් වික්‍රමසිංහ

ලබන 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම ආණ්ඩුව ජයග්‍රහණය නොකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.