ෆෙඩරල් ක්‍රමය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කරන්න.. - තමිල්නාඩු මහ ඇමැතිගෙන් අගමැති මෝදිට ලිපියක්
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති රාමුවෙන්ද ඉස්මතු වන්නේ තවදුරටත් ඒකීය රාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙන යෑමක් බවද තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මතය වී ඇත.
දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවට එල්ල වන “බරපතළ අවදානම්” තත්ත්වයන් ඉස්මතු කරමින් මහ ඇමතිවරයා මෙම ලිපිය අගමැතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
එම ලිපිය මඟින් ඔහු පෙන්වාදී ඇත්තේ මෙරට දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සැබැවින්ම විසඳන ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් විය යුතු බවය.
සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පළාත්වලට බලය බෙදී යන ෆෙඩරල් ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බලපෑම් එල්ල කළ යුතු බවද ස්ටාලින් මහතා යොමු කල ලිපියේ සඳහන්ව ඇති බව පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..