දොස්තරවරු අද සිට රට පුරා අඛණ්ඩ විරෝධතා
වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දෙනුලැබූ බවත්, ඒ සඳහා අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එනිසා අද සිට රට පුරා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
අදාළ නිවේදනය පහළින්...
මාධ්‍ය නිවේදනය
නොවැම්බර් 2 ආරම්භ වන පලාත් මට්ටමෙන් ක්‍රියාත්මක විරෝධතා දින සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාවේ තීන්දු තිරණ මාධ්‍ය වෙත දැනුම් දීම.
ඛේදවාචකයකින් නිමා වීමට නියමිත සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අප විසින් දිගින් දිගටම අවධාරණය කරන ලදී.
ඒ සඳහා වන අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැත.
ඒ අනුව මේ පිළිබඳ පසුගිය ඔක්තෝබර් 25 වන දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තුලදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ආරම්භ වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් ද මේ වන විටත් අප විසින් ප්‍රකාශයට පත් කර ඇත. (ඇමුණුම 1 – අදාල කරුණු අන්තර්ගත 2023.10.25 දිනැති මාධ්‍ය නිවේදනය)
එදින මධ්‍යම කාරක සභාව විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවශ්‍ය පරිදි තවදුරටත් තිව්‍ර කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය සංගමයේ විධායක සභාව වෙත පවරන ලදී.
ඒ අනුව පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ විධායක සභාවේ නිරීක්ෂණ ද පදනම් කරගනිමින් අද දින රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව පහත තීන්දු තීරණ වලට ඒකමතිකව එලඹෙන ලදී.
ඔක්තෝබර් 25 දින ප්‍රකාශයට පත් කරන ලද සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොවෙනස්ව සහ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලදී.
හෙට දිනෙන් (නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා) ආරම්භ වන පළාත් මට්ටමින් ක්‍රියාත්මක පැය 24ක සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් ද ඇතුලත් විරෝධතා දින වැටසටහන සඳහා මධ්‍යම කාරක සභාවේ පූර්ණ සහ ඒකමතික අනුමැතිය පල විය.
සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගය සෑම දිනකම උදෑසන 8.00 සිට ආරම්භ වී පැය 24 ක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.
වැඩවර්ජන කාලය අතරතුර සියලුම හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කර ඇත.
එමෙන්ම අදාල පළාත තුල ඇති සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක සහ මානසික රෝග ප්‍රතිකාර රෝහල් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගි කර නොගැනෙනු ඇත.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා රෝගී ජනතාවට වන අපහසුතාවය පිළිබඳ පූර්ණ වගකීම මේ වන විටත් ගැටලු සම්බන්ධයෙන් නිද්‍රාශීලි පිලිවෙතක් අනුගමනය කරන බලධාරීන් විසින් භාරගත යුතු බව අවධාරණය කරමු.
සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව අදාල දිනය තුල නියමිත පලාත තුල විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව පලාත තුල අදාල දිනයේදි විරෝධතා වැඩසටහන්, ජනතාව දැනුවත් කිරීම හරහා ඒ අයගේ සහයෝගය ප්‍රකාශයට පත් කිරීම සහ මාධ්‍ය සාකච්ඡා හරහා පලාත් මට්ටමින් පවතින වර්තමාන ඛේදජනක තත්ත්වය හෙලිදරව් කිරීම සිදු වනු ඇත.
මේ සියලු සංකේතාත්මක ක්‍රියාමාර්ග හමුවේද බලධාරීන් තම සුපුරුදු අකාර්යක්ෂම සහ නිද්‍රාශිලි ප්‍රතිපත්තිය අනුගමනය කරනුයේ නම් ඊට සරිලන දීපව්‍යාප්ත සහ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් වෙත ඉදිරි සති 2 ක කාල සීමාවෙන් ඔබ්බට එළඹිමට මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.
බලධාරීන් ඉදිරි දින කිහිපය තුලදි දක්වන සාධනිය ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ප්‍රකාශිත වැඩවර්ජන ක්‍රියාමාර්ග සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමේ බලය ද අද දින මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත පවරන ලදී.
විසදුම් ප්‍රමාද වීම හරහා දිනෙන් දින බිඳ වැටෙන සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමටත්, රෝගී ජනතාවගේ ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දීමටත් පාලකයින් මේ දක්වා පෙන්නුම් කර ඇති අසමත්භාවයට දැඩි විරෝධය පල කරන අතර වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කරමින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ ඛේදවාචකය වලක්වා ගැනීමේ අවසන් අවස්ථාව මඟ නොහරින ලෙස බලධාරීන් වෙත අවධාරණය කරමු.
වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.
පළමු දිනය 2023.11.02 බ්‍රහස්පතින්දා ඌව
දෙවන දිනය 2023.11.03 සිකුරාදා උතුර
තෙවන දිනය 2023.11.06 සදුදා වයඹ
සිව්වන දිනය 2023.11.07 අඟහරුවාදා සබරගමුව
පස්වන දිනය 2023.11.08 බදාදා මධ්‍යම සහ නැගෙනහිර
සයවන දිනය 2023.11.09 බ්‍රහස්පතින්දා දකුණ සහ උතුරු මැද
හත්වන දිනය 2023.11.10 සිකුරාදා බස්නාහිර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..