News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණය අතුරුදන් කිරීමට ආණ්ඩුව ගහන ගේම් එක විමල් හෙළිකරයි (වීඩියෝ)

Nov 1, 2023 at 06:36 AM
|

ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ඡන්ද ක්‍රමයක් පෙන්වා, ‘විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අගමැති මූලික කරගත් ක්‍රමයකට යමු!” යන මතයට සියලු පක්ෂ එකඟ කරවා ගෙන, ඊට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් සහ එම මතය ජනමතවිචාරණයකින් ජයග්‍රහණය කරවා, අවසානයේ ජනාධිපතිවරණය අතුරුදහන් කරවා, 2025 අග එන මහ මැතිවරණය තෙක් තම විනාශකාරී ගමනේ ඉදිරියට යාම ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කය බවත් එම ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් කළමනාකරණය කරගෙන ඇති බවත් සජබ ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ ඒ සඳහා කළමනාකරණය කරගනිමින් සිටින බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

පෙරේදා (30) රාත්‍රියේ පැවති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ජනාධිපතිවරයා කියනවා, ‘මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. පුළුවන්නම් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමක් කරන්න’ කියලා…

ජනාධිපතිවරයා මොනවා හරි ‘දහම්ගැටයක්’ ගහලා ජනාධිපතිවරණයක් නොපවත්වා, එතැනින් එහාට රටේ අනාගතයක් ගැන නොසිතා යන ගමනක් යෑමටයි සූදානම් වන්නේ. ඒ නිසා කෙටිකාලීන ජනප්‍රිය උත්තර දීලා තමන්ගේ ආසන්න දේශපාලන ඉලක්කය සපුරාගන්න පුළුවන්. අද අපේ රට වැටී තිබෙන්නේ කෙටිකාලීන ‘චූන්පාන්වලින්’ දුවන්න පුළුවන් ගමනකට නෙවෙයි. ‘කෙටිකාලීන චූන්පාන් විකුණාගෙන’ තමයි අපි මේ දේශපාලනය හැමදාම කරලා තිබෙන්නේ. ඒ නිසයි අපට වැරදුණේ. ඒක වහාම නතර කරලා අපි එතැනින්  එළියට එන මාවත තෝරාගන්න ඕනේ. ඒක ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් කෙටිකාලීනවත් මධ්‍යකාලීන හා දිගුකාලීනවත් මේ රට යහපත් තැනකට ගෙනඑන්න නම් එහෙම කරන්න ඕනේ.

දැන් නිදසුනක් ලෙස විදුලි බල අර්බුදය දෙස බලන්න. මේ පාලකයන්ට තිබෙන එකම සහ අවසාන උත්තරය බවට පත්වෙලා තිබෙන්නේ විදුලි බිල ඉහළ නැංවීමයි. එමගින් කර්මාන්තකරුවා හතරගාතෙන් වැටෙන එකවත් සාමාන්‍ය පාරිභෝගිකයාට ඇති වන පීඩනය, ඒ කියන්නේ කන්න, බොන්න තිබෙන මුදලින් විදුලි බිල ගෙව්වාම හාමතේ මැරෙන්න වෙන එකවත් ගැන මේ පාලකයන්ට කිසිදු වගවිභාගයක් නැහැ. ඒකෙන් පෙනෙනවා, එයාලගේ උත්තරේ කියන්නේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන යන එකක් එකක් මිස පවතින අර්බුදයෙන් එළියට ගන්න එකක් නොවෙයි, කියා. අපි හිතනවා, ‘මේ නාස්තිකාර ගමනින් මේ රටට මේ ඉරණමෙන් ගැලවෙන්න බැහැ. රටේ පොදු ජනතාව ගැඹුරින් කල්පනා කරලා නව දේශපාලන ගමනකට සූදානම් විය යුතුයි’ කියා.

පාලකයන්ගේ සුරතලුන් “නොගෙවූ විදුලි බිල් – නොගෙවූ බදු” රුපියල් බිලියන ගණනක්. ඒවා අය කරගත්තොත් ණය ගන්න ඕනේ නැහැ නේද?

ඔව්! අපි දන්නවා, බැංකුවලට පොලු තියපු ආණ්ඩුවේ සුරතලුන් ඉන්නවා. ඒ අයගෙන් කිසිදු ලෙසකින් ඒ මුදල් අය කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම ආදායම් බදු නොගෙවූ අය විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ ‘ෆයිල්’ හංගලා තිබෙන්නේ. ඒවා නැවත අය කරගන්න විදිහක් බලන්නේ නැහැ. ඒ වගේම විදුලිය පිරිමසන විදියකට මහජනතාව පොළඹවන්නේ නැහැ. ඒ වගේම අඩු පිරිවැය විදුලිය උත්පාදනය ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මේ කිසිවක් නොකර තමයි, ‘සාමාන්‍ය ජනතාවගේ බොටුව මිරිකන – රීරි මාංශය හූරාගෙන කන ප්‍රතිපත්තියක’ මේ ආණ්ඩුව ගමන් කරන්නේ. සොරකම් වැඩිවීම, මන්දපෝෂණය, විරැකියාව ඇතුළු ජීවිතය ගැටගසාගන්න නොහැකිවීම නිසා ඇති වන ගැටලු රැසක් සහිත මහා සමාජ ව්‍යසනයකට අපි ඇද වැටේවි. දැනටමත් අධික පිරිවැය නිසා කර්මාන්ත වැසෙමින් යනවා. ඒ සමග විරැකියාව වැඩි වෙමින් තිබෙනවා.

විදෙස් ආයෝජකයන් ලංකාවට පැමිනේවි ද?

මේ වගේ තත්ත්වයක් එක්ක මොළේ කළඳක් හෝ තිබෙන ආයෝජකයෙකු ලංකාවට පැමිණෙයි, කියා හිතන්න බැහැ. සමහරවිට බදු සහන පැකේජ ලැබෙන විශේෂ ආර්ථික කලාපවලට ඇතැමෙකු පැමිණීමට පුළුවන්. පොදුවේ ගත්තාම මේ රට තිබෙන්නේ ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි තත්ත්වයක නොවෙයි.

ආණ්ඩුව නියත වශයෙන්ම ඉදිරි මාස 10 ඇතුළත කවර හෝ මැතිවරණයකට මුහුණ දිය යුතුයි. ඒ නිසා ඔවුන් මේ තත්ත්වය වෙනස් කරගනියි නේද?

දැන් බලන්න, මේ ආණ්ඩුව දැනටමත් කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ මගින් ආණ්ඩුව පෙන්වන්න හදන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාට පස්සේ ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වන ආකාරයේ ඡන්ද ක්‍රමයක් තමයි අපි ගෙනඑන්නේ’ කියලයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ අයට තිබෙන එක ප්‍රශ්නයක් තමයි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම අනුපාත ක්‍රමයටම නම් පාර්ලිමේන්තු ඡන්දය පවත්වන්නේ එමගින් අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන එක. ආණ්ඩුව දැන් පෙන්වන්න හදන්නේ, ‘පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් අපි ඒකට තමයි මේ විසඳුම ගෙන එන්නේ’ කියලයි.

ඒක කරගත්තොත් ආණ්ඩුව කියයි, ‘දැන් ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ක්‍රමයක් තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අපි අගමැති මූලික කරගත් ක්‍රමයකට යමු.’ කියලා. ඒ මතය සියලු පක්ෂ පිළිගත්තොත් ඒකට තුනෙන් දෙකක බහුතරය ගන්න පුළුවන් වුණොත් ඒ මතයට ජනමත විචාරණයකදී ජයග්‍රහණය කිරීමට පුළුවන් වුණොත් ඒ කියන්නේ ජනාධිපතිවරණයක් නැහැ. එහෙම වුණොත් අපට එන ඊළඟ මැතිවරණය, 2025 අග එන මහ මැතිවරණයයි. අපට පෙනෙන්නේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ ඉලක්කය සපුරාගන්නයි. පොහොට්ටුව දැනටමත් කළමනාකරණය කරගෙන ඇති නිසා, ආණ්ඩුව දැන් බලන්නේ, ‘ඒකට කොහොමද සජබ ඇතුළු විපක්ෂයේ අනෙකුත් බලවේග කළමනාකරණය කරගන්නේ?’ කියලයි. මේක තමයි ආණ්ඩුවේ එකම දේශපාලන අරගලය වී ඇත්තේ.

මේ ආණ්ඩුවට මේ ගැන හිතනවා හැර රටේ ආර්ථිකය ගැන හිතන්න වෙලාවක් නැහැ. ආර්ථිකය පැත්තෙන් යමක් කරනවා නම් ඒ අර මිල්කෝ වගේ අනගි රාජ්‍ය සම්පත් අමූල් වැනි විදේශ සමාගම්වලට විකුණලා කීයක් හරි යටිමඩි ගහගන්න එකයි ඔවුන් කරන්නේ. යළි අවධාරණය කළොත් දැන් ආණ්ඩුවේ ඔළුව ඇතුළේ වැඩ කරන්නේ ඉහත කී ‘දේශපාලන ගේම් එකයි’. ඒක සාර්ථක වුණොත් ජනාධිපතිවරණයක් නැහැ.

හැබැයි ‘පොහොට්ටුවේ සමහර අය’ දැනටමත් ‘මෙවර අයවැයට අපි විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා’ කියමින් යනවා…

මමත් දැක්කා අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා, ‘ජනාධිපතිවරයා දැනගන්න ඕනේ සන්ධානයක් විදියට වැඩ කරනකොට අනෙක් පක්ෂවල අදහස් විමසලා වැඩ කරන්න’ කියලා. නමුත් එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඒ විදියට වැඩ කළා නම් දෙවියනේ අදත් ඒ ආණ්ඩුව තියෙනවානේ. නාමල් රාජපක්ෂගේ කටින් එහෙම කියැවුණු එක දෛවයේ සරදමක්. ඒක ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ පටිසන් දීම නේද? කියා මට සිතුණා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආණ්ඩුව සමග තිබෙන ඇත්ත ප්‍රශ්නය කුමක්ද?

මට නම් පෙනෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තිබෙන්නේ ජාතික ප්‍රශ්නයක් නොවෙයි, මහින්ද අමරවීර ඇමතිවරයාගේ ඇමති පට්ටමට තව කෑල්ලක් එල්ලපු එකේ ප්‍රශ්නයයි. ඒක නාමල් රාජපක්ෂ දකින්නේ ‘දිස්ත්‍රික්කේ මට ඉන්න තරගකරුවකු තවත් ශක්තිමත් කරලා’ කියලානේ. ‘ඒක එහෙම කරපු එක වැරදියි. ජනාධිපතිතුමා අඩුම ගාණේ අපෙන් ඒ ගැන අහන්න තිබුණානේ’ වගේ එකක්නෙ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ කියන්නේ.

අයවැයට කලින් තවත් ඇමති ධුර කිහිපයක් බෙදාදෙන්න හදන බව පෙනෙනවා…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු ගමන් ‘ඇමති දන්සලක්’ අරිනවා. ටික දෙනෙකුට කවනවා. ආයෙත් බඩගිනිකාරයෝ වැඩිවෙනකොට ‘ඇමති දන්සලක්’ අරිනවා. ඒක තමයි එයාගෙ ක්‍රමය.

දයා ගමගේ මහතා කවර ආණ්ඩුව බලයට ආවත් හොඳින් ඉන්නවානේ…

ඒ මහත්තයා තමයි බැංකුවලට වැඩිම හිඟ තියලා තියෙන කෙනා. ඔවුන් තමයි අද මේ ආණ්ඩුවේ සමීපතමයන් වී සිටින්නේ. එහෙම ආණ්ඩුවකින් රටට යහපතක් වේවි කියලා අපට හිතන්න පුළුවන් ද?

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.
මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.
'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.