
රණවිරුවන් පාවා දෙන, "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" වහා හකුළා ගනු! - "සර්වජන බලය" පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" හෙවත් "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත" වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.
මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්වජන බලය විධායක සභිකයෝ පෙන්වා දෙන්නේ, දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල උපාය මාර්ගයක සැලසුම්වලට අනුව සහ බලපෑම්වලට යටත් වී සත්‍ය සෙවීමේ නාමයෙන් ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කරන "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව" පනත් කෙටුම්පතෙහි ආරක්ෂක හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට සහ ඔවුන් අපකීර්තියට පත් කිරීමට මෙන්ම මානසිකව බිඳවැට්ටවීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් බව ය.
එම චෝදනා මත පදනම්ව රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමට සහ විදේශීය රටවලදී නඩු පැවරීමට අදාළ ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත බව සර්වජන බලය නායකත්වය මෙහිදී පෙන්වා දුන්හ.
දේශීයව, අපරාධ නීතිය සහ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත යටතේ නඩු පැවරීමටත් දැනට සේවයේ නියුක්ත නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පැවැත්වීම මගින් දඬුවම් කිරීමටත් ඉහත පනත් කෙටුම්පත සම්මත වුවහොත් අවකාශය නිර්මාණය වන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එපමණක් නොව මෙරට ආරක්ෂක හමුදාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් 2015 දී සම්මත කළ 30/1 යෝජනාවට අනුව මේ වන විට සම්මත කර ඇති නීතිමය රාමු 07 (ඇමුණුම 01 බලන්න) ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අදාළව උපදෙස් ලබාදීම, සහාය ලබාදීම, එකඟතාව ඇතිකර ගැනීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන බලවත් ප‍්‍රතිපාදන ඉහත කී පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව ඇති හෙයින් කෘතගුණ දත් සියලුම ජනතාව මෙම විනාශකාරී පනත් කෙටුම්පත සම්මත වීම වැළැක්වීම සඳහා පෙරට ආ යුතු බව ද සර්වජන බලය නායකත්වය මෙහිදී අවධාරණය කළහ.
මාධ්‍ය අංශය,
සර්වජන බලය
ඇමුණුම 01
එම නීතිමය රාමු 07 සහ ඒවායේ අරමුණු මෙසේ සාරාංශ ලෙස දැක්විය හැක.
1. අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත - 2016:
එම නීතිය මඟින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස ඊනියා අතුරුදහන්වීම් පිළිබඳව ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ දේශීය යාන්ත‍්‍රණය ආරම්භ විය. ඒ මගින් අණදීමේ වගකීමට අදාළව චෝදනා ගොනුකිරීමට ප‍්‍රතිපාදන සැලසුණු අතර ඒ අනුව එම යාන්ත‍්‍රණය එක්තරා ආකාරයක චෝදනා කර්මාන්ත ශාලාවක් බවට පත්විය. නමුත් එවකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික බලවේගවල ප‍්‍රබල ඉල්ලීම පරිදි එම කාර්යාලය තමා යටතට ගැසට් කර ගැනීම මගින් ප‍්‍රායෝගිකව එම ක‍්‍රියාවලියට තිරිංග දමනු ලැබීය. එම හේතුව මත පසුකාලීනව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනුකිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවනු ලැබීය.
2. පිටුවහල් කිරීමේ (සංශෝධන) පනත - 2017:
එම පනත මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව විසින් යෝජනා කළ පරිදි ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා යුද අපරාධ චෝදනාවන්ට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීය. එම සංශෝධනය මගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර පැවති එකඟතාව තවදුරටත් පුළුල් කරනු ලැබීය.
3. වන්දි ගෙවීම පිළිබඳ කාර්යාල පනත - 2018:
එම පනත මගින් යුද අපරාධවලට ගොදුරු වූ බවට සැලකෙන අතුරුදහන් වූවන් ඇතුළු සෙසු වින්දිතයන්ට සහන ලබාදීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන පනවනු ලැබීය.
4. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ අන්තර්ජාතික ප‍්‍රඥප්ති පනත - 2018:
එම නීතිය මඟින් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තරය ප‍්‍රඥප්තියේ අන්තර්ගත ප‍්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කරනු ලැබූ අතර ඊට අමතරව දේශියව යුද අපරාධ මහාධිකරණයක් ද පිහිටුවනු ලැබීය.
5. අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත - 2018:
මෙම නීතිය මඟින් යුද අපරාධ චෝදනාවට ලක් වූ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අදාළ චෝදනා සහ සාක්ෂි විදේශීය රටවල අභිචෝදකයින්ට ලබාදීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බැඳීමක් ඇති වන අතර වැරදිකරුවන්ට අදාළව පැනවෙන දඩුවම් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට බැඳීමක් ඇතිවේ.
6. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත - 2023:
මෙම පනත මගින් 2016 පනත තවදුරටත් ශක්තිමත් වේ. ඒ මගින් අධිකරණයකදී හෝ අනාගතයේදී පිහිටුවන ලබන සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසම වැනි කොමිසකමදී සාක්ෂි ලබාදෙන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ වද බන්ධනයන්ට ලක්වූ බවට පිළිගන්නා පුද්ගලයින්ට විශේෂිත ආරක්ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ඉලෙක්ට්‍රොනික් ශ‍්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍ය මගින් ලබාදීමට නීත්‍යනුකූලව ඉඩ සැලසේ. ඒ අනුව විදේශවල සිටින පුද්ගලයින්ට හරස් ප‍්‍රශ්න ඇසීමට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබේ. නමුත් චෝදනාවලට පාත‍්‍ර වන ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඊට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැක.
7. ජාතික සමගිය සහ සංහිඳියාව කාර්යාල පනත - 2023
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
