News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවන් පාවා දෙන, "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" වහා හකුළා ගනු! - "සර්වජන බලය" පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක

Aug 21, 2024 at 03:36 PM
|

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" හෙවත් "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත" වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්වජන බලය විධායක සභිකයෝ පෙන්වා දෙන්නේ, දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල උපාය මාර්ගයක සැලසුම්වලට අනුව සහ බලපෑම්වලට යටත් වී සත්‍ය සෙවීමේ නාමයෙන් ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කරන "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව" පනත් කෙටුම්පතෙහි ආරක්ෂක හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා  එල්ල කිරීමට සහ ඔවුන් අපකීර්තියට පත් කිරීමට මෙන්ම මානසිකව බිඳවැට්ටවීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් බව ය.

එම චෝදනා මත පදනම්ව රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමට සහ විදේශීය රටවලදී නඩු පැවරීමට අදාළ ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත බව සර්වජන බලය  නායකත්වය මෙහිදී පෙන්වා දුන්හ.

දේශීයව, අපරාධ නීතිය සහ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත යටතේ නඩු පැවරීමටත් දැනට සේවයේ නියුක්ත නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පැවැත්වීම මගින් දඬුවම් කිරීමටත් ඉහත පනත් කෙටුම්පත සම්මත වුවහොත් අවකාශය නිර්මාණය වන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එපමණක් නොව මෙරට ආරක්ෂක හමුදාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් 2015 දී සම්මත කළ 30/1 යෝජනාවට අනුව මේ වන විට සම්මත කර ඇති නීතිමය රාමු 07 (ඇමුණුම 01 බලන්න) ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අදාළව උපදෙස් ලබාදීම, සහාය ලබාදීම, එකඟතාව ඇතිකර ගැනීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන බලවත් ප‍්‍රතිපාදන ඉහත කී පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව ඇති හෙයින් කෘතගුණ දත් සියලුම ජනතාව මෙම විනාශකාරී පනත් කෙටුම්පත  සම්මත වීම වැළැක්වීම සඳහා පෙරට ආ යුතු බව ද සර්වජන බලය නායකත්වය මෙහිදී අවධාරණය කළහ.

මාධ්‍ය අංශය,
සර්වජන බලය

ඇමුණුම 01

එම නීතිමය රාමු 07 සහ ඒවායේ අරමුණු මෙසේ සාරාංශ ලෙස දැක්විය හැක.

1. අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත - 2016:

එම නීතිය මඟින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස ඊනියා අතුරුදහන්වීම් පිළිබඳව ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ දේශීය යාන්ත‍්‍රණය ආරම්භ විය. ඒ මගින් අණදීමේ වගකීමට අදාළව චෝදනා ගොනුකිරීමට ප‍්‍රතිපාදන සැලසුණු අතර ඒ අනුව එම යාන්ත‍්‍රණය එක්තරා ආකාරයක චෝදනා කර්මාන්ත ශාලාවක් බවට පත්විය. නමුත් එවකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික බලවේගවල ප‍්‍රබල ඉල්ලීම පරිදි එම කාර්යාලය තමා යටතට ගැසට් කර ගැනීම මගින් ප‍්‍රායෝගිකව එම ක‍්‍රියාවලියට තිරිංග දමනු ලැබීය. එම හේතුව මත පසුකාලීනව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනුකිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවනු ලැබීය.

2. පිටුවහල් කිරීමේ (සංශෝධන) පනත - 2017:

එම පනත මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව විසින් යෝජනා කළ පරිදි ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා යුද අපරාධ චෝදනාවන්ට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීය. එම සංශෝධනය මගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර පැවති එකඟතාව තවදුරටත් පුළුල් කරනු ලැබීය.

3. වන්දි ගෙවීම පිළිබඳ කාර්යාල පනත - 2018:

එම පනත මගින් යුද අපරාධවලට ගොදුරු වූ බවට සැලකෙන අතුරුදහන් වූවන් ඇතුළු සෙසු වින්දිතයන්ට සහන ලබාදීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන පනවනු ලැබීය.

4. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ අන්තර්ජාතික ප‍්‍රඥප්ති පනත - 2018: 

එම නීතිය මඟින් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තරය ප‍්‍රඥප්තියේ අන්තර්ගත ප‍්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කරනු ලැබූ අතර ඊට අමතරව දේශියව යුද අපරාධ මහාධිකරණයක් ද පිහිටුවනු ලැබීය.

5. අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත - 2018:

මෙම නීතිය මඟින් යුද අපරාධ චෝදනාවට ලක් වූ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අදාළ චෝදනා සහ සාක්ෂි විදේශීය රටවල අභිචෝදකයින්ට ලබාදීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බැඳීමක් ඇති වන අතර වැරදිකරුවන්ට අදාළව පැනවෙන දඩුවම් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට බැඳීමක් ඇතිවේ.

6. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත - 2023:

මෙම පනත මගින් 2016 පනත තවදුරටත් ශක්තිමත් වේ. ඒ මගින් අධිකරණයකදී හෝ අනාගතයේදී පිහිටුවන ලබන සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසම වැනි කොමිසකමදී සාක්ෂි ලබාදෙන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ වද බන්ධනයන්ට ලක්වූ බවට පිළිගන්නා පුද්ගලයින්ට විශේෂිත ආරක්ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ඉලෙක්ට්‍රොනික් ශ‍්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍ය මගින් ලබාදීමට නීත්‍යනුකූලව ඉඩ සැලසේ. ඒ අනුව විදේශවල සිටින පුද්ගලයින්ට හරස් ප‍්‍රශ්න ඇසීමට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබේ. නමුත් චෝදනාවලට පාත‍්‍ර වන ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඊට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැක.

7. ජාතික සමගිය සහ සංහිඳියාව කාර්යාල පනත - 2023

සම්බන්ධිත පුවත් | Related News

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.