ආණ්ඩුව විකුණන ආයතන මිලදී ගන්න ජනතා පොදු සමාගමක් බිහිවෙයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික ‘ජනතා සමාගමක්’ පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (27 දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ බී. – ගොඩනැගිල්ලේ ජැස්මින් ශාලාවේ පැවැත්විණි.
එය නම්කර තිබුනේ Treasure Treasure Republic Guardians ලෙස ය.
උත්සව සභාව අමතමින් මෙහිදී නයෝමා සේනාරත්න මහත්මිය පැවසුවේ අරගලවල ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදුකළ පළමු කතාවේ දීම අලාභ ලබන ආයතන විකුණන බවට සඳහන් කළ බවත්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම එහි පළමු ආයතන බව ප්‍රකාශ කළ බවත්ය.
එම ප්‍රකාශය බොහෝ සෙයින් වැරදි ප්‍රකාශයක් බවද, අවුරුදු 40කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය රටට විශාල සේවයක් කළ බවද ඇය මෙහිදී පැවසුවාය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක් ද ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, නේචර් සීක්රට් සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයන් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු මහා සංඝරත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන් මේ සඳහා ආරාධනා ලැබ තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත