ආණ්ඩුව විකුණන ආයතන මිලදී ගන්න ජනතා පොදු සමාගමක් එයි - කොටසක් රුපියලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික ‘ජනතා සමාගමක්’ පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (27 දා) පැවැත්වීමට නියමිතය.
මෙම ජනතා සමාගම පිහිටුවීමේ පළමු සහ ප්‍රධාන වැඩකොටස් අද (27 දා) සවස 03.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී. – ගොඩනැගිල්ලේ ජැස්මින් ශාලාවේ පැවැත්වීමට නියමිතය.
Treasure Treasure Republic Guardians ලෙස නම් කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුම පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්‍ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක් ද ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්‍ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, නේචර් සීක්‍රට් සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛi ගුණදාස අමරසේකර මහතා, වෛi වසන්ත බණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු මහා සංඝරත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම ජනතා සමාගමක කොටසක මිල රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවකු වීමට අවස්ථාව පවතින බව මෙම කටයුත්ත හා සම්බන්ධ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..