News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති රනිල් හරි දේ කළා... ජනාධිපති එක්ක වැඩකරන්න බැරි නම් පොහොට්ටුවට මැතිවරණයකට යා හැකියි - ලාන්සා කියයි

Oct 26, 2023 at 07:23 PM
|

කැබිනට් සංශෝධනය කරමින් ජනාධිපතිතුමා නිවැරදි දේ සිදු කළ බවත් එතුමා සමග වැඩකිරීමට පොහොට්ටු පාර්ශවයට නොහැකිනම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුන එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශ වලට වැඩ කරන්න පුලුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.

ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවනම් අමාත්‍යධූර සංශෝධනය එහෙම නැතිනම් විෂයන් සංශෝධනය වැරිදි විදියට කරලා තියෙනවා කියලා එතුමට ඒ ගැන අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක්.

ඒ අයට බලය තියෙනවනම් සාගර කාරියවසම් ඇතුළු පිරිසට ඒ දේ පෙන්නන්න පුලුවන්. එක එක ඒවා කිය කිය ඉන්නේ නැතිව දැඩි තීන්දුවක් ගන්න පුලුවන්. විපක්ෂයට ගිහින් ඉදගන්න පුලුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනේ ‍නැතිනම්, එතුමා ජනාධිපතිධූරයේ වැඩ කරද්දි මෙතුමන්ලා‍ එක්ක වැඩ කරන්නේ නැතිනම් සාගර කාරියවසම් මහතාට පුලුවන් මාධ්‍ය වල එක එක ඒවා කියන්නේ නැතිව ජනාධිපතිතුමා හමුවෙලා ජනාධිපතිතුමාගේ මුණට කියලා මේකෙන් අයින් වෙන්න. අපි තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්න.

සාගර කාරියවසම් මහතාට අභියෝග කරනවා පුලුවන්නම් ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොද නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩි කරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දෙ කරන්නේ නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුලුවන්. මාධ්‍ය වල අදහස් දක්වන්නේ නැතිව තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍යධූර කීයක් දුන්නද ? රාජ්‍ය අමාත්‍යධූර කීයක් දුන්නද ? විෂයයන් කීයක් දුන්නද ? ඒ කාලේ අමාත්‍යධූර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ කියලා එතුමට තේරුනේ නැද්ද ? එතුමට දැන් තමා ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් වෙනස් කරලා තියෙනවා. අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එලියට දැම්මා. එදා කතා කලේ නැහැ නාමල් රාජපක්ෂ හෝ සාගර කාරියවසම් . එදා කතා කරන්න තිබුනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා. සම්පුර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුනා. එදා පූස් පැටව් වගේ හිටියේ.

අද කියනවම් කිසිම තනරතුරක් වෙනස් කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා එදත් කියන්න තිබුනා. එදා කිව්වේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් මහත්වරුන්ට බොරු බයිලා කියන්නේ නැතිව, අතීතිය අමතක කරලා කතා කරන්නේ නැතිව පුලුවන්නම් මාත් එක්ක විවාදයකට එන්න. පසුගිය කාලයේ ඇමතිකම් වෙනස්කරපු ඒවා, විෂය වෙනස් කරපු දේවල්, තමන්ට වැඩි බලය ගත්තු හැටි, තමන්ට දෙද්දි කටවහගෙන හිටපු ඒවා ගැන කතා කරන්න.

ඇමති මණ්ඩලය කියන්නේ ශ්‍රීලනිප ද, යුඑන්පී ද කියන එක නෙමේ. ඇමති මණ්ඩලය කියන්නේ සාමුහික ඇමති මණ්ඩලයක්. ඒකේ විෂයයන් ඕනේ කෙනෙකුට ඒහාට මෙහාට යන්න පුලුවන්. ශ්‍රීලනිපය ද පොහොට්ටු ද කියන එක අදාළ නැහැ.

රට හරියට නොකිරීම තුළ තමා මිනිස්සු පෝලීම් වලට ආවේ. විදුලිය නැතිව මිනිස්සු හිටියා. ‍ගෑස් පොලිම්, බෙහෙත් ටික නැතිව හිටියා. ඉතින් එහෙම තිබුණු ආණ්ඩුවක් තමා මිනිස්සු එලියට ඇවිල්ලා පෙරලලා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරයට පත්වෙන්න අවස්ථාවක් ආවේ. නාමල් රාජපක්ෂලා ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. පොහොට්ටුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. ‍පොහොට්ටු ආණ්ඩුව හරියට නොකිරීම තුළින් සිදුවුන දෙයක්. අපිත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. අපි අවුරුදු 30 ක් ගොඩනගාගත්ත දේශපාලනය විනාශ වුනා. ආණ්ඩුව හරියට නොකිරීම තුළ. එතුමන්ලා තමා එදා නා‍යකයෝ. එතුමන්ලා තමා කැබිනට් අමාත්‍යවරු. එදා ජනතාවට සහන දුන්නනම් කබලෙන් ලිපට වැටිලා ජනතාව මහපාරේ ලක්ෂ ගානක් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා එලවන්නේ නැහැ අපේ ආණ්ඩුව. ඒක අද අමතක වෙලා නාමල් රාපක්ෂ මැතිතුමාට. ජනාධිපතිතුමා භාර අරන් තියෙන්නේ බංකොලොත් වුන ආණ්ඩුවක්. මේ ආර්ථිකය තුළ නාමල් රාජපක්ෂ කියනවා වගේ සහන දෙන්න විදියක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපට උදව් කරලා ඒ අය නිර්නායක දීලා තියෙනවා. ආණ්ඩුව මේ විදියට ගියොත්, ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට අරන් ගියොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියලා.

කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමතියි. හැබැයි නාමල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යධූරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතාට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ.

එතුමලට තීන්දු කරලා කැමති දෙයක් කරන්න පුලුවන්. ඉදිරියේ අයවැය එනවා. අය වැයට විරුද්ධව පුලුවන්නම් ජන්දය දීලා එලියට යන්න. ඊලග පාර්ලිමේන්තු මැතිවරණයට මුහුන දෙන්න යන්න පුලුවන්. මිනිස්සු එදාට උත්තරය දෙයි. නාමල් රාපක්ෂ මහතාටත්, සාගර කාරියවසම් මහතාටත් මට කියන්න තියෙන‍්නේ ඉදිරි අයවැය ලේඛණයට විරුද්ධ නම් එයට විරුද්ධ වෙලා ආණ්ඩුව පරද්දලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියන එක. අපි සියලු දෙනා ඒකට සූදානම්. මිනිස්සු ප්‍රතිඑලය පෙන්නයි ඒ අයට.

පාර්ලිමේනේතු‍‍වේ අයවැය ‍ලේඛණය පරද්දන්න මේ අය යන්නේ නැහැ. අයවැය ලේඛනය පරද්දලා මහ මැතිවරණයට යන්න බයයි. මේ අය පරද්දන්නේ නැහැ. පුලුවන්නම් ම‍ගේ අභියෝගය භාර ගන්න. ජනාධිපතිතුමා කියන දේ කරන්නේ නැතිනම් මේ අයට පුලුවන් මාධ්‍ය ඉස්සරහා එක එක දේවල් කියන්නේ නැතිව එලියට යන්න. කැබිනට් සංශෝධන හතරක් කළා ගෝඨාභය රාජපක්ෂ. මේ කවුරුත් ඒ වෙලාවේ කෑගැහැව්වේ නැහැ.

අද ජනාධිපතිතුමා කරලා තියෙන්නේ සංශෝධන දෙකක්. කැබිනට් ධූරයක් අඩුකරලා තියෙන්නෙ. රටේ මිනිස්සු ඉල්ලන්නේ අඩු කරන්න කියලා. ජනාධිපතිතුමා ඒක කරලා තියෙන්නේ. අදාළ අමාත්‍යාංශ වලට අදාළ විෂයන් හරියට දීලා තියෙනවා. ඒක වැරදි නම්, කොන්ද පණ තියෙනවනම් තමන් කියන දේ, තමන් විශ්වාස කරන දේ හරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වට්ටලා ඊ ලග පාර්ලිමේන්තු මැතිවරණයට යන්න. ජනතාව බලාගෙන ඉන්නවා ඉක්මිනින් මැතිවරණයක් එනකන්.

ආණ්ඩුවේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටනම් එතුමන්ලට පුලුවන් මේ ආණ්ඩුව වට්ටන්න. ඒ අයට ජන්දයට ගියාම තෙරේයි මහපොළොවේ තියෙන යථාර්ථය. ” නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.
මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.
'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.