ලංකාවට පැමිණි චීන පර්යේෂණ නෞකාව ගැන අලුත් කතාව
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ "Shi Yan 6" චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බවයි.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය.
චීනයට අයත් "Shi Yan 6" පර්යේෂණ නෞකාව ඊයේ (25) පස්වරුවේ කොළඹ වරායට ළඟා වූ අතර, අදාළ නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු සැපයුම් ලබාගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඉන්දියන් සාගරයේ සිදුකරන පර්යේෂණ කටයුත්තක් සඳහා අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබු අතර ඊට මෙතෙක් අවසර ලබාදී නොමැති බව පැවසේ.
අදාළ නෞකාව නාරා ආයතනය සමග එක්ව සතියක පමණ කාලයක් ඉන්දියන් සාගරයේ ජලය පිළිබඳ විශේෂ පර්යේෂණයක් සිදුකිරීමට සැලසුම් කර තිබු බව නාරා ආයතනය පවසයි.
ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිදුවන කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනයක් මෙම පර්යේෂණය මඟින් සැලසුම් කර තිබු බව වාර්තා වේ.
යම් හෙයකින් පර්යේෂණ කටයුතු සඳහා චීන "Shi Yan 6" නෞකාවට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අවසර ලබා දුනහොත් ඊට සහභාගීවීමට නාරා ආයතනය සූදානමින් සිටින බව එහි ප්‍රකාශයෙකු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..