News Category
From Date
To Date
Maximum Number of Result

'ලොකු අයියලාගේ' බලපෑමට 'ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන' පාලනයකට චීනයෙන් සහයෝගය ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ - විමල් වීරවංශ

Oct 25, 2023 at 02:32 PM
|

"අසල්වැසි ලොකු අයියාගේ" සහ "ඈත සිටින බටහිර ලොකු අයියාගේ" බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් නමුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන ඉතියෝපියාව, රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවල් පවා චීනයේ "එක් තීරයක් සහ එක් මාවතක්" ව්‍යාපෘතිය(BRI) හා බැඳෙමින් විශාල ආර්ථිකමය සහ සමාජමය සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

චීනයේ බීජිං නගරයේ පැවති "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සහභාගි වීමෙන් අනතුරුව ඊයේ(24) ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.

ඒ මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේය.

චීනයේ සංචාරය කළේ කවර අරමුණින් ද?

අපට චීන රජයෙන් ලැබුණු විශේෂ ඇරයුමක් අනුවයි සංචාරය කළේ. ඔබ දන්නවා චීන රජය ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ඇරැඹූ "එක් තීරයක් සහ එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative - BRI)" පිළිබඳව. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ද රාජ්‍යයක් ලෙස බැඳුණු ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියට වසර 10ක් පිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ"ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සමුළුවට  සහභාගි වීමටයි අපට ඉහත ඇරයුම ලැබුණේ. දේශපාලන පක්ෂ නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු එම ඇරයුමෙන් එම සමුළුවට සහභාගී වීමට හා සමුළුවෙන් පරිබාහිරව පැවති යම් යම් අධ්‍යයන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.

මෙම සංචාරය සඳහා ඔබ ජනාධිපතිවරයා සමග එකම ගුවන් යානයක ගමන් ගත් බව කියැවෙනවා...

මම මෙම සංචාරයට යන්නේ කුමන ගුවන්යානයක ද, කියන එක තීරණය කළේ ඊට අනුග්‍රාහකත්වය දැක්වූ රටයි. එකම ගුවන් යානයක මගේ මිතුරන්, සතුරන්, දන්නා අය, නොදන්නා අය සියලුදෙනා ඉන්න පුළුවන්නේ. ඒක මට අදාළ නැහැ. ජනාධිපතිවරයාට ඇරයුම ලැබුණේ BRI ව්‍යාපෘතියට සම්බන්ධ රටක රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් මට මේ ඇරයුම ලැබුණේ වෙනම. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙසයි. මෙහිදී අපට අදාළ වැඩසටහන් සහ ජනාධිපතිවරයාට අදාළ වැඩසටහන් වෙන වෙනමයි පැවැත්වුණේ.

මෙම සමුළුව අපේ රටට වැදගත් වෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි පැරණි සේද මාවත(Silk Road) නියෝජනය කරන බොහෝ රටවල් ඉහත කී BRI ව්‍යාපෘතියට සම්බන්ධයි. ඉතියෝපියාව වැනි රටවල් පමණක්  නොවෙයි ඇතැම් යුරෝපා රටවල් ද මෙම ව්‍යාපෘතිය හා බැඳී සිටිනවා. මෙම ව්‍යාපෘතිය මගින් සිදු වන්නේ සේද මාවතේ පිහිටි රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනඒම. නිදසුනක් ලෙස ඉතියෝපියාව අද එම ජාත්‍යන්තර සහයෝගයේ ප්‍රතිඵල හොඳින් භුක්ති විඳිනවා. මෙම සමුළුවේ ප්‍රධාන සැසිවාරයේදී ඉතියෝපියාව නියෝජනය කරමින් පැමිණි එහි අග්‍රාමාත්‍යවරයා කතාවක් ද සිදු කරනු ලැබුවා. නමුත් කනගාටුයි, එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එම අවස්ථාව ලැබුණේ නැහැ. එම ව්‍යාපෘතිය අරඹා වසර දහයක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ පෙනෙනවා, ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලු රටවල විශාල ආර්ථික වර්ධනයක් සිදුව ඇති බව.

මෙවර සමුළුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් වුණා ද?

මම දන්නා විදිහට මේ සමුළුවෙන් විශේෂ වාසියක් අත්කරගන්න මෙරට රාජ්‍ය නායකයාට හැකියාව ලැබුණේ නැහැ. කොහොමත් මම ගියේ දේශපාලන පක්ෂ නායකයෙකු ලෙසයි.

දැන් බලන්න, චීන රජය සහ අපේ රටේ 'ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය(NARA) ගිවිසුම්ගත වෙලා තියෙනවා, අපේ සාගර කලාපයේ පත්ල ගවේෂණය කරන්න. ඒ ගිවිසුමට අනුව චීන නාවුක ගවේෂණ යාත්‍රාවක් ඔක්තෝබර් මාසයේ මුලදී පැමිණීමට නියමිතව තිබුණා. නමුත් කිසියම් රටක බලපෑම නිසා ශ්‍රී ලංකා රජය චීන රජයට කිව්වා, 'මේ නැව එවන එක ප්‍රමාද කරන්න' කියා. තුන්වැනි පාර්ශ්වයක බලපෑම මත ඒ ආකාරයට ද්විපාර්ශ්වික ගිවිසුමක් කඩ කරන, දියාරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පාලනයකට මම හිතන්නේ නැහැ, 'චීනය වගේ රටකින් අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි' කියලා.

අද ඔබ වැඩිදුරටත් හොයලා බලන්න, නිවැරදි විදේශ ප්‍රතිපත්තියක කෙලින් සිටින නිසා, ඉතියෝපියාව, රුවන්ඩාව ඇතුළු අප්‍රිකාවේ බොහෝ රටවල් ආර්ථිකමය සහ සමාජීය වශයෙන් විශාල දියුණුවක් ලබමින් සිටිනවා. 'ළඟ ඉන්න ලොකු අයියා' ඇස් දෙක ලොකු කරගත්තාම, මේ රටේ පාලකයන්ගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. 'ඈත ඉන්න බටහිර ලොකු අයියා' 'පාට් එක' දමපුවාමත් එයාලගේ කකුල් දෙක වෙවුලන්න පටන් ගන්නවා. එතකොට අපේ රටට සැබෑ මිත්‍රයෝ නැති වෙනවා. මේ 'ලොකු අයියලා' මිත්‍රයෝ කියලා හිතුවාට එයාලා බලන්නේ අපෙන් දෙයක් කඩාවඩා ගන්න මිසක් වෙන දෙයක් නෙවෙයි.

 "නවය; සැඟවුණු කතාව", ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව ලියවුණු විමර්ශනාත්මක කෘතිය චීන බසට පරිවර්තනය කිරීමේ අදහසක් නැද්ද?

දැනට මේ කෘතිය ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවලට පරිවර්තනය වී තිබෙනවා. ඉදිරියේදී තව භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ මේ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණෙන විට මේ ආණ්ඩුව තෙවන වතාවටත් ලයිට් බිල වැඩි කරලා..

මතකයිනේ, 'ලක් අම්මගෙ දරුවො ටික' 'ගාලුමුවදොර අන්තිම සටන' කරලා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවා. 'උඹලා මාව බලයට ගෙනවානේ. දැන් මම දෙන්නම් පරිප්පුව' කියලා එයා දැන් වැඩ පෙන්වනවා. විදුලිබල මණ්ඩලයේ නාස්තිය වළක්වා ගන්න පියවර ගන්නේ නැහැ. මේ විදියට විදුලි බිල දිගින් දිගටම වැඩි කරලා මේ කරන්නේ, විදුලිබල මණ්ඩලය කෑලි හත-අටකට කඩලා විකුණාගන්න, විදුලි පාරිභෝගිකයා එකඟ කරවා ගැනීම. ඒ 'විකිණීම' සඳහා ඕන කරන 'පීඩනයයි' මේ දෙන්නේ. මේ විදුලි බිල වැඩි කිරීම පිටුපස තිබෙන කථාව මෙයයි.

 "සෞඛ්‍ය ඇමති ඔළු මාරුවෙන්" සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳේවි ද?

මේ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පැවති විශ්වාසභංගය පිළිබඳ විවාදයේදිත් මම කිව්වා, 'අපට කෙහෙළිය රඹුක්වැල්ල 01 යවලා, කෙහෙළිය රඹුක්වැල්ල 02 ගෙනඑන්න පුළුවන්. එයාවත් යවලා කෙහෙළිය රඹුක්වැල්ල 03 ගෙන එන්නත් පුළුවන්. එහෙම කළා කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය විසඳෙන්නේ නැහැ' කියා. දැන් 'රාජිත සේනාරත්න 01' යවලා 'රාජිත සේනාරත්න 02' ගෙනාවානේ. රාජිත සේනාරත්න 02 කියන්නේ කෙහෙළිය රඹුක්වැල්ලටනෙ. ඔය කියන ඔළු මාරුවලින් පමණක් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැඹුරු පරිවර්තනයක් කරන්න පුළුවන් වෙයි, කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ඊශ්‍රායල - පලස්තීන ගැටුම අපේ රටට කරන බලපෑම කෙබඳු ද?

ලෝකයේ සෑම තැනකම සිදු වන තීරණාත්මක දේවල් අපටත් බලපානවා. ලෝක තෙල් මිල ඉහළ යෑමෙන් සිදුවන බලපෑම, විදේශ රැකියා අහිමි වන පිරිසගේ ප්‍රේෂණ අහිමි වීමෙන් සිදු වන බලපෑම ආදිය නිසා අපට විශාල කුණාටුසහගත අනාගතයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වේවි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊශ්‍රායල - පලස්තීන ගැටුම සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය ගැන ඔබ දකින්නේ කෙසේද?

මට නම් පෙනෙන්නේ ජනාධිපතිවරයා 'මම ඊශ්‍රායලයටත් නැහැ - පලස්තීනයටත් නැහැ' වගේ ස්ථාවරයක ඉන්න බවයි. නමුත් යුද ගැටුමක් පවතින විට 'මම දෙපැත්තටම නැහැ' වගේ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැහැ.

දැන් බලන්න, මුල් රාජ්‍යය පලස්තීනයයි. නමුත් ඊශ්‍රායලය කියන්නේ පසුව එතැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෘත්‍රිමව හදපු රාජ්‍යය. මෙතැන 'දෙමළ ඊළම' හැදුවා නම් අපිත් පලස්තීනයේ ඉරණමටම ලක් වෙනවා. කෙසේ වුවත් මෙහිදී ඓතිහාසික අසාධාරණය සිදු වී ඇත්තේ පලස්තීනයටයි. ඒ ඓතිහාසික අසාධාරණය නිවැරදි කරන ලෝකයක් නොවෙයි අද බලවත්ව ඉන්නේ. පලස්තීනය සම්පූර්ණයෙන් ලෝක සිතියමෙන් අතුගාලා දමලා 'යුදෙව් ඊශ්‍රායලය' බලසම්පන්න කිරීමේ බල මෙහෙයුමක් තමයි අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ.

 නමුත් හමාස් සංවිධානයට නේද යුද ගැටුමේදී වැඩි චෝදනා එල්ල වෙන්නේ...

මෙවර යුද ගැටුම ආරම්භ කළේ හමාස් සංවිධානයනෙ. නමුත් හමාස් සංවිධානය කියන්නේ මුලින් ඊශ්‍රායල ඔත්තු සේවාව වන 'මොසාඩ්' විසින් මුදල් වියදම් කරලා හදපු එකක්. 'මොසාඩ්' හදපු 'හමාස්' දැන් එයාලාටම පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එදා යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති හමුදාවට එරෙහිව මොසාඩ් එක තමයි හමාස් හැදුවේ. දැන් තමන් 'කිරි පොවලා හදපු' හමාස් එක තමන්ටම ගහනකොට ඒක අපිට කියලා වැඩක් නැහැ. හදපු අය ඒක බලාගන්න ඕනේ"

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.
මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.
'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.