පාස්කු කොමිසමේ සාක්ෂි විභාගය රහසේ පටිගත කරන්න ‘මවුලවි’ට දුරකථනයක් දුන් නීතිඥයාට වැඩ වරදී
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැවැති සාක්‍ෂි විභාගයක් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සඳහා මවුලවිවරයකුට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස අටක කාලයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය.
අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නසීම් මොහොමඩ් ශාමින් නමැති නීතිඥවරයාට ලබන ජනවාරි 1 වැනිදා සිට ඉදිරි මාස අටක කාලයකට, බුවනෙක අලුවිහාරේ එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල විසින් එකී තහනම පනවනු ලැබීය.
2020.9.9 වැනිදා ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ සිටි මුර්ෂිඩ් මර්ෂා මුල්ලෆ්ෆාර් නමැති මවුලවිවරයා කොමිෂන් සභාව හමුවේ පැවැති සාක්‍ෂි විභාගය ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී පොලිසියට හසුවී තිබිණි.
නීතිඥවරුන්ට හැර වෙනත් පාර්ශ්වවලට ජංගම දුරකථන සභා ශාලව තුළට රැගෙන ඒම තහනම් කර තිබියදී එලෙස එම මවුලවිවරයා ජංගම දුරකථනයක් රැගෙන ආවේ කෙලෙස දැයි සොයා බැලීමේදී චූදිත නීතිඥවරයා එය රැගෙනවිත් මවුලවිවරයාට ලබාදී ඇති බව අනාවරණය වීම නිසා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..