
මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දීය සහ රුසියානු සමාගම්වලට ලබාදී ලංකාවට ආදායම් ලැබෙන්නේ අවුරුදු 3කට පස්සෙලු
චීනයේ ඩොලර් මිලියන 209ක අරමුදල් සහිතව ඉදිකරන ලද මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා වසර 30කට කොන්ත්‍රාත් දීම වෙනුවෙන් ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ රුසියාවේ Airports of Regions Management Company of Russia යන සමාගම්වලට පැවරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.
මෙසේ මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දීය සහ රුසියානු සමාගම් අතර එකමුතුවකට භාරදීමෙන් පසු ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙනුයේ වසර තුනකට පසුව බවයි වාර්තා වන්නේ.
එය භාරදීමේදී ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව සහ සම්බන්ධ ප්‍රධාන ඒකක පමණක් තමන් යටතේ පවත්වා ගෙන යනු ඇති බව ද වාර්තා වේ.
එම ගුවන් තොටුපළ වරක් ‘ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ’ ලෙස හඳුන්වනු ලැබුවේ ගුවන් ගමන් නොමැතිකම නිසාය.
2010-2015 සිය දෙවන ධුර කාලය තුළ පශ්චාත් යුද යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ණය ගත් හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 දී ආරම්භ කරන ලද මෙම ගුවන් තොටුපළ වාර්ෂිකව රුපියල් බිලියන 3ක (ඇමරිකානු ඩොලර් මිලියන 10ක) පාඩුවක් ලබා ඇත.
ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු – රුසියානු ඒකාබද්ධ සම්මුතිය තෝරාගෙන ඇත්තේ රුසියානු සමාගමේ ප්‍රධාන පාර්ශ්වකරුට එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීම පිළිබඳ එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට දන්වා තිබියදීය.
රජයට අයත් Airport & Aviation Services Sri Lanka Private Ltdහි සභාපති අතුල කල්ගැටිය ඊයේ ප්‍රකාශ කළේ තාක්ෂණික කරුණු කිහිපයක් ඉවත් කිරීමට බලා සිටින අතර ඉතා ඉක්මනින් ගුවන් තොටුපළ ඔවුන්ට භාර දීමට සූදානම් බවයි.
මෙම ගනුදෙනුව මගින් ගුවන් තොටුපළ සඳහා වන සියලුම වියදම් ඉන්දියානු – රුසියානු සමුහය විසින් දරනු ඇති බවත් ශ්‍රී ලංකා රජය පළමු වසර තුන සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් ඔහු පැවසීය.
හතරවන වසරේදී මගීන් 400,000කට සේවා සැපයීම දක්වා (වසරකට) ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට මෙම සමුහය අපේක්ෂා කෙරේ.
“වසර තුනකට පසු, අපට ආදායම් කොටසක් ලැබෙනවා, එය යෝජනාවේ දක්වා තිබෙනවා. ඔවුන් වසර 30ක් ගුවන් තොටුපළ හසුරුවන්න නියමිතයි ,” යනුවෙන් ද අතුල කල්ගැටිය පැවසීය.
ශ්‍රී ලංකාව මත්තල ගුවන් තොටුපළ භාවිත කළේ කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීමෙන් පසු වැඩි වශයෙන් රුසියානු සහ යුක්රේන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටය.
පසුගිය රජය යටතේ මෙම ගුවන් තොටුපළ ඉන්දියාවට ලබා දීමට සාකච්ඡා කෙරුණේ ඉන්දියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඉහළ නැංවීමේ අරමුණිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
