හමාස් සංවිධානය ඉරානය ඊශ්‍රායලය සමඟ යුද්දයකට පටලවා ගැනීමේ උවමනාව මත කළ හැකි සියළු දේ කරනවා- දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායල සිවිල් ජනයා ඉලක්කකර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට කඩා වැදී සාමාන්‍ය වැසියන්ගේ ජීවිත හානි නොතකා හමාස් සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉරානයද ගැටුමට මැදිහත්වන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. ලංකා ලිඩර් වෙබ් අඩවිය දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් මැදපෙරදිග කළාපයේ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ඔහුගේ මතය විමසනු ලැබුවා.
මේ ඔහු දැක්වූ අදහස්,
" ඊශ්‍රායලයේ සිවිල් පුරවැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ හමාස් සංවිධානය අමෙරිකානු සහ ඊශ්‍රායල ඔත්තු සේවා විසින්ම නඩත්තු කර තිබෙන බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. අප මේ පවසන දේ හිටපු ඊශ්‍රායල අගමැතිවරයෙකු වූ එහුඩ් ඔල්මෙට් මහතා කන්ෆ්ලික්ට් සෝන් ( Conflict Zone ) නම් අන්තර්ජාල නාලිකාවකට එක් වෙමින් ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා වසර ගනනාවක පටන් හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර කර තිබෙන බවට චෝදනා කළා. ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය අතිශය දියුණු තාක්ෂණයක් භාවිත කර නිර්මාණය කළ එකක්. එලෙසම මොසාඩ් ඔත්තු සේවය නොදැන එම පහරදීම් කළ නොහැකියි. ඒ අනුව ඉතා පැහැදිළියි අමෙරිකාවේ වුවමනාව මත හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන් බව.
ඉරාකයට අමෙරිකානු ප්‍රහාර එල්ල වීමට පෙර ඉරාකය කුවේටය ආක්‍රමණය කළා. අවසන් ප්‍රතිඵලය අමෙරිකාව මැදිහත්වී සදාම් හුසේන් මරා දැමීම දක්වා ගොස් ඉරාකය සමතලා කර දමා ඉවරයි. ලිබියාවත් එලෙස විනාශ කළා. හමාස් සංවිධානයේ ක්‍රියාකාරකම් වල අරමුණ ඉරානය ඊශ්‍රායලය සමඟ යුද්ධයකට පටලවා ගැනීමයි. එවිට පමණයි අමෙරිකාවේ අභිලාශය වන ඉරානය සමතලා කිරීමට හැකියාව ලැබෙන්නේ. අමෙරිකානු යුරෝපා බල ද්‍රැවයන් වියැකී ගොස් ගොඩ නැගීමට නියමිත අනාගත බහු ද්‍රැවීය ලෝකයේ ඉරානය යනු තවත් එක් බලවත් බල ද්‍රැවයක්. ඒ අනුව ඉරානයට පහසුවෙන් තමාගේ අභිලාශයන් ඉෂ්ඨ කරගැනීමට අමෙරිකා එක්සත් ජනපදය ඉඩ දෙන්නේ නැහැ. ඉරානය ප්‍රකෝප කරවන ක්‍රියාමාර්ග ඊශ්‍රායලය විසින් ඉදිරියේදී තව තවත් ගනු ලැබීමට නියමිතයි.
අනෙක් අතට හමාස් සංවිධානය සහ හිස්බුල්ලා සංවිධානය ඉරානය ගැටුමට තල්ලු කරන ක්‍රියාමාර්ග වල නියැලීමටත් ඉදිරියේදී කටයුතු කරාවි. ඉරානය තම දීර්ඝ ඉතිහාසය තුළ දරුණුතම උභතෝකෝටිකයට මුහුණ දී සිටිනවා කියායි අපගේ විශ්වාසය. ඉරාන නායකයින් උපක්‍රමශීලී වන තරමට ඉරානයේ පැවැත්ම තහවුරු වේවි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..