අධිරාජ්‍ය විරෝධීන් සහ දේශප්‍රේමීන් එක් වියයුතුයි - ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි
සියලූ ජාතික සහ ජාත්‍යන්තර සාධක සැළැකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියලු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී, ප්‍රගතිශීලි වාමගාමී, බලවේගවලට නව දේශපාලන පෙළගැස්මකට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා නව දේශපාලන පෙළගැස්ම අනිවාර්යයෙන්ම අධිරාජ්‍ය විරෝධී සහ දේශප්‍රේමී එකක් වියයුතු බවත් නව ගෝලීය දේශපාලන අභියෝග හමුවේ නව නිදහස් රටවල ස්වෛරීත්වය රැකගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉස්මතු වී ඇති බවත් වීරසිංහ මහතා කීය.
එම අවශ්‍යතාව සාක්ෂාත් කරගත හැකිවන්නේ “මැද - වම” සන්ධානයකට වන අතර ඒ සඳහා අවශ්‍ය වන්නා වු සහ අදාළවන්නා වු ජාත්‍යන්තර පරිසරයක් ද නිර්මාණය වෙමින් තිබෙන බව ද කී වීරසිංහ මහතා අවම පොදු වැඩපිළිවෙළක් මත පිහිටා ආර්ථිකය ගොඩනැගීමේ ජාතික කාර්යභාරය උදෙසා අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි, වාම හා දේශප්‍රේමී බලවේගයන්ගේ පුළුල් දේශපාලන සන්ධානයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවධාරණයෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය වත්මන් ජාතික හා ගෝලීය දේශපාලන වර්ධනයන් සහ ප්‍රවනතා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවත් රට මුහුණදෙන්නා වු ගැඹුරු, ප්‍රබල හා තීරණාත්මක ආර්ථික අර්බුදය මෙන්ම රටේ ස්වෛරීත්වයට බලපා ඇති භූදේශපාලනික අභියෝගයන් ද එහි දී සැළැකිල්ලට ගත් බවත් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේය.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්