විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
එහිදී රජයේ අවධානය යොමු විය යුතු වෙනත් වැදගත් හා හදිසි කරුණු රැසක් පවතින බැවින්, මෙම අවස්ථාවේදී මෙම යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට නොයන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඇතුළු එම සංගමයේ නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී තිබේ.
මෙම හමුව සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජනාධිපති නීති උපදේශක ජේ.එම්. විජේබණ්ඩාර ද එක්වී සිටි බවයි නීතිඥ සංගමය පවසන්නේ.
මෙම යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් නීතිඥ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
රජයේ අවධානය යොමු විය යුතු වෙනත් වැදගත් හා හදිසි කරුණු රැසක් පවතින බැවින්, මෙම අවස්ථාවේදී මෙම යෝජිත සංශෝධනය සමඟ ඉදිරියට නොයන ලෙසයි නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
මෙම සාකච්ඡාවේදී නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, හිටපු සභාපතිවරුන් වන ජෙෆ්රි අලගරත්නම් සහ උපුල් ජයසූරිය අදහස් දැක්වීය.
විශේෂයෙන්ම මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර පැහැදිළි කර ඇත්තේ බලතල බෙදීයාමේ සංකල්පය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණක් වන විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රාජ්‍ය සේවයේ වෙනත් සේවා කාල දීර්ඝ කිරීම්වලින් වෙනස් වන බවයි.
ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ අතර, මෙහිදී නීතිඥ සංගමය යෝජනා කළේ නීතිඥවරුන්, විනිසුරුවරුන්, අධ්‍යයන අංශ සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළත් කර ගනිමින් නිසි සහ අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් (consultative process) ආරම්භ කළ යුතු බවයි.
එසේම, මෙම කාරණය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Parliamentary Select Committee) වෙත යොමු කර සලකා බලන ලෙසද නියෝජිත පිරිස යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, එහි නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රීයෙන්සි අර්සකුලරත්න, එම සංගමයේ ලේකම් නීතිඥ නලින් ද සිල්වා, එහි භාණ්ඩාගාරික නීතිඥ පසිඳු සිල්වා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් , ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නීතිඥ ලාල් විජේනායක, ජනාධිපති නීතිඥවරුන් වන මහින්ද විජේසුරේන්ද්‍ර, නීතිඥ ටී. ජයනාග, නීතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර , කලාපීය උප සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි , නීතිඥ සඳුන් නාගහවත්ත , නීතිඥ ඒ.එල්. නතීර්, නීතිඥ චන්දිම විජේරත්න, නීතිඥ රුවන් ආසිරි ද සිල්වා, නීතිඥ සුනිල් වීරකෝන්, යාපනය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බී. තවපාලන් ජ්‍යෙෂ්ඨ සාමාජික නීතිඥ නාලනි මනතුංග මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..