රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ පුටුව රැකගන්න නෙවෙයි.. - ප්‍රියංකර මහගම්මුල්ල
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු පෙන්වා දුන්නේ, වර්තමාන පාලකයන් නිතර විවේචනය කරන 1977 සිට රට පාලනය කළ නායකයන් රාජ්‍ය වෙනුවෙන් අවදානම ගෙන කටයුතු කිරීම නිසා ඇතැම් පාලකයන්ට මහ පාරේ ජීවිත පවා අහිමි වූ අතර තවත් අයට ඇස් පවා අහිමි වූ බවයි.
එමෙන්ම කොටි සංවිධානයට එරෙහිව රාජ්‍ය වෙනුවෙන් ජීවිත අවදානම ගෙන සටන් කළ නායකයන් මෙන්ම අරගල සමයේ පාර්ලිමේන්තුව වැනි පද්ධති ගිනි තැබීමට පැමිණි අවස්ථාවේදී පවා අවදානම ගෙන ඒවා ආරක්ෂා කළ නායකයන් තවමත් මේ රටේ ජීවත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත්, විපක්ෂයේ සිටින සමයේ ජල ප්‍රහාරයක් එල්ල වන විට දොරක් කඩාගෙන ගොස් කඩයක සැඟවුණු වර්තමාන ජනාධිපතිවරයා, අද තමන් අවදානම් ගන්නා බව පැවසුවද 88-89 සමයේදී පවා සිය අනුගාමිකයන් බිල්ලට දී ජීවිත බේරාගත් බව වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා චෝදනා කරයි.
තවද, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා නොමැති, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු ජනතාවගේ විරෝධයට ලක්වූ විනිසුරු වයස් සීමා නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට දමමින් ජනාධිපතිවරයා අවදානමක් ගන්නා බව ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති