මාධ්‍යවේදීන් ඉලක්ක කර මාලිමාවේ නායකයන් සිදුකරන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා - ජානිපෙ දේශපාලන මණ්ඩලය
ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, මාධ්‍යවේදීන් අරභයා සිදුකරනු ලබන "ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ" දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද සඳහන් කරයි,
"ඉදිරි මැතිවරණයකදී බලය තමුන් සතුවේ යැයි සිතා ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, මාධ්‍යවේදීන් අරභයා සිදුකරනු ලබන "ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ" ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
උදේට රූපවාහිනී නාලිකාවල "පත්තර කියවන හඩ්ඩලාට" ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් චමුදිත සමරවික්‍රම සහ හඩ්සන් සමරසිංහ යන මාධ්‍යවේදීන් ඉලක්ක කොට ගනිමින් මුලින්ම මෙසේ ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාය.
එසේම තමන් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාට ඉදිරියේදී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතාය.
ජාතික ජන බලවේගයේ පමණක් නොව ඕනෑම දේශපාලන පක්ෂයක නායකයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව හෝ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න කිරීම, ඒ ප්‍රකාශ පිළිබඳව පොදු ජනතාව දැනුම්වත් කිරීම, සමාජය තුළ ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතු කිරීම මාධ්‍යවේදීන් සතු අයිතියකි. එහෙයින් ජාතික ජන බලවේගයේ නායකයන් මෙසේ කුපිත වීම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හා ඔවුන්ගේ ජීවිත අවදානමට පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකුටත් අනුමත කළ නොහැක. ජාතික ජන බලවේගයේ නායකයන්ගේ "මාධ්‍යවේදීන් අරභයා වන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ" යළි යළිත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙකී මාධ්‍යවේදීන් බියගැන්වීමේ නින්දිත ක්‍රියාදාමය ලත් තැනම ලොප් කිරීමට පෙරමුණ ගන්නා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු."
දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ
2024-07-23
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්