
මාධ්‍යවේදීන් ඉලක්ක කර මාලිමාවේ නායකයන් සිදුකරන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා - ජානිපෙ දේශපාලන මණ්ඩලය
ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, මාධ්‍යවේදීන් අරභයා සිදුකරනු ලබන "ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ" දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද සඳහන් කරයි,
"ඉදිරි මැතිවරණයකදී බලය තමුන් සතුවේ යැයි සිතා ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, මාධ්‍යවේදීන් අරභයා සිදුකරනු ලබන "ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ" ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
උදේට රූපවාහිනී නාලිකාවල "පත්තර කියවන හඩ්ඩලාට" ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් චමුදිත සමරවික්‍රම සහ හඩ්සන් සමරසිංහ යන මාධ්‍යවේදීන් ඉලක්ක කොට ගනිමින් මුලින්ම මෙසේ ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාය.
එසේම තමන් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාට ඉදිරියේදී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතාය.
ජාතික ජන බලවේගයේ පමණක් නොව ඕනෑම දේශපාලන පක්ෂයක නායකයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව හෝ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න කිරීම, ඒ ප්‍රකාශ පිළිබඳව පොදු ජනතාව දැනුම්වත් කිරීම, සමාජය තුළ ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතු කිරීම මාධ්‍යවේදීන් සතු අයිතියකි. එහෙයින් ජාතික ජන බලවේගයේ නායකයන් මෙසේ කුපිත වීම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හා ඔවුන්ගේ ජීවිත අවදානමට පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකුටත් අනුමත කළ නොහැක. ජාතික ජන බලවේගයේ නායකයන්ගේ "මාධ්‍යවේදීන් අරභයා වන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ" යළි යළිත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙකී මාධ්‍යවේදීන් බියගැන්වීමේ නින්දිත ක්‍රියාදාමය ලත් තැනම ලොප් කිරීමට පෙරමුණ ගන්නා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු."
දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ
2024-07-23
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
