පාස්කු ප්‍රහාරය : ඊබ්‍රාහිම්ට අධි චෝදනා බාර දෙයි..
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන කෝට්පති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍රය (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කියවා භාර දෙන ලදී.
නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටි පළමු විත්තිකාර මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිමි රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට පැමිණ සිටි අතර සෙසු විත්තිකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබුහිමි ඉස්මයිල් අහමඩ් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
අධිකරණයේ භාෂා පරිවර්තක විත්තික රුවන්ට එරෙහි චෝදනා දෙමළ භාෂාවෙන් කියවා දීමෙන් පසු තමන්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කියා සිටින ලදී.
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ, මහවල උද්‍යා නයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2.1(අ),3(අ), 5(අ) හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම හඩුව ගොනුකර තිබේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළ මුල් දිනයේදීම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් පබ්‍රාහිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ පුතුන් වන මොහොමඩ් ඉල්හාමි සහ මොහොමඩ් ඉන්සාෆ් සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැන්ගිලා යන හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතකයන් බවට විමර්ශකයන් හඳුනා ගන්නා ලදී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.
“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ස්ථානයක් ලෙස දෙමටගොඩ මහවිල උදනයේ පිහිටි නිවෙස හඳුනා ගැනීමෙන් පසු පොලිස් යම් සමග මා එතැනට ගියා. ප්‍රහාරයෙන් පසු ඇදිරි නීතිය පනවා තිබුණ නිසා විනාඩි 15ක් ඇතුළත අපට එතැනට යන්න පුළුවන් වුණා. මහවේල උද්‍යානයට අප සමීප වනවාත් සමඟ අපට ඉදිරියෙන් කොළඹ අපරාධ කොට්ඨා සයේ වාහනයක් ගමන් කළා. එහි නිලධාරීන් සිව්දෙනකු පමණ සිටියා. විත්තිකරුවන් සිටි නිවෙස තට්ටු 3ක විශාල සුඛෝපභෝගී නිවේ සක්. නිවෙස විවෘත කරවාගෙන ඇතුළට අප ගියා. එවිට මොහොමඩ් ඊබ්‍රාහිම් සාලයේ වාඩිව සිටියා. මා ඔහුගෙන් ප්‍රශ්න කිර්ම ආරම්භ කළා. අපරාධ කොට්ඨාසයේ නිලධාරින් නිවෙසේ ඉහළ මහලට ගියා.
විනාඩි 5කින් පමණ පළමු මහලේ විශාල පිපිරීමක් වුණා. ඉහළ මහලේ කොන්ක්‍රීට් කැබලි පහළට කඩා වැටුණා. අප එළියට දිව ගියා.මා එළියේ නවතා ඇති වාහනයකට මුවාවී ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටියා. විනාඩි 15ක් පමණ එසේ සිටින විට නිවසේ උදවිය එළියට ආවා. ඔවුන් සමග අපරාධ කොට්ඨා සයේ නිලධාරීන් පිටතට ආවේ නැහැ. ඔවුන්ට කරදරයක් බව මට තේරුණා.
මම අසල සිටිය කොස්තාපල් කරුණාසේනගේ ටී 56 ගිනි අව්‍ය රැගෙන එය සූදානම් කරගෙන ඉහළ මහලට ගියා. අනෙක් කණ්ඩාධාරීන්ද මා සමඟ ආවා. විශාල ගින්නක් හා දුමාරයක් තිබුණා. කිසිවෙක් පේන්න හිටියේ නැහැ. මම නැවත පහළ මහලට ඇවිත් ප්‍රධාන විදුලි සැපයුම අක්‍රිය කරන්න උත්සාහ කළා. ඊබ්‍රාහිම් මේනුව තිබෙන තැන පෙන්නුවා. ඒ සමඟම තවත් පිපිරීමක් වුණා. පළමු බෝම්බය පුපුරා ගියේ ප.ව. 2.25ට, දෙවැනි බෝම්බය පිරුණේ ප.ව. 2.40ට. මා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ලෙස කටයුතු කර තිබෙන නිසා එල්ටීටීඊ ත්‍රස්තවාදී මෙහෙයුම් වලටද සම්බන්ධව තිඛෙනවා. නමුත් ඔවුන් බෝම්බ ප්‍රහාර සිදු කළ කිසි අවස්ථාවක දෙවැනි ප්‍රහාරයක් සිදුකර නැහැ. මෙම ප්‍රහාරය සැලසුම් කළ අය දෙවැනි ප්‍රහාරයක් ද සැලසුම්කර තිබුණා. එය කාල බෝම්බයක්. එහි අරමුණ පළමු ප්‍රහාරයෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම්වලට පැමිණෙන පිරිස් ඝාතනය කිරීමයි. මේ ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු මිය ගියා."
රිබ්‍රාහිම් ප්‍රසිද්ධ කුළුබඩු අපනයනකරුවකු වන අතර ඔහුට පුතුන් 6 දෙනකු සහ දියණියන් තිදෙනකු සිටියා.
වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන්ට සුවිශේෂී කරුණු මත ඇප නියමව තිබේ.
විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක් පනවා තිබෙන අතර අධිකරණයේ නියෝග අනුව මාස 3කට වරක් අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිර්හාගම මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙග් අනුජ ප්‍රේමරත්න, නලින්ද ඉන්ද්‍රතිස්ස යන ජනාධිපති නීතිඥවරු සමග නීතිඥ නිරෝෂන් සිරිවර්ධන පෙනී සිටියහ.
- චන්දන ජයවීර
Dinamina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්