
රට මහා විනාශයකට ඇද දැමූ රනිල් අද ජනාධිපතිවරණයක් නොතියා තව කාලයක් බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි යොදනවා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ඉතිහාසයේ මෙතෙක් මුහුණ නොදුන් විනාශකාරී වාතාවරණයකට රට මේ වන විට මුහුණ දෙමින් සිටින බවත්, මෙම විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වෙනත් කිසිවෙකුට වඩා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේ දී ගෙනා පනත් හා ක්‍රියාකරනු ලැබූ ආකාරය නිසා රට මහා විනාශයකට හා ආර්ථික ආගාධයකට ඇදවැටුනු බවද, රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී ගෙන ආ විදේශ විනිමය පනත නිසා මෙරටට ගෙන එන ලද විදේශ විනිමය වෙනත් රටවල සඟවා ගැනීමට විදේශ විනිමය උපයන්නන්ට හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.
රටේ ආර්ථික අර්බුදයක් මතු වූයේ ද ගෙවාගැනීමට නොහැකි කෙටිකාලීන ණය අධික පොලියකට ලබාගැනීම නිසා බවත් පවසන තිරාණගම මහතා, එසේ කෙටිකාලීන ණය අධික පොලියකට ලබාගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා බවත් සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වූයේ අහම්බයකින් නොවන බවද, අරගලය දියත් වූයේද රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්කිරීමේ අරමුණින්න බවද තිරාණගම මහතා හෙළිකරයි.
අද ජනාධිපතිවරයාගේ උත්සාහය වී ඇත්තේ ජනාධිපතිවරණයක් නොතියා තවත් කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටීම බවත්, ඒ සඳහා ඔහු විසින් විවිධ උප්පරවැට්ටි යොදා ගන්නා බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
කල්‍යානන්ද තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
