News Category
From Date
To Date
Maximum Number of Result

රනිල්ගේ වැල්පාලම දිව්‍යලෝකයට ද? අපායට ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)

Jul 18, 2024 at 06:03 PM
|

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්පාලමෙන් එගොඩකර රට දිව්‍යලෝකයට ගෙන යන බව පවසන බවත්, ඔහු රට ගෙන යන්නේ දිව්‍යලෝකයට ද?, අපායට ද? යන්න විමසා බැලීමේ දී මේ තුළ ඉතා භයංකාර තත්ත්වයක් බවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

1977 සිට රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනය තුළ රැඳී සිටින බවද, 1977 දී ඔහු නියෝජනය කළ පක්ෂය අනුගමනය කළ පරාධීන ආර්ථික මොඩලය තුළ මෙරට අපනයන ආදායම් අඩුවී, ආනයන වියදම් වැඩි වූ බවද පෙන්වාදෙන වසන්ත බණ්ඩාර මහතා, මෙරට ප්‍රධාන ආර්බුදය නිර්මාණය වන්නේ එතැන් සිට බව සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමැතිව සිටිය දී ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වියදම්කර තැනූ අග්නිදිග ආසියාවේ විශාලම යූරියා කර්මාන්ත ශාලාව තමන්ගේ හෙංචයියන් යොදා වසාදමන තත්ත්වයට පත්කර පසුව පරණ යකඩවලට විකුණා දැමූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

ජනාධිපතිවරයාට අද වන තෙක්ම පැමිණි ආර්ථික මොඩලය පිළිබඳව කිසිඳු විවේචනයක් නොමැති බවත්, මෙම ආර්ථික මොඩලයම පවත්වාගෙන යමින් 2015 - 2019 කාලය තුළ ලංකා ඉතිහාසය තුළ  වැඩිම පොළියට අරගත් ඇමරිකානු ඩොලර් බිලියන 12ක වැඩිම වාණිජ ණය තොගය අරගත් බවත් ඒ මහතා පවසයි.

සාමාන්‍යයෙන් ද්වී පාර්ශ්වික, බහු පාර්ශ්වික ණය 2%ක පමණ ප්‍රමාණයෙන් ලබාගත්ත ද මෙම වාණිජ ණය තොගය ගැනීම සිදු වූයේ පොලිය 6.8% - 7.5% වැනි ප්‍රමාණයේ විශාල පොලියකට බවද, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෙවාගැනීමට නොහැකි වී හිර වන්නේ ද මෙම අධික පොළියකට ලබාගත් කෙටි කාලීන ණය බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

රට ණය උගුලේ හිරකරන ලද්දේ ද වර්තමාන ජනාධිපතිවරයා බවත්, ඔහු කිසිවිටක දී මෙම ආර්ථික මොඩලය වැරැදි යැයි පිළිනොගන්නා බව හා ඔහු විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද මෙම වැරදි ආර්ථික මොඩලයම බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ දේශීය කර්මාන්ත පද්ධතිය ගොඩගැනීමට ද, නැතිනම්  හිතාමතාම වැට්ටීමට දැයි වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

දේශීය නිෂ්පාදකයාට වැට් බද්ද 10%ක් ගසා ආනයනකරුවා වැට් බද්දෙන් නිදහස් කර ඇති බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙහිදී පොල්තෙල් ආනයනකරුවන් අඩු මිලට පොල්තෙල් ගෙනවිත් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවා වැට්ටවීමට ක්‍රියාකරන බවත්, තේ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ නිපදවන ලද යන වාක්‍ය ඛණ්ඩය ඉවත්කර ශ්‍රී ලංකාවේ අසුරන ලද  යන වාක්‍ය ඛණ්ඩය ඉතුරුකර සිංහයා ලකුණ සහිත සන්නාමය නිකුත් කරන බවත් පවසයි.

මෙහිදී ඉන්දියාවේ තේ වෙළෙන්දන්ට ඉන්දියාවේ තේ ශ්‍රී ලංකාවේ අසුරා යවා මෙරට වෙළඳපොළ අත්පත්කර ගැනීමට හැකි බවත්, මෙවැනි තීන්දු ලංකාවේ කර්මාන්තකරුවන් වැට්ටවීමට මිස ගොඩගැනීමට ගෙන ආ තීන්දු නොවන බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.

ලංකාවේ තේ වලින් 10% පමණ ප්‍රතිශතයක් අපනයනය කරන්නේ රුසියාවට බව ද,  රුසියාවට සම්බාධක පනවා ඇති හෙයින් එම අපනයන ආදායම් රට තුළට ගෙන ඒමට හැකියාවක් නොමැති වී ඇති බවත් පවසන ඒ මහතා, මෙරට මහ බැංකු අධිපතිවරයාට අපනයනකරුවන් විසින් දිගින් දිගටම මේ පිළිබඳව දැනුම් දුන්නද ඔහු බීරි අලියකු ලෙස සිටින බවත්, එමගින් අපනයන ආදායම් රට තුළට ගෙන ඒමට නොහැකි වී ඇති බවත් සඳහන් කරයි.

රටේ ආර්ථිකය බිඳ දමා වැල්පාලමෙන් දිව්‍යලෝකයට යන වැඩ මේවාදැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

මෙවැනි ආර්ථික ඝාතක තීන්දු රාශියක් ක්‍රියාත්මක කරමින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරන  බවත්, ඉඩම් අයිතිය ඇති පුද්ගලයන්ට ඉඩම් අයිතිය දෙන බව පවසමින් ලබා දෙන්නේ ඉඩම් අයිතිය නොව ඉඩම් විකිණීමේ අයිතිය බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

කොළඹ තට්ටු නිවාසවල ඒවායේ මුල් අයිතිකරුවන් දැනට 10%ක්වත් නැති බවද, මෙම ඔප්පු ලබාදුන් පසු ඔවුන් එම නිවාස විකුණා දමා යන බවද, ගොවියා කුඹුර විකුණා කොළඹට පැමැණ වෙනත් රැකියාවක් කිරීමට පටන්ගන්නා බවද, අවසානයේ සිදුවන්නේ මෙම කුඩා ඉඩම් මහා ඉඩම් බවට පත්කරන තැරැව්කාර සමාගම් ඒවා බහුජාතික සමාගම්වලට අත්පත්කර ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

ඉඩම් විකුණා දමා ඉඩම් අහිමි කිරීමේ MCC ගිවිසුමේ කූඨ සැලසුම මෙම ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වන බව පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙය ආර්ථිකය ගොඩ ගැනීමේ සැලසුමක් නොව ඡන්ද ගුණ්ඩුවක් පමණක් බවද සඳහන් කරයි.

මැඩගස්කරය තුළ අද මෙම ක්‍රියාවලිය සිදුවීමෙන් 70%ක ජනතාවට අද ඉඩම් අහිමිවී ඇති බවත්, සියලු ඉඩම් මහා සමාගම් විසින් අත්පත්කරගෙන ඇති බවත් වැල්පාලමෙන් එගොඩකර මෙරට ජනයා ගෙනයාමට සූදානම් වන්නේ දිව්‍යලෝකයටද?, අපායටද? යන්න මෙහිදී ප්‍රශ්නයක් මතුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සියල්ල කල් දමා ජනමත විචාරණයක් පවත්වනවා යැයි දින නියම  කරමින්, මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බව පවසා මෙම කටයුතු ටිකෙන් ටික පස්සට දමා දුරාචාර ප්‍රවර්ධන පනත් ටික, රණවිරුවන් දංගෙඩියට ගෙන යන පනත් ටික, ඉඩම් ටික විකුණා ආර්ථිකය පරිවර්තනය නමින් ගෙන ආ පනත වැනි පනත් සම්මත කර, එට්කා ගිවිසුම අත්සන් කර, සෝෆා ගිවිසුමට YES කියූ ලියුම යවා, වැල්පාලමෙන් ගොඩබහින රටේ නමත් වෙනස්කර, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය හා ආමෙරිකාවේ වහල් කඳවුරක්  බවට රට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටන බවට ද ඒ මහතා මෙහිදී චෝදනා නැගීය.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
නිදහස් ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා විසින් සමරනු ලබන 77 වැනි කම්කරු දිනය අදට යෙදී ඇත.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙවන පරපුර විසින් සංවිධානය කරන 'ඉන්දු ලංකා යටත්වීමේ ගිවිසුම්, පාවාදීමේ තරම සහ අවසන් ප්‍රථිඵලය' සංවාදශීලී සම්මන්ත්‍රණය අද(1) උදෑසන 9 ට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.
හෙටට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වන විට සියලු පක්ෂ සුදානම් වෙමින් පවතියි.
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.