
කර්මාන්ත ශාලා 2000ක් වැහිලා... ලක්ෂ 5කට රස්සා නැති වෙලා
විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) ගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මෙසේ රැකියා අහිමි වූ පිරිසට කර්මාන්ත අංශයේ තුන්ලක්ෂ අනූ හය දහස් එකසිය පනස් නව දෙනෙක්ද සේවා අංශයේ එක් ලක්ෂ තිස් හත්දාස් හයසිය අනූ නව දෙනෙක්ද ඇතුළත් වෙති.
මේ අතර පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි එම වාර්තාවල දැක්වෙන බව මහාචාර්යවරයා සඳහන් කරයි.
පසුගිය වසරේ පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් සියයට 66.1 ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය සියයට 61.7 ක් දක්වා අඩුවී ඇති බවද වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මේ අතර එම වර්ෂයේදී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ශ්‍රම බලකායට සහභාගීවන ප්‍රමාණය) සියයට51.2 සිට සියයට 48.9 ක් දක්වා අඩුවී ඇතැයි පෙන්වා දෙන මහාචාර්යවරයා වයස අවුරුදු 20-29 අතර තරුණ පිරිස්වල රැකියා නැතිකම (සේවා වියුක්තිය) සියයට 14.2 සිට සියයට 17.2 දක්වා වැඩිවී ඇතැයිද එම වාර්තාවල දැක්වෙන බව ද සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා - රවී කුමුදේශ්
කොන්ද පණ තියෙනවනම් ගහපු ගිවිසුම් ටික එළියට දාන්න... විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
පිල්ලයාන් අත්අඩංගුවට
ඉන්දියානු බලපෑම ගැන ලංකාව ප්‍රවේශම් විය යුත්තේ ඇයි? (වීඩියෝ)
දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මත වෙයි... කිසිවෙකු විරුද්ධ නොවේ.
ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව චීනය 'අවසානය දක්වා සටන් කිරීමට' ප්‍රතිඥා දෙයි.
ඉන්දියාව දැන් වෙනස් වෙලා... අපි මොකටද තරහා වෙලා ඉන්නේ - ටිල්වින් සිල්වා (වීඩියෝ)
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්
අමාත්‍ය මණ්ඩලය නොදැක අනුමත කළ ගිවිසුම් 7 මෙන්න
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටෙයි
ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි
එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.
ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්
'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..
