
ජනපතිවරණය කල් දැමීමේ අන්තිම තුරුම්පුව ජී.එල් හෙළිකරයි
ජනාධිපතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පීරිස් මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල හිමි වූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්තිවල ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් හෙතෙම කීය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් කෙටුම්පත සම්මත වුවහොත් දින 30කදී ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියේ එය ඉතා පැහැදිලිව දක්වා ඇති බව ද ප්‍රකාශ කළේය.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා එය ගැසට් කර නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරල ක්‍රියාදාමයක් නොව සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඔහු කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
