
ට්‍රම්ප්ට වෙඩි තැබූ තරුණයාගේ ඝාතනය ඉතාමත් සැක සහිතයි
පසුගිය ජූලි 13 වනදා, 20-හැවිරිදි පෙන්සිල්වේනියානු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන තෝමස් කෲක්ස් අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ටෘම්ප් ඉලක්ක කරගනිමින් රයිෆලයකින් වෙඩි තුනක් තැබූ අතර එක්සත් ජනපද රහස් සේවා ස්නයිපර්වරුන්ගෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර වලින් තෝමස් කෲක්ස් මරණයට පත්විය. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කණට ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාලයක් සිදුවී තිබුණද ඔහු මරණයෙන් බේරි තිබුණේ කෙස් ගසක වාසියකිනි. ඒ මොහොතේ ට්‍රම්ප්ගේ ඉරියව් අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු බේරුණේ ඔහුගේ හිස දකුණට එනම් ඝාතකයා දෙසට හැරීම හේතුවෙනි. කෲක්ස් සිය ගිනි අවියේ "ට්‍රිගරය" ඇදීමත් සමඟම උණ්ඩය තත්පරයට මීටර් 1,100කට වඩා වැඩි ආරම්භක වේගයකින් ටෘම්ප් දෙසට පියාසර කරන විටත් ටෘම්ප් මෙම ඉරියව්වෙන් සිටියේය. බැලස්ටික් ගණක යන්ත්‍රයට අනුව, උණ්ඩය ට්‍රම්ප්ගේ කණ වෙත ළඟා වීමට තත්පරයෙන් 0.14ක කාලයක් ගත වි ඇත. කෙසේ වුවද වෙඩික්කරුට ඔහුගේ අපේක්ෂිත ගොදුරේ චලනය ගණනය කිරීමට ක්‍රමයක් නොතිබුණි. ට්‍රම්ප්ට මාරාන්තික තුවාල සිදු කිරීමට උන්ඩය සීරු මාරු වීමට අවශ්‍ය වූයේ මිලිමීටර් කිහිපයක් පමණි. තෝමස් කෲක්ස් තමන් සිටි කෝණයට තරමක් වෙනස් කෝණයකින් හැරී උණ්ඩය මිලිමීටර් 10-20 ක් දකුණට ගමන් කර වීමට සැලැස්සුවේ නම්, හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා බරපතල තුවාල ලබා සදහටම දෙනෙත් පියා ගැනීම හෝ එක්සත් ජනපදයේ බලයට පත්වීමෙන් ඉවත් වීමට තරම් දරුණු තුවාල අතපත් කර ගැනීමට බොහෝ සේ ඉඩ තිබුණි. .
ඊළඟ වෙඩි පහරවල් දෙක ස්වයංක්‍රීයව එල්ල වුවද ඒවාද මඟ හැරුණු අතර, දුර්වල වෙඩි තැබීමේ කුසලතාවය සහ ආතතිය යටතේ තමාව පාලනය කර ගැනීමට තෝමස් කෲක්ස්ට නොහැකි වූ බව එම හැසිරීමෙන් පෙන්නුම් කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට තත්පර භාගයකට පසු වෙඩි හඬ ඇසුණේ තුවාලයේ වේදනාව ඔහුට දැනුණු අවස්ථාවේදීම බව තහවුරුවේ. තෝමස් කෲක්ස්ගේ ගිනි අවියෙන් පිටවුනු උණ්ඩයක වේගය ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකි. කෙසේ වුවද තෝමස් කෲක්ස්ගේ ගිණි අවියෙන් පිට වූ උණ්ඩ ඊළඟ ගොදුරට පහර දී තිබුණි. එක් වෙඩි පහරකින් ඉලක්ක කිහිපයකට පහර දීමට වෙඩික්කරුට හැකි වූ බව අපට උපකල්පනය කළ හැකිය. නමුත් ඒ තෝමස් කෲක්ස් ගේ කිසියම් හැකියාවක් නිසා නොව, රැලියට විශාල ජනකායක් සහභාගි වීමේ හේතුව නිසා අත්වූ ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත්, කැපී පෙනෙන දෙය නම්,අමෙරිකානු රහස් සේවා ස්නයිපර්වරුන් දැක්වූ අකුණු ප්‍රතිචාරයයි. ඔවුන් තත්පර තුනකට වඩා මදක් වැඩි කාලයක් තුළ අවම වශයෙන් ස්නයිපර් රයිෆල් දෙකකින් ප්‍රහාර එල්ල කළහ. මෙය අමෙරිකානු රහස් සේවා ස්නයිපර්වරුන් අත්පත් කරගත් විශිෂ්ට ජයග්‍රහනයකි. ඉලක්කය සහ දුර දන්නා වෙඩි තැබීමේ තරඟයකදී පවා වෙඩි තැබීමට විධානය ලබා දීමෙන් පසුව වුවද මෙතරම් ක්ෂණික සාර්ථක ප්‍රථිඵල අත්පත් කරගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි.
ඒ අනුව, විශේෂ බළකා ස්නයිපර්වරුන් පෙරලා වෙඩි තබන අවස්ථාව වන විට ඔවුන්ගේ ගිනි අවිවලට සවිකර තිබූ දුරදක්ණයන්හි හරස්කඩවල කෲක්ස් සිටි බව ඉතා පැහැදිලිය.
"එසේනම් ඔවුන් ක්ෂණිකවම තෝමස් කෲක්ස්ව නිෂ්ක්‍රිය නොකළේ ඇයි? ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ පැමිණිළි වලට ප්‍රතිචාර නොදක්වා තුවක්කුවක් අතැතිව සිටි වෙඩික්කරුට ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙතරම් සමීප වීමට ඉඩ දුන්නේ ඇයි?" රුසියාවේ දිගු දුර වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ඇලෙක්සැන්ඩර් පොචෙව් ප්‍රශ්න කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
