
ඡන්ද අපේක්ෂකයන්ට බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයෙන් යෝජනා 7ක්
ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ඉටුකළ යුතු බව සඳහන් කරුණු 7කින් යුත් යෝජනාවලියක් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඊයේ (16දා) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එහි සම ලේකම්වරුන් වූ ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන්, ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන්, දිවියගහ විපස්සී නාහිමියන් ඇතුළු එම කාර්යසාධක මණ්ඩලයේ සාමාජික ගිහි පැවිදි පිරිස ඊට අත්සන් තබා ඇත.
එහි පහත යෝජනා ද ඇතුළත්වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදයේ සඳහන් පරිදි, “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය” යන්න අර්ථානුරූපව ක්‍රියාත්මක කිරීමට වගකීම දැරීම,
වසර 2500කට අධික කාලයක අභිමානවත් ඉතිහාසය පිළිබිඹු කරන රට පුරා ඇති පුරාවස්තු ආරක්ෂා කිරීම හා අනාගත පරපුරට සංරක්ෂණය කිරීම ක්‍රියාත්මක කිරීමට වගකීම දැරීම,
ශ්‍රී ලංකා භූමිය හා භෞමික සමුද්‍ර තීරය තුළ ඇති සියලු භූගත හා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම හා එම සම්පත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවීමත් කිසි විටක ඒවායේ උපයෝජනය විදේශීය රජයකට හෝ ව්‍යවසායකට හෝ නොදීමට වගකීම දැරීම හා දැනට ජනතාව සතු වූ ද රටේ සුරක්ෂිත භාවයට හා ආරක්ෂාවට බලපාන්නාවූ ද ව්‍යවසායන් විදේශීය සමාගම් සතු නොකිරීමට වගකීම දැරීම,
2022 වසරේ දී රජයට පිළිගන්වන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද කමිටුවේ නිර්දේශ පදනම් කර ගනිමින්, රටේ ඒකීය භාවය තහවුරු වන පරිදි නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත ස්ථාපිත කිරීමට වගකීම දැරීම හා ලොව පිළිගත් අධ්‍යාපනඥයන්ගේ හා මනෝවිද්‍යාඥයන්ගේ මතයට සැලකිලිමත් වෙමින් ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම මවුබසින් විය යුතු බවට වගකීම දැරීම.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
