
සජිත් බස්වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර බස්වලට වියදම් කරනවා... ඒ බස් හා මේ බස්වලට මුදල් ආවේ කොහොමද කියලා හෙළි නොකළොත් රට කම්බස් - උදය ගම්මන්පිල
‘සජිත් ප්‍රේමදාස මහතා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මහතා බස් වලට වියදම් කරනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙසේ පැවසීය.
ප්‍රශ්නය
ප්‍රේමදාස මහත්තයට බස් බෙදන්න සල්ලි කොහෙන්ද කියලා ජනාධිපතිතුමා අහනවා? ඇත්තටම ඒ සල්ලි කොහෙන් එනවා ඇත්ද ?
පිළිතුර
මම නම් සජිත් ප්‍රේමදාසත් නෙමෙයි. එතුමාගේ විගණකත් නෙවෙයි. නමුත් මේක සාධාරණ ප්‍රශ්නයක්. හැබැයි ජනාධිපතිතුමාට එතුමාගේ හිත මිත්‍ර අනුර කුමාරට රටපුරා බස්වලින් සෙනඟ අඳින්න සල්ලි කොහෙන්ද කියලා අහන්න නම් අමතක වුනා. ජනාධිපතිතුමා අනුර කුමාර මහත්තයා ගැන කතා කරන්නේ මා මිත්‍ර අනුර කුමාර කියලා.
මෑතකදී මැතිවරණයට හඳුන්වා දුන් නීතිත් එක්ක මැතිවරණයට දරණ වියදම මැතිවරණයේ අවසන් වූ වහාම තමන්ගේ ගිණුම් සකස් කරලා මැතිවරණ කොමිසමට දන්වන්න ඕනෑ.
නමුත් අවාසනාවකට මැතිවරණ සමය ලෙස සලකන්නේ නාමයෝජනා භාරදුන් දිනයේ සිට ඉදිරියටයි. ඒ නිසා මැතිවරණයට කලින් කරන මේ වියදම් ඒ නීතිය යටතට ගැනෙන්නේ නෑ. නමුත් සදාචාරය යටතට ගැනෙනවා.
මට නම් පේන විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මැතිතුමා බස් වලට වියදම් කරනවා. එතකොට ඒ බස් හා මේ බස් සඳහා මුදල් ආවේ කොහොමද කියලා මේ නායකයෝ රටට හෙළි නොකළොත් රට කම්බස් කියලයි අපිට කියන්න වෙන්නේ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
