News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප්ගේ දේශපාලන රැලියට වෙඩි තැබීම : එක්සත් ජනපදය තව දුරටත් කැබලි වීම සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉහළ යාම

Jul 15, 2024 at 04:39 PM
|

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන  ජනාධිපති ෂී ජින්පින්ග් හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(14) ප්‍රකාශ කළේය.

හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පෙනිසිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහුගේ රැලියේදී එරට වේලාවෙන් සෙනසුරාදා(13) වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී දකුණු කණ් පෙත්තට තුවාල සිදු වූ බව වාර්තා විය. මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයා සහ  රිපබ්ලිකන් පක්ෂයෙන් නම් කරනු ඇතැයි අපේක්ෂිත ජනාධිපති අපේක්ෂකයා ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස සලකා විමර්ශනය කෙරෙන බව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කළේය.

වෙඩි ප්‍රහාරය එල්ල කළේ යැයි  සැකකෙරෙන තරුණයා මියගොස් ඇති අතර රැස්වීමට  සහභාගි වීමට පැමිණි අයෙක්ද මියගොස් ඇත. එලෙසම රැලියට සහභාගි වූ  තවත් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඇත. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පවසන්නේ ඔහු වේදිකාවෙන් ඉවතට ගෙනයාමෙන් පසු ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වූ බවයි. 

මේ අතර එෆ්බීඅයි ඔත්තු සේවය ඊයේ(14)  පෙනිසිල්වේනියාවේ බෙතෙල් පාක්හි 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගත් තරුණයෙකු ඇමෙරිකානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති බවයි. වෙඩික්කරුගේ චේතනාව  පැහැදිලි කිරීමට මෙතෙක් අමෙරිකානු ආරක්ෂක අංශ සමත්ව නැත. මේ අතර ප්‍රමුඛ පෙලේ රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ප්‍රචණ්ඩත්වය වහා හෙළා දුටු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, තුවක්කුකරුට පෙනිසිල්වේනියාවේ මහජන අධිකරණ වාර්තාවල අපරාධ ඉතිහාසයක් වාර්තා වී නොතිබූ අතර,  තුවක්කුකරුගේ චේතනාව හඳුනාගෙන නොමැති බවද නිලධාරීහු පවසා ඇත. 

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ වාර්තාවකට අනුව  කෲක්ස් රිපබ්ලිකානුවෙකු ලෙස ලියාපදිංචි වී තිබේ. එසේ වුවද 2021 ජනවාරි මාසයේදී ඩිමොක්‍රටික් පක්ෂයට පරිත්‍යාග භාර  ගැණීමට නිර්මානය කළ ActBlue හරහා ලිබරල් ඡන්ද දායක කණ්ඩායමක් වන ප්‍රගතිශීලී හැරවුම් ව්‍යාපෘතියට ඔහු ඩොලර් 15ක් පරිත්‍යාග කළ බව ෆෙඩරල් ප්‍රචාරක-මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙවර ජනාධිපතිවරණයේදී පළමු වරට  ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වයස් ප්‍රමානය සපුරාගෙන සිටින බවයි.

"ඇමරිකාවේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඉඩක් නැත. එවැනි උත්සාහයන් හෙළා දැකීමට අපි එක ජාතියක් ලෙස එක්විය යුතුයි," වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසීය. මේ අතර, ට්‍රම්ප්ගේ රැලියේදී සිදුවූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ලොව පුරා රාජ්‍ය නායකයින් ද කම්පනයෙන් යුතුව හෙළා දැකීමෙන් ප්‍රතිචාර දැක්වීය.

දේශපාලන ප්‍රචණ්ඩත්වය

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුගේ අනන්‍යතාවය සහ පසුබිම අමෙරිකානු මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇති බවට සැකයක් නැත. "තුවක්කුකරුට ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පොළඹවන  කරුණු තුනක් සැලකිල්ලට ගත හැක" චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොං ඊයේ(14) ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වෙත පැවසීය.

"පළමුව, ඔහු ට්‍රම්ප් දිනනවා දකින්නට අකමැති,රජය තුළ ඇති නොපෙනෙන බලවේගය හෙවත් සැඟවුනු රාජ්‍යයේ කෙනෙකු විය හැකියි. දෙවනුව, එය ට්‍රම්ප් නියෝජනය කරන අන්ත දක්ෂිනාංශය, මැතිවරණය ජයග්‍රහණය  දැකීමට අකමැති වාම අන්තවාදී බලවේග විසින් මෙහෙයවන රැඩිකල් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටි අයෙකු විය හැකියි. එම කාණ්ඩ දෙකටම අයත් නොවන්නේ නම් කිසිදු සංවිධානාත්මක පසුබිමක් නොමැති හුදෙක් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ වෙහෙසට පත් වූ තනි පුද්ගල අන්තවාදියෙකුගේ ක්‍රියාවක් විය හැකියි." මහාචාර්ය ලී පැවසුවේය.

“වෙඩි තැබීම සංවිධානාත්මක ක්‍රියාවක් නම්, මෙම සිදුවීම සැලසුම් සහගතව සිදු වූවක් බවට සැකයක් නැත. එය තනි පුද්ගල අන්තවාදියකුගේ ක්‍රියාවක් නම්, එය අහඹු සිදුවීමක් විය හැකි ය. අප දැන් එක්සත් ජනපද බලධාරීන්ගේ විමර්ශනයේ ප්‍රතිඵල එනතෙක් බලා සිටිය යුතුයි." ලී වැඩිදුරටත් පැවසීය.

සීඑන්එන් පුවත් සේවයේ විශ්ලේෂකයකු පැවසුවේ "ඇමරිකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශාපලත් කතාවේ අඳුරු නව පරිච්ඡේදයක් විවර කරන ඝාතන තැත, එහි නූතන ඉතිහාසයේ වඩාත්ම ආතති සහගත කාල පරිච්ඡේදයක් තුළ වෙසෙන දැනටමත් බරපතල ලෙස විරසක වූ ජාතියක් කම්පා කරවන" බවයි.

සමහර චීන විශේෂඥයින් කියා සිටියේ ඇමරිකානු ඉතිහාසය පුරාම බලයේ සිටින ජනාධිපතිවරයෙකු, ජනාධිපති අපේක්ෂකයෙකු හෝ වෙනත් දේශපාලන චරිතයක් ප්‍රහාරයට, වෙඩි තැබීමට හෝ ඝාතනයට ලක්වීම  අසාමාන්‍ය දෙයක් නොවන බවයි.

"මෙයින් ඇඟවෙන්නේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඇමරිකානු ඉතිහාසයේ අනිවාර්ය අංගයක් බවයි. අනෙක් අතට, ආරක්ෂක විධිවිධාන නොතකා හිටපු ජනාධිපතිවරයා සහභාගී වන දේශපාලන රැස්වීම්වලදී එවැනි භයංකාර සිදුවීම් තවමත් සිදුවීම එක්සත් ජනපදයේ දැනට පවතින ගිනි අවි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රශ්නය සහ එම ගැටලුව තුළ විද්‍යාමාන වන 'නොගැලපෙන බව' ඉස්මතු කරනවා."  චීනයේ බීජිං හි රෙන්මින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඩයඕ ඩේමිං ඊයේ(14) ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වෙත පැවසීය.

මෑත වසරවලදී, ඇමරිකානු දේශපාලනය, දේශපාලන ස්ථාවරයන් මත පදනම් වූ අන්‍යෝන්‍ය විරුද්ධත්වයේ සිට පුද්ගලික පළිගැනීමේ දේශපාලනයකට සීරු මාරු වී ඇති බව ඩයඕ සඳහන් කළේය. "ප්‍රචණ්ඩත්වය තුලින් ප්‍රකාශ වන මෙවැනි පළිගැනීම් අමෙරිකානු දේශපාලනය තුළ විද්‍යාමාන වන මෙම සීරු මාරුවේ පැහැදිලි දර්ශකයකි." ඩයඕ ඩේමිං වැඩිදුරටත් පැවසුවේය.

අනෙක් අතට , මෙම මැතිවරණය හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර ගැටුමක් මෙන්ම අත්‍යවශ්‍යයෙන්ම ඇමරිකාවේ විවිධ දර්ශන දෙකක් අතර ගැටුමක් බවත් ඝාතන තැත එය අවධාරණය කරන බවත් මෙම ගැටුම ඇමරිකානු සමාජය තවදුරටත් ඉරා දමන අතර වඩාත් ප්‍රචණ්ඩකාරී පිපිරීම් වලට මග සලසන බවත් ඩයඕ අවධාරණය කළේය.

ට්විටර් හෙවත් X වැනි චීන සමාජ මාධ්‍ය වේදිකා වන Weibo සහ Xiaohongshu වල අදාළ මාතෘකා , කම්පන සහගත ප්‍රවණතාවක් සහිතව චීන අන්තර්ජාල පරිශීලකයන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන බව ඔවුහු පවසති. මෑත කාලීන ආන්දෝලනාත්මක ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැති විවාදයෙන් සහ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ට්‍රම්ප් පරාජය කිරීමට අවස්ථාවක් නොමැති බව එක්සත් ජනපද දේශපාලන දහරාව තුළ සිටින ට්‍රම්ප්ගේ සතුරන් හෝ අන්ත ට්‍රම්ප් විරෝධී ක්‍රියාකාරීන් හඳුනා ගෙන සිටින නිසා, අනාගතයේදී ට්‍රම්ප්ට තවත් ඝාතන උත්සාහයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇතැමුන් අනාවැකි පළ කරති. මැතිවරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග වැනි වෙනත් නීතිමය ක්‍රම මගින් ඔහුට පහර දීමට  අවස්ථාවක් නොමැති හෙයින් ඇතැමුන් වඩාත් අවදානම් සහ ආන්තික පියවර තෝරා ගැනීමට බොහෝ ඉඩකඩ ඇත.

චීන ඊ-වාණිජ්‍ය වේදිකා ගණනාවක් වෙඩි තැබීමේ ස්ථානයේදී ට්‍රම්ප්ගේ ඡායාරූපයක් සහිත ටී-ෂර්ට් පිරිනැමීමට ඉදිරියට පැමිණි බව ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර ගත්තේය.

ඊ-වාණිජ්‍ය වේදිකාවක් වන Pinduoduo හි වෙළෙන්දෙකු ඊයේ(14) ග්ලොබල් ටෛම්ස්  වෙත පැවසුවේ ඔවුන් ඊයේ(14) උදෑසන නිෂ්පාදන එළියට දැමූ දා සිට  දුසිම් ගණනක ඇණවුම් සැපයීමට කටයුතු කර ඇති බවයි.එහිදී වෙළෙන්දා වැඩිදුරත් පැවසුවේ ටී ෂර්ට් තොග අලෙවියක් සිදු නොවූ බවත් සෑම පාරිභෝගිකයෙකුම ටී ෂර්ට් එක බැගින් පමණක් ඇණවුම් කළ බවත්ය. මීට අමතරව, ඔහුට අනුව ගනුදෙනුකරුවන් සෘජුව සහ පැකිලීමකින් තොරව ටී ෂර්ට් ඇණවුම් කිරීමටද කටයුතු කළේය.

දුෂ්‍ය වූ අමෙරිකානු දේශපාලන වායුගෝලය

ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධිය 1972 ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් වොලස්ට වෙඩි තැබීම සිහිපත් කරන බව ඇතැම් විද්වතුන් ප්‍රකාශ කළහ. "එක්සත් ජනපදයේ වත්මන් අවුල් සහගත තත්ත්වය 1960 ගණන්වල අග භාගයේ සිට 1970 ගණන්වල මුල් භාගය දක්වා වූ කැලඹීම තරමක් සිහිගන්වනවා." චීන සමාජ විද්‍යා ඇකඩමියේ ඇමරිකානු අධ්‍යයන පිළිබඳ විශේෂඥයෙකු වන Lü Xiang ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසීය.

මෙම සිදුවීම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක සීමාව ශක්තිමත් කළ හැකි බව විශේෂඥයාගේ  විශ්වාසයයි. විශේෂයෙන්ම ඔහුගේ දකුණු කණෙන් රුධිරය ගලමින් තිබුණු නමුත් ආරක්ෂකයින් විසින් රැගෙන යන අතරතුර ඔහුගේ හස්තය ඔසවමින් සිටින ඔහුගේ රූපය සැලකිල්ලට ගැනීමට චීන විශේෂඥයා කටයුතු කළේය. "රිපබ්ලිකන් පක්ෂය එය ට්‍රම්ප්ට වීරෝදාර අවස්ථාවක් ලෙස නිරූපණය කිරීමට ක්‍රියා කරනු ඇත." ලු පැවසුවේ ට්‍රම්ප් නොසැලී සිටි බවත් දිගටම රැලි පවත්වන බවත් රිපබ්ලිකන් පක්ෂය අවධාරණය කරනු ඇති බවත් අවධාරණය කරමිනි.

"වයෝවෘද්ධ අපේක්ෂකයින් දෙදෙනා අතර නිර්දය අන්‍යෝන්‍ය චෝදනා සහ පුද්ගලික ප්‍රහාර මධ්‍යයේ, දුෂ්‍ය වූ වාතාවරණයක් අඛණ්ඩව ගොඩනැගෙමින් පවතී. එවැනි දුෂ්‍ය පරිසරයක් තුළ, ප්‍රචණ්ඩ සිදුවීම් එකක් හෝ ඊටත් වඩා සිදුවනු ඇතැයි සිතීම අපහසු නැත." ලු පැවසීය.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු වල අවසන් මාස හතරට ආසන්න වන විට, සියලු පාර්ශවයන් ජවයක් ඇති කිරීමට සිය උත්සාහයන් තීව්‍ර කරනු ඇති අතර, එය වඩ වඩාත් උණුසුම් මැතිවරණ වාතාවරණයක් කරා ගෙන යනු ඇත. විශේෂයෙන් පෙනිසිල්වේනියාව වැනි තීරණාත්මක දෝලනාත්මක ප්‍රාන්තවල වැඩි රැලි ගණනක් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදුවනු ඇත. මීට අමතරව, ජනාධිපති අපේක්ෂකයින් මහජනතාව සමඟ අන්තර් ක්‍රියා කරන අවස්ථා සහ ප්‍රසිද්ධ උත්සවවලට පෙනී සිටීමේ අවස්ථා වැඩි වනු ඇතැයිද විශේෂඥයෝ පවසති.

විස්කොන්සින් ප්‍රාන්තයේ මිලෞකී හිදී අද(15) ආරම්භ වීමට නියමිත රිපබ්ලිකන් සම්මේලනයට හිටපු ජනාධිපතිවරයා  සහභාගි වන බව ට්‍රම්ප්ගේ ඉහළම සහායකයින් ප්‍රකාශ කළෝය. ට්‍රම්ප් 18 වනදා රාත්‍රියේ සිය පක්ෂයේ නාමයෝජනා නිල වශයෙන් පිළිගෙන අදහස් දැක්වීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

"වෙඩි තැබීමේ සිද්ධියකින් වෙඩි වැදුණු අපේක්ෂකයාට අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි යන මතය ලබා දී නැත. වෙඩි තැබීමේ සිද්ධිය නිසා වෙඩි වැදුණු ජනාධිපති අපේක්ෂකයා අවසාන ජයග්‍රහණය ලබා ගන්නේද යන්න තීරණය වන්නේ එම අවස්ථාවේ මැතිවරණයේ විශේෂිත තත්වයන් මතයි," ලී පැවසීය.

"වෙඩි වැදුණු පක්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණය ජයග්‍රහණය කරන බවට නිගමනයකට එළඹීම විද්‍යාත්මක නොවන බව" බව සඳහන් කළ ඔහු  එක්සත් ජනපද මැතිවරණයේ ඉදිරි මාස තුන තුළ කුමක් සිදුවේද යන්න දැන්ම අනාවැකි කිව නොහැකි බව පෙන්වා දෙමින්  "ඇමරිකානු මැතිවරණවල ප්‍රභලතම ලක්ෂණය වන්නේ ඒවායේ අනපේක්ෂිත බවයි." යනුවෙන් පැවසුවේය.

චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ සහකාර පීඨාධිපති ජින් කැන්රොං ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසුවේ මෑත වසරවලදී එක්සත් ජනපදයේ පක්ෂග්‍රාහී පද්ධතියේ ගුණාත්මකභාවය පිරිහී ඇති බවයි. අතීතයේ දී අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රමය නිදහසේ ගලාගියේ, පක්ෂ දෙකේම බොහෝ සාමාජිකයන් මධ්‍යස්ථ මතධාරීන් වූ  බැවිනි. ඔවුන්ගේ දේශපාලන අදහස් වෙනස් වුවද ඔවුන් එතරම් අන්තවාදී නොවූ අතර බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි විය. "නමුත් දැන් අපට පෙනෙන්නේ කොංග්‍රසය සෑම කාරණයකදීම පාහේ පක්ෂ මතවාද ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරන බවත්, පක්ෂග්‍රාහී දේශපාලනය වඩාත් ධ්‍රැවීකරණය වෙමින් පවතින බවත්ය." ජින් සඳහන් කළේය.

"ඇමරිකානුවන් ප්‍රංශ දේශපාලන සන්දර්භය තුළ ඇති අන්තයට වඩා වෙනස්කම් සහිත සම්මුතියේ ප්‍රඥාව ඔවුන් සතුව ඇතැයි යන අදහස සම්බන්ධයෙන් ආඩම්බර විය. නමුත් දැන් ඔවුන් ද අන්ත සහ නොසැලකිලිමත්බවින් යුක්ත බැවින් මධ්‍යස්ථ මතධාරීන්ට අඩු ඉඩක් ලබා දී ඇත." ජින් පැවසීය. .

"ඊට අමතරව, එක්සත් ජනපදයේ ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය පුළුල් වෙමින් පවතී. මධ්‍යම පන්තිය හැකිලෙමින් පවතී. එසේම සමාජ ධ්‍රැවීකරණය ද ඉතා බරපතල ඉමකට තල්ලු වී තිබේ. සංක්‍රමණ සහ ආර්ථික ප්‍රතිපත්ති වැනි බොහෝ විශේෂිත සමාජ ගැටුම් ඉතා වඩාත් දරුණුයි."යැයි පැවසූ ජින් එක්සත් ජනපදයේ ධනපතියන් බෙදී යන විට සිවිල් යුද්ධයක අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය.

(global times පුවත්පතේ පළ වූ Shooting at Trump rally shows 'rising political violence as US divides further' ලිපිය ඇසුරින් සිංහලට පරිවර්තනය කළේ - ජීවන්ත ජයතිස්ස)

Shooting at Trump rally shows 'rising political violence as US divides further'

සම්බන්ධිත පුවත් | Related News

මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
නිදහස් ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා විසින් සමරනු ලබන 77 වැනි කම්කරු දිනය අදට යෙදී ඇත.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙවන පරපුර විසින් සංවිධානය කරන 'ඉන්දු ලංකා යටත්වීමේ ගිවිසුම්, පාවාදීමේ තරම සහ අවසන් ප්‍රථිඵලය' සංවාදශීලී සම්මන්ත්‍රණය අද(1) උදෑසන 9 ට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.