News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප්ගේ දේශපාලන රැලියට වෙඩි තැබීම : එක්සත් ජනපදය තව දුරටත් කැබලි වීම සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉහළ යාම

Jul 15, 2024 at 04:39 PM
|

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන  ජනාධිපති ෂී ජින්පින්ග් හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(14) ප්‍රකාශ කළේය.

හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පෙනිසිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහුගේ රැලියේදී එරට වේලාවෙන් සෙනසුරාදා(13) වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී දකුණු කණ් පෙත්තට තුවාල සිදු වූ බව වාර්තා විය. මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයා සහ  රිපබ්ලිකන් පක්ෂයෙන් නම් කරනු ඇතැයි අපේක්ෂිත ජනාධිපති අපේක්ෂකයා ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස සලකා විමර්ශනය කෙරෙන බව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් උපුටා දක්වමින් ඒපී පුවත් සේවය වාර්තා කළේය.

වෙඩි ප්‍රහාරය එල්ල කළේ යැයි  සැකකෙරෙන තරුණයා මියගොස් ඇති අතර රැස්වීමට  සහභාගි වීමට පැමිණි අයෙක්ද මියගොස් ඇත. එලෙසම රැලියට සහභාගි වූ  තවත් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඇත. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පවසන්නේ ඔහු වේදිකාවෙන් ඉවතට ගෙනයාමෙන් පසු ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වූ බවයි. 

මේ අතර එෆ්බීඅයි ඔත්තු සේවය ඊයේ(14)  පෙනිසිල්වේනියාවේ බෙතෙල් පාක්හි 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගත් තරුණයෙකු ඇමෙරිකානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති බවයි. වෙඩික්කරුගේ චේතනාව  පැහැදිලි කිරීමට මෙතෙක් අමෙරිකානු ආරක්ෂක අංශ සමත්ව නැත. මේ අතර ප්‍රමුඛ පෙලේ රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ප්‍රචණ්ඩත්වය වහා හෙළා දුටු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, තුවක්කුකරුට පෙනිසිල්වේනියාවේ මහජන අධිකරණ වාර්තාවල අපරාධ ඉතිහාසයක් වාර්තා වී නොතිබූ අතර,  තුවක්කුකරුගේ චේතනාව හඳුනාගෙන නොමැති බවද නිලධාරීහු පවසා ඇත. 

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ වාර්තාවකට අනුව  කෲක්ස් රිපබ්ලිකානුවෙකු ලෙස ලියාපදිංචි වී තිබේ. එසේ වුවද 2021 ජනවාරි මාසයේදී ඩිමොක්‍රටික් පක්ෂයට පරිත්‍යාග භාර  ගැණීමට නිර්මානය කළ ActBlue හරහා ලිබරල් ඡන්ද දායක කණ්ඩායමක් වන ප්‍රගතිශීලී හැරවුම් ව්‍යාපෘතියට ඔහු ඩොලර් 15ක් පරිත්‍යාග කළ බව ෆෙඩරල් ප්‍රචාරක-මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙවර ජනාධිපතිවරණයේදී පළමු වරට  ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වයස් ප්‍රමානය සපුරාගෙන සිටින බවයි.

"ඇමරිකාවේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඉඩක් නැත. එවැනි උත්සාහයන් හෙළා දැකීමට අපි එක ජාතියක් ලෙස එක්විය යුතුයි," වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසීය. මේ අතර, ට්‍රම්ප්ගේ රැලියේදී සිදුවූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ලොව පුරා රාජ්‍ය නායකයින් ද කම්පනයෙන් යුතුව හෙළා දැකීමෙන් ප්‍රතිචාර දැක්වීය.

දේශපාලන ප්‍රචණ්ඩත්වය

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුගේ අනන්‍යතාවය සහ පසුබිම අමෙරිකානු මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇති බවට සැකයක් නැත. "තුවක්කුකරුට ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පොළඹවන  කරුණු තුනක් සැලකිල්ලට ගත හැක" චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොං ඊයේ(14) ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වෙත පැවසීය.

"පළමුව, ඔහු ට්‍රම්ප් දිනනවා දකින්නට අකමැති,රජය තුළ ඇති නොපෙනෙන බලවේගය හෙවත් සැඟවුනු රාජ්‍යයේ කෙනෙකු විය හැකියි. දෙවනුව, එය ට්‍රම්ප් නියෝජනය කරන අන්ත දක්ෂිනාංශය, මැතිවරණය ජයග්‍රහණය  දැකීමට අකමැති වාම අන්තවාදී බලවේග විසින් මෙහෙයවන රැඩිකල් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටි අයෙකු විය හැකියි. එම කාණ්ඩ දෙකටම අයත් නොවන්නේ නම් කිසිදු සංවිධානාත්මක පසුබිමක් නොමැති හුදෙක් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ වෙහෙසට පත් වූ තනි පුද්ගල අන්තවාදියෙකුගේ ක්‍රියාවක් විය හැකියි." මහාචාර්ය ලී පැවසුවේය.

“වෙඩි තැබීම සංවිධානාත්මක ක්‍රියාවක් නම්, මෙම සිදුවීම සැලසුම් සහගතව සිදු වූවක් බවට සැකයක් නැත. එය තනි පුද්ගල අන්තවාදියකුගේ ක්‍රියාවක් නම්, එය අහඹු සිදුවීමක් විය හැකි ය. අප දැන් එක්සත් ජනපද බලධාරීන්ගේ විමර්ශනයේ ප්‍රතිඵල එනතෙක් බලා සිටිය යුතුයි." ලී වැඩිදුරටත් පැවසීය.

සීඑන්එන් පුවත් සේවයේ විශ්ලේෂකයකු පැවසුවේ "ඇමරිකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශාපලත් කතාවේ අඳුරු නව පරිච්ඡේදයක් විවර කරන ඝාතන තැත, එහි නූතන ඉතිහාසයේ වඩාත්ම ආතති සහගත කාල පරිච්ඡේදයක් තුළ වෙසෙන දැනටමත් බරපතල ලෙස විරසක වූ ජාතියක් කම්පා කරවන" බවයි.

සමහර චීන විශේෂඥයින් කියා සිටියේ ඇමරිකානු ඉතිහාසය පුරාම බලයේ සිටින ජනාධිපතිවරයෙකු, ජනාධිපති අපේක්ෂකයෙකු හෝ වෙනත් දේශපාලන චරිතයක් ප්‍රහාරයට, වෙඩි තැබීමට හෝ ඝාතනයට ලක්වීම  අසාමාන්‍ය දෙයක් නොවන බවයි.

"මෙයින් ඇඟවෙන්නේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඇමරිකානු ඉතිහාසයේ අනිවාර්ය අංගයක් බවයි. අනෙක් අතට, ආරක්ෂක විධිවිධාන නොතකා හිටපු ජනාධිපතිවරයා සහභාගී වන දේශපාලන රැස්වීම්වලදී එවැනි භයංකාර සිදුවීම් තවමත් සිදුවීම එක්සත් ජනපදයේ දැනට පවතින ගිනි අවි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රශ්නය සහ එම ගැටලුව තුළ විද්‍යාමාන වන 'නොගැලපෙන බව' ඉස්මතු කරනවා."  චීනයේ බීජිං හි රෙන්මින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඩයඕ ඩේමිං ඊයේ(14) ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වෙත පැවසීය.

මෑත වසරවලදී, ඇමරිකානු දේශපාලනය, දේශපාලන ස්ථාවරයන් මත පදනම් වූ අන්‍යෝන්‍ය විරුද්ධත්වයේ සිට පුද්ගලික පළිගැනීමේ දේශපාලනයකට සීරු මාරු වී ඇති බව ඩයඕ සඳහන් කළේය. "ප්‍රචණ්ඩත්වය තුලින් ප්‍රකාශ වන මෙවැනි පළිගැනීම් අමෙරිකානු දේශපාලනය තුළ විද්‍යාමාන වන මෙම සීරු මාරුවේ පැහැදිලි දර්ශකයකි." ඩයඕ ඩේමිං වැඩිදුරටත් පැවසුවේය.

අනෙක් අතට , මෙම මැතිවරණය හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර ගැටුමක් මෙන්ම අත්‍යවශ්‍යයෙන්ම ඇමරිකාවේ විවිධ දර්ශන දෙකක් අතර ගැටුමක් බවත් ඝාතන තැත එය අවධාරණය කරන බවත් මෙම ගැටුම ඇමරිකානු සමාජය තවදුරටත් ඉරා දමන අතර වඩාත් ප්‍රචණ්ඩකාරී පිපිරීම් වලට මග සලසන බවත් ඩයඕ අවධාරණය කළේය.

ට්විටර් හෙවත් X වැනි චීන සමාජ මාධ්‍ය වේදිකා වන Weibo සහ Xiaohongshu වල අදාළ මාතෘකා , කම්පන සහගත ප්‍රවණතාවක් සහිතව චීන අන්තර්ජාල පරිශීලකයන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන බව ඔවුහු පවසති. මෑත කාලීන ආන්දෝලනාත්මක ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැති විවාදයෙන් සහ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ට්‍රම්ප් පරාජය කිරීමට අවස්ථාවක් නොමැති බව එක්සත් ජනපද දේශපාලන දහරාව තුළ සිටින ට්‍රම්ප්ගේ සතුරන් හෝ අන්ත ට්‍රම්ප් විරෝධී ක්‍රියාකාරීන් හඳුනා ගෙන සිටින නිසා, අනාගතයේදී ට්‍රම්ප්ට තවත් ඝාතන උත්සාහයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇතැමුන් අනාවැකි පළ කරති. මැතිවරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග වැනි වෙනත් නීතිමය ක්‍රම මගින් ඔහුට පහර දීමට  අවස්ථාවක් නොමැති හෙයින් ඇතැමුන් වඩාත් අවදානම් සහ ආන්තික පියවර තෝරා ගැනීමට බොහෝ ඉඩකඩ ඇත.

චීන ඊ-වාණිජ්‍ය වේදිකා ගණනාවක් වෙඩි තැබීමේ ස්ථානයේදී ට්‍රම්ප්ගේ ඡායාරූපයක් සහිත ටී-ෂර්ට් පිරිනැමීමට ඉදිරියට පැමිණි බව ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර ගත්තේය.

ඊ-වාණිජ්‍ය වේදිකාවක් වන Pinduoduo හි වෙළෙන්දෙකු ඊයේ(14) ග්ලොබල් ටෛම්ස්  වෙත පැවසුවේ ඔවුන් ඊයේ(14) උදෑසන නිෂ්පාදන එළියට දැමූ දා සිට  දුසිම් ගණනක ඇණවුම් සැපයීමට කටයුතු කර ඇති බවයි.එහිදී වෙළෙන්දා වැඩිදුරත් පැවසුවේ ටී ෂර්ට් තොග අලෙවියක් සිදු නොවූ බවත් සෑම පාරිභෝගිකයෙකුම ටී ෂර්ට් එක බැගින් පමණක් ඇණවුම් කළ බවත්ය. මීට අමතරව, ඔහුට අනුව ගනුදෙනුකරුවන් සෘජුව සහ පැකිලීමකින් තොරව ටී ෂර්ට් ඇණවුම් කිරීමටද කටයුතු කළේය.

දුෂ්‍ය වූ අමෙරිකානු දේශපාලන වායුගෝලය

ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධිය 1972 ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් වොලස්ට වෙඩි තැබීම සිහිපත් කරන බව ඇතැම් විද්වතුන් ප්‍රකාශ කළහ. "එක්සත් ජනපදයේ වත්මන් අවුල් සහගත තත්ත්වය 1960 ගණන්වල අග භාගයේ සිට 1970 ගණන්වල මුල් භාගය දක්වා වූ කැලඹීම තරමක් සිහිගන්වනවා." චීන සමාජ විද්‍යා ඇකඩමියේ ඇමරිකානු අධ්‍යයන පිළිබඳ විශේෂඥයෙකු වන Lü Xiang ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසීය.

මෙම සිදුවීම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක සීමාව ශක්තිමත් කළ හැකි බව විශේෂඥයාගේ  විශ්වාසයයි. විශේෂයෙන්ම ඔහුගේ දකුණු කණෙන් රුධිරය ගලමින් තිබුණු නමුත් ආරක්ෂකයින් විසින් රැගෙන යන අතරතුර ඔහුගේ හස්තය ඔසවමින් සිටින ඔහුගේ රූපය සැලකිල්ලට ගැනීමට චීන විශේෂඥයා කටයුතු කළේය. "රිපබ්ලිකන් පක්ෂය එය ට්‍රම්ප්ට වීරෝදාර අවස්ථාවක් ලෙස නිරූපණය කිරීමට ක්‍රියා කරනු ඇත." ලු පැවසුවේ ට්‍රම්ප් නොසැලී සිටි බවත් දිගටම රැලි පවත්වන බවත් රිපබ්ලිකන් පක්ෂය අවධාරණය කරනු ඇති බවත් අවධාරණය කරමිනි.

"වයෝවෘද්ධ අපේක්ෂකයින් දෙදෙනා අතර නිර්දය අන්‍යෝන්‍ය චෝදනා සහ පුද්ගලික ප්‍රහාර මධ්‍යයේ, දුෂ්‍ය වූ වාතාවරණයක් අඛණ්ඩව ගොඩනැගෙමින් පවතී. එවැනි දුෂ්‍ය පරිසරයක් තුළ, ප්‍රචණ්ඩ සිදුවීම් එකක් හෝ ඊටත් වඩා සිදුවනු ඇතැයි සිතීම අපහසු නැත." ලු පැවසීය.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු වල අවසන් මාස හතරට ආසන්න වන විට, සියලු පාර්ශවයන් ජවයක් ඇති කිරීමට සිය උත්සාහයන් තීව්‍ර කරනු ඇති අතර, එය වඩ වඩාත් උණුසුම් මැතිවරණ වාතාවරණයක් කරා ගෙන යනු ඇත. විශේෂයෙන් පෙනිසිල්වේනියාව වැනි තීරණාත්මක දෝලනාත්මක ප්‍රාන්තවල වැඩි රැලි ගණනක් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදුවනු ඇත. මීට අමතරව, ජනාධිපති අපේක්ෂකයින් මහජනතාව සමඟ අන්තර් ක්‍රියා කරන අවස්ථා සහ ප්‍රසිද්ධ උත්සවවලට පෙනී සිටීමේ අවස්ථා වැඩි වනු ඇතැයිද විශේෂඥයෝ පවසති.

විස්කොන්සින් ප්‍රාන්තයේ මිලෞකී හිදී අද(15) ආරම්භ වීමට නියමිත රිපබ්ලිකන් සම්මේලනයට හිටපු ජනාධිපතිවරයා  සහභාගි වන බව ට්‍රම්ප්ගේ ඉහළම සහායකයින් ප්‍රකාශ කළෝය. ට්‍රම්ප් 18 වනදා රාත්‍රියේ සිය පක්ෂයේ නාමයෝජනා නිල වශයෙන් පිළිගෙන අදහස් දැක්වීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

"වෙඩි තැබීමේ සිද්ධියකින් වෙඩි වැදුණු අපේක්ෂකයාට අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි යන මතය ලබා දී නැත. වෙඩි තැබීමේ සිද්ධිය නිසා වෙඩි වැදුණු ජනාධිපති අපේක්ෂකයා අවසාන ජයග්‍රහණය ලබා ගන්නේද යන්න තීරණය වන්නේ එම අවස්ථාවේ මැතිවරණයේ විශේෂිත තත්වයන් මතයි," ලී පැවසීය.

"වෙඩි වැදුණු පක්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණය ජයග්‍රහණය කරන බවට නිගමනයකට එළඹීම විද්‍යාත්මක නොවන බව" බව සඳහන් කළ ඔහු  එක්සත් ජනපද මැතිවරණයේ ඉදිරි මාස තුන තුළ කුමක් සිදුවේද යන්න දැන්ම අනාවැකි කිව නොහැකි බව පෙන්වා දෙමින්  "ඇමරිකානු මැතිවරණවල ප්‍රභලතම ලක්ෂණය වන්නේ ඒවායේ අනපේක්ෂිත බවයි." යනුවෙන් පැවසුවේය.

චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ සහකාර පීඨාධිපති ජින් කැන්රොං ඊයේ(14) ග්ලොබල් ටෛම්ස් වෙත පැවසුවේ මෑත වසරවලදී එක්සත් ජනපදයේ පක්ෂග්‍රාහී පද්ධතියේ ගුණාත්මකභාවය පිරිහී ඇති බවයි. අතීතයේ දී අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රමය නිදහසේ ගලාගියේ, පක්ෂ දෙකේම බොහෝ සාමාජිකයන් මධ්‍යස්ථ මතධාරීන් වූ  බැවිනි. ඔවුන්ගේ දේශපාලන අදහස් වෙනස් වුවද ඔවුන් එතරම් අන්තවාදී නොවූ අතර බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි විය. "නමුත් දැන් අපට පෙනෙන්නේ කොංග්‍රසය සෑම කාරණයකදීම පාහේ පක්ෂ මතවාද ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරන බවත්, පක්ෂග්‍රාහී දේශපාලනය වඩාත් ධ්‍රැවීකරණය වෙමින් පවතින බවත්ය." ජින් සඳහන් කළේය.

"ඇමරිකානුවන් ප්‍රංශ දේශපාලන සන්දර්භය තුළ ඇති අන්තයට වඩා වෙනස්කම් සහිත සම්මුතියේ ප්‍රඥාව ඔවුන් සතුව ඇතැයි යන අදහස සම්බන්ධයෙන් ආඩම්බර විය. නමුත් දැන් ඔවුන් ද අන්ත සහ නොසැලකිලිමත්බවින් යුක්ත බැවින් මධ්‍යස්ථ මතධාරීන්ට අඩු ඉඩක් ලබා දී ඇත." ජින් පැවසීය. .

"ඊට අමතරව, එක්සත් ජනපදයේ ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය පුළුල් වෙමින් පවතී. මධ්‍යම පන්තිය හැකිලෙමින් පවතී. එසේම සමාජ ධ්‍රැවීකරණය ද ඉතා බරපතල ඉමකට තල්ලු වී තිබේ. සංක්‍රමණ සහ ආර්ථික ප්‍රතිපත්ති වැනි බොහෝ විශේෂිත සමාජ ගැටුම් ඉතා වඩාත් දරුණුයි."යැයි පැවසූ ජින් එක්සත් ජනපදයේ ධනපතියන් බෙදී යන විට සිවිල් යුද්ධයක අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය.

(global times පුවත්පතේ පළ වූ Shooting at Trump rally shows 'rising political violence as US divides further' ලිපිය ඇසුරින් සිංහලට පරිවර්තනය කළේ - ජීවන්ත ජයතිස්ස)

Shooting at Trump rally shows 'rising political violence as US divides further'

සම්බන්ධිත පුවත් | Related News

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.
ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු මෙන්ම උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
බෞද්ධ හිමිවරුන් සිරගත කරන ලෙස ඉල්ලා සිටින්නේ බෞද්ධ විරෝධී පිරිස් බවත්, යූ ටියුබ්කරුවන්ගේ හෝ ඇතැම් කාන්තා සංවිධානවල අත්තනෝමතික ඉල්ලීම් හමුවේ නීතිය යටපත් නොවන බවත් පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කරති.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.
නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.