ගණේමුල්ලේ සංජීවලා, වෙලේ සුදාලා, පොඩි ලැසීලා හිරේ ඉඳන් සුපුරුදු වැඩලු
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාලයේ මහ කෙරුම්කාරයන් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීව, කුඩු සලිඳු, වෙලේ සුදා සහ පොඩි ලැසී නමැති අපරාධකාරයන් බන්ධනාගාරයේ සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අනාවරණය කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී නවීන පන්නයේ ජංගම දුරකථන හයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මොවුන්ගේ මෙම පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු හෙළි වූ බවයි.
ගණේමුල්ලේ සංජීව සහ කුඩු සලිඳු නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනා වසර එකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවා සිටියදී ඔවුන් කිසිම ආකාරයකින් පාතාල ක්‍රියාකාරකම් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී නොසිටි බව පොලිස්පතිවරයා පවසයි.
එහෙත් මෙම අපරාධකරුවන් බන්ධනාගාර ගත කිරීමත් සමගම ඔවුන් සුපුරුදු ලෙස ජංගම දුරකථන භාවිතා කරමින් සිය පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් ඒකාබද්ධව සිකුරාදා අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම බන්ධනාගාරයේ දැඩි රැකවරණ යටතේ රඳවා සිටින කුඩු සලිඳු සහ වෙලේ සුදා සතුව තිබී ස්මාර්ට් වර්ගයේ අති නවීන ජංගම දුරකථන 04ක් සොයාගැනීමට හැකි විය.
මීට දින තුනකට උඩදී බූස්ස බන්ධනාගාරය තුළ කළ මෙහෙයුමකදී ගණේමුල්ලේ සංජීව සහ පොඩි ලැසී සතුව තිබී තවත් ස්මාර්ට් දුරකථන දෙකක් සොයා ගන්නා ලදී.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..