
ගණේමුල්ලේ සංජීවලා, වෙලේ සුදාලා, පොඩි ලැසීලා හිරේ ඉඳන් සුපුරුදු වැඩලු
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාලයේ මහ කෙරුම්කාරයන් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීව, කුඩු සලිඳු, වෙලේ සුදා සහ පොඩි ලැසී නමැති අපරාධකාරයන් බන්ධනාගාරයේ සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අනාවරණය කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී නවීන පන්නයේ ජංගම දුරකථන හයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මොවුන්ගේ මෙම පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු හෙළි වූ බවයි.
ගණේමුල්ලේ සංජීව සහ කුඩු සලිඳු නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනා වසර එකහමාරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවා සිටියදී ඔවුන් කිසිම ආකාරයකින් පාතාල ක්‍රියාකාරකම් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී නොසිටි බව පොලිස්පතිවරයා පවසයි.
එහෙත් මෙම අපරාධකරුවන් බන්ධනාගාර ගත කිරීමත් සමගම ඔවුන් සුපුරුදු ලෙස ජංගම දුරකථන භාවිතා කරමින් සිය පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් ඒකාබද්ධව සිකුරාදා අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම බන්ධනාගාරයේ දැඩි රැකවරණ යටතේ රඳවා සිටින කුඩු සලිඳු සහ වෙලේ සුදා සතුව තිබී ස්මාර්ට් වර්ගයේ අති නවීන ජංගම දුරකථන 04ක් සොයාගැනීමට හැකි විය.
මීට දින තුනකට උඩදී බූස්ස බන්ධනාගාරය තුළ කළ මෙහෙයුමකදී ගණේමුල්ලේ සංජීව සහ පොඩි ලැසී සතුව තිබී තවත් ස්මාර්ට් දුරකථන දෙකක් සොයා ගන්නා ලදී.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
