මේ මස අග දී ජනපති සටනේ දිනය තීන්දු වෙයි
ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීම මේ මස අවසන් සතියේ සිදුකිරීමට බොහෝදුරට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන බදාදා (17 දා) සිට මැතිවරණ කොමිසමට හිමිවන අතර ඉන්පසුව කොමිසම රැස්වී මැතිවරණය කැඳවීමේ දිනය තීරණය කිරීමට නියමිතය.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් නාමයෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන බව වාර්තා වෙයි.
ඉන් පසුව ඡන්ද විමසීම සිදුකරන දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර සති තුනක් ඇතුළත නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදුකළ යුතු අතර නාමයෝජනා පත්‍ර භාරගත් දිනයේ සිට දින 28ත් 42ත් ඇතුළත ඡන්ද විමසීම සිදුකළ යුතු වෙයි.
ජනාධිපතිවරණය සඳහා අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති නමුත් වියදම ඊට වඩා වැඩිවනු ඇති බව මැතිවරණ කොමිසම ආරංචි මාර්ග පවසයි. මුද්‍රණ කටයුතු, ප්‍රවාහන, මැතිවරණ රාජකාරි හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් පෙර මැතිවරණවලට වඩා වැඩි මුදලක් වෙන්කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..