
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියට වෙඩි! ට්‍රම්ප්ට තුවාලයි! (වීඩියෝ )
ඊයේ(13) අමෙරිකාවේ පෙනිසිල්වියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කනේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.
වෙඩි වැදීමෙන් පසු බිම ඇද වැටුනු ට්‍රම්ප් සුළු මොහොතකට පසු නැඟිට තම දකුණු හස්තය ඔසවා තමා හොඳින් බවත් සටනට සූදානම් බවත් ඇඟවීය. අනතුරුව ඔහුගේ ආරක්ෂක නිලධාරින් විසින් ඔහුව සිද්ධිය වූ ස්ථානයෙන් පිටතට රැගෙන ගියේය.
ඝාතන උත්සාහයෙන් පසු ට්‍රම්ප් පෙනිසිල්වියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂණයකට භාජනය වෙමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ලේකම් මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කල තුවක්කුකරුවෙකු සහ අවම වශයෙන් එක් ප්‍රේක්ෂකයෙකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්ය.
මේ අතරා ට්‍රම්ප් සමාජ මාධ්‍යවලට අදහස් දක්වමින් “මගේ දකුණු කණේ ඉහළ කොටසට” වෙඩි උණ්ඩයක් වැදී ඇතැයි පවසා සිටියේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ “නීච ක්‍රියාවෙන්” පසුව ට්‍රම්ප් “හොඳින්” සිටින බවයි.
බුද්ධි අංශ වලට අනුව වෙඩික්කරු ආරක්ෂක නිළධාරින් විසින් මරා දැමීමට පෙර ඔහුගේ රැළිය පැවැත්වු ස්ථානයට ආසන්නයේ පිහිටි “උස් ස්ථානයක සිට” වෙඩි කිහිපයක් තබා තිබේ. නීතිය බලාත්මක කිරීමේ මූලාශ්‍ර ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ වෙඩික්කරු රැලිය පැවැත්වු ස්ථානයෙන් පිටත ගොඩනැගිල්ලක වහලක් මත ස්ථානගතව සිට ඇති බවයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අනුව ප්‍රහාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස හැඟවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා - රවී කුමුදේශ්
කොන්ද පණ තියෙනවනම් ගහපු ගිවිසුම් ටික එළියට දාන්න... විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
පිල්ලයාන් අත්අඩංගුවට
ඉන්දියානු බලපෑම ගැන ලංකාව ප්‍රවේශම් විය යුත්තේ ඇයි? (වීඩියෝ)
දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මත වෙයි... කිසිවෙකු විරුද්ධ නොවේ.
ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව චීනය 'අවසානය දක්වා සටන් කිරීමට' ප්‍රතිඥා දෙයි.
ඉන්දියාව දැන් වෙනස් වෙලා... අපි මොකටද තරහා වෙලා ඉන්නේ - ටිල්වින් සිල්වා (වීඩියෝ)
ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්
අමාත්‍ය මණ්ඩලය නොදැක අනුමත කළ ගිවිසුම් 7 මෙන්න
ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටෙයි
ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි
එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.
ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්
