ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියට වෙඩි! ට්‍රම්ප්ට තුවාලයි! (වීඩියෝ )
ඊයේ(13) අමෙරිකාවේ පෙනිසිල්වියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කනේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.
වෙඩි වැදීමෙන් පසු බිම ඇද වැටුනු ට්‍රම්ප් සුළු මොහොතකට පසු නැඟිට තම දකුණු හස්තය ඔසවා තමා හොඳින් බවත් සටනට සූදානම් බවත් ඇඟවීය. අනතුරුව ඔහුගේ ආරක්ෂක නිලධාරින් විසින් ඔහුව සිද්ධිය වූ ස්ථානයෙන් පිටතට රැගෙන ගියේය.

ඝාතන උත්සාහයෙන් පසු ට්‍රම්ප් පෙනිසිල්වියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂණයකට භාජනය වෙමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ලේකම් මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කල තුවක්කුකරුවෙකු සහ අවම වශයෙන් එක් ප්‍රේක්ෂකයෙකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්ය.

මේ අතරා ට්‍රම්ප් සමාජ මාධ්‍යවලට අදහස් දක්වමින් “මගේ දකුණු කණේ ඉහළ කොටසට” වෙඩි උණ්ඩයක් වැදී ඇතැයි පවසා සිටියේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ “නීච ක්‍රියාවෙන්” පසුව ට්‍රම්ප් “හොඳින්” සිටින බවයි.
බුද්ධි අංශ වලට අනුව වෙඩික්කරු ආරක්ෂක නිළධාරින් විසින් මරා දැමීමට පෙර ඔහුගේ රැළිය පැවැත්වු ස්ථානයට ආසන්නයේ පිහිටි “උස් ස්ථානයක සිට” වෙඩි කිහිපයක් තබා තිබේ. නීතිය බලාත්මක කිරීමේ මූලාශ්‍ර ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ වෙඩික්කරු රැලිය පැවැත්වු ස්ථානයෙන් පිටත ගොඩනැගිල්ලක වහලක් මත ස්ථානගතව සිට ඇති බවයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අනුව ප්‍රහාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත් කිරීමක් ලෙස හැඟවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..