ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයින් කවුද?
උමතු දේශපාලන විද්‍යාඥ එම්මානුවෙල් මැක්‍රොන්ගේ කුඩා අත්හදාබැලීමක් ඔහුගේ මුහුණ ඉදිරියේදීම පුපුරා ගියේය. මැක්‍රොන්ගේ රසායනාගාර සහකරු ප්‍රංශ වාමාංශික නායකයාගේ ඉල්ලීම්වලට අනුකූල වීමට මැක්‍රොන් අපොහොසත් වන්නේ නම් ඉල්ලා අස්වන ලෙස දැනටමත් දන්වා යවා ඇත. මැක්‍රොන් දැන් සිටින්නේ ඔහු විසින්ම නිර්මානය කරගත් ප්‍රාණ ඇපකරු තත්වයකය.
මම උපන් නගරය වන කැනඩාවේ වැන්කුවර් හි මගේ කුඩා කාලයේ සිටම මා තුළ හැඟීමක් ඇති කළ පිළිමයක් තිබේ. "ආශ්චර්යමත් සැතපුම" ලෙස හැඳින්වෙන එය 1954 දී වැන්කුවර් එම්පයර් ක්‍රීඩාංගනයේ දී "මිනිත්තු හතරෙන් සැතපුම බිඳීම" ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ වූ මිනිසුන් දෙදෙනා වන එංගලන්තයේ රොජර් බැනිස්ටර් සහ ඕස්ට්‍රේලියාවේ ජෝන් ලැන්ඩි අතර පැවති පුරාවෘත්ත තරඟය සිහිපත් ක්කිරීමට ඉදි වූවකි. තරඟය අවසානයේ, ඉදිරියෙන් සිටි ලැන්ඩි, ඔහුගේ ප්‍රතිවාදියා දෙස උරහිසට උඩින් බැලූ අතර, රොජර් බැනිස්ටර් අනෙක් පැත්තෙන් ඔහුව පසුකර ජයග්‍රහණය ලබාගැනීමට ඉදිරියට ගියේය. “සෑම විටම අවසානය දක්වාම ඔබේ ධාවන තරඟය ඔබම ධාවනය කරන්න,” මගේ නැසීගිය, ක්‍රීඩා විශේෂඥ පියා මම ස්මාරකය දෙස බලා සිටින විට මට කීවේය. "මක්නිසාද ඔබට සැබවින්ම පාලනය කළ හැකි එකම දෙය එයයි." මැක්‍රොන් එම පාඩම ඉගෙන නොගැනීම කනගාටුවට කරුණකි.
ඒ වෙනුවට, මැක්‍රොන්ගේ සංස්ථාපිත කණ්ඩායම නිර්මානය කළ පක්ෂයට තුන්වන ස්ථානය හිමිවීමත් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයේදී ප්‍රංශ ඡන්දදායකයින් පොළඹවා ගැනීමට අපොහොසත් වූ ඔහු තමාගේම ධාවන තරඟය නතර කර වේදිකාවේ සිට වටපිට බැලීමට පටන් ගත්තේය.
මැක්‍රොන් සහ ඔහුගේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් තීරණය කළේ ප්‍රථම වටයේ මහජන ඡන්දයෙන් ආධිපත්‍යය දැරූ, සම්ප්‍රදාය විරෝධීන්, දක්ෂිණාංශික "ජාතික රැලි පක්ෂය" දෙවන වටයේ දී ඕනෑම මිලක් ගෙවා බහුතරය ප්‍රතික්ෂේප කිරීමට මෙහෙය විය යුතු බවයි. එබැවින්, සම්ප්‍රදාය විරෝධීන්, වම සහ එහි පාර්ලිමේන්තු නායිකා මැරීන් ල පෙන්ට බාධකයක් වීමට ජාතික රැලිය සඳහා ආසනයක් අත්පත් කර ගත හැකි දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් දිරිමත් කිරීමෙන් හැකි බව ඔවුහු කල්පනා කළහ. සම්ප්‍රදාය විරෝධීන්, වාමාංශික නව ජනතා පෙරමුණේ සභාගය සහ එහි තථ්‍ය නායක ජීන්-ලූක් මෙලෙන්චොන් එම ක්‍රියා මාර්ගයම අනුගමනය කිරීමට කටයුතු කළේය.
ඔවුන් ඉදිරියෙන් සිටින තරඟකරු පරාජය කිරීම සඳහා පරාජිතයන්ගේ සන්ධානයකට එකතු වනු ඇත. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස අගදී පැවැත්වීමට නියමිතය. කාන්තා ජිම්නාස්ටික් ඉසව්වේ පරාජිතයන් සියල්ලන්ම සිමෝන් බයිල්ස්ට එරෙහිව එක් පරාජිතයෙකු තෝරා ගැනීමට තීරණය කිරීමට ඉඩ දුන්නේ නම් , ඇයව පරාජය කිරීම සඳහා ඔවුන්ගේ පරාජිත ලකුණු සියල්ල එම පුද්ගලයාට ලබා දීමට සමාන බව ප්‍රංශ මැතිවරණය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.
නමුත් අවසානයේ සිදු වූ දෙය නම්, මෙම උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස, ඡන්දදායකයින්ට තේරීමක් ලබා දුන් දිස්ත්‍රික්කවලට වඩා ප්‍රංශයේ අනෙකුත් දිස්ත්‍රික්කවල - සම්ප්‍රදාය විරෝධී අපේක්ෂකයින් දෙදෙනා අතර තරඟයක් වීම පමණක් ඉතිරිව තිබියදී මැක්‍රොන්ගේ කණ්ඩායම සහ ල පෙන් කණ්ඩායම අතර තරඟයක් ගොඩ නැගුනි.
මෙම උපක්‍රමයේ ප්‍රතිඵලය; ආසන 289 ක බහුතර බලයක් නොමැති තනි පක්ෂයක් නොමැති එල්ලෙන ප්‍රංශ පාර්ලිමේන්තුවක් බිහිවීමයි. නව ජනතා පෙරමුණේ වාමාංශිකයින්ට 182ක්, මැක්‍රොන්ගේ කණ්ඩායමට 168ක් සහ ජාතික රැලියට 143ක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේ අසුන් බෙදී ගියේය. යම් කණ්ඩායමක් යම් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් භක්ෂණය කළ හැකි යැයි සිතුවහොත්, එම ඕනෑම කණ්ඩායමකට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගල උඩ සටනක් බවට පත් වනු ඇත. කඳු නැගීම කෙතරම් තද බෑවුමකින් අවසන් විය හැකිද යන්න පිළිබඳව පාඨකයාට අදහසක් ලබා ගැනීම සඳහා, මැක්‍රොන් කණ්ඩායමේ සාමාජිකයින් මේ වන විටත් ඔවුන්ගේ වාමාංශික සහෝදරයන්ගේ වමේ අවස්ථාවාදය සම්බන්ධයෙන් අගතිගාමී ලෙස අදහස් දක්වමින් සිටින අතර, නිල ප්‍රතිඵල පැමිණීමට පෙරම ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර තිබීම උදාහරණ ලෙස දැක්විය හැක.
ප්‍රංශ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුගත වෙමින්, මැක්‍රොන්ගේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් දැනටමත් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත. නමුත් නව ආණ්ඩුවක් පිහිටවන තුරු ඔහුට ධූරයේ රැඳී සිටිය හැක.
මතු වී තිබෙන ස්වභාවය සහ එයට බල පෑ නායකත්වය විසින් ලබා දී ඇති දෙයක් නොවන්නේ යෝජිත දේශපාලන සහවාසයට තුඩු දෙන මංමුලා සහගතභාවයෙන් උපත ලබන සබඳතා හෝ කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් ඡන්දයක් ලබා ගැනීම සඳහා එක් රාත්‍රියක් තුළ සකසන ලද ස්ථාවරයන් වේගවත් සාර්ථකත්වයක් උදා කරගනීදැයි හරියටම නොදන්නා බැවිනි.
දැනටමත්, නව ජනප්‍රිය පෙරමුණ තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති කණ්ඩායමේ නායකයා වන ජීන්-ලූක් මෙලෙන්චොන්, තම කණ්ඩායමට අගමැතිකම ලබා දෙන ලෙස මැක්‍රොන්ගෙන් ඉල්ලා ඇති අතර එසේත් කළ නොහැකිනම් ඉල්ලා අස්වන ලෙසද දන්වා ඇත. මැක්‍රොන්ගේ උපාය මාර්ගයෙන් සවිබල ගන්වා ඇති මෙලෙන්චොන් දැනටමත් කතා කරන්නේ අටල්ගේ ගෘහභාණ්ඩ ට්‍රක් රථයේ පටවා ඔහුගේ ඇඳුම් තණකොළ මත විසි කරනු දැකීමට අවශ්‍ය ආකාරයටය.
මේ සියල්ල මහජන ඡන්දය දිනා ගැනීමට සමත් වූ දක්ෂිණාංශික සම්ප්‍රදාය විරෝධීන් පරාජය කිරීමට පමණි. ප්‍රංශ ජාතිකයන් එක කාරණයක් අරබයා ඡන්දය ලබා දුන් අතර ඔවුන්ට ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය ලැබුණි. ඔව්, ඔබ පාඨකයෙකු ලෙස ඔබ එය නිවැරදිව කියවා ගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සහ රජය ජනතා කැමැත්ත නියෝජනය කරන බව ප්‍රකාශ කරනු ලබන අතර එයින් අදහස් කරන්නේ කුමක්දැයි සිතා බැලීම පාඨකයාට භාර කරමි. අප දෙවන වටයේ ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂනය කරන විට එක් එක් ප්‍රංශ ඡන්ද පත්‍රිකාවේ එකතුව සැබවින්ම ඡන්ද මිලියන 10 කට වඩා වැඩියෙන් ජාතික රැලිය පක්ෂයට ජයග්‍රහණයක් අත්පත් කර දෙන්නක් බවට පත්ව තිබේ. නව ජනප්‍රිය පෙරමුණ සහ මැක්‍රෝන්ගේ එකමුතුව එක්ව ඡන්ද මිලියන 6 බැගින් පැමිණ අහිමි කරගෙන තිබුණි.
මේ වන විටත් ප්‍රංශයේ අවකාශයේ බොහෝ දේ පාවෙමින් තිබේ. නමුත් ප්‍රංශ ජාතිකයන් විසින් සාක්ෂාත් කර ගත් එක් දෙයක් නම්, ඔවුන් මැක්‍රොන්ට සහ ඔහුගේ සංස්ථාපිතයට ලබා දී තිබූ හිස් චෙක්පත අවලංගු කිරීමයි. එබැවින් මැක්‍රෝන්ගේ පාලනයට තවදුරටත් බහුතරයේ අනුමැතියෙන් ප්‍රංශ පාර්ලිමේන්තුව හරහා ඔහුට අවශ්‍ය දේ කිරීමට නොහැකි වීමයි. ප්‍රංශ ජාතිකයන් මැක්‍රේන්ගේ සංස්ථාපිතය ඔවුන්ට එපා වී ඇති බව ප්‍රකාශ කරමින් කම්පනයක් ලබා දී ඇත. කෙනෙකු එය නොසලකා හැරියත් එය දැන් පැහැදිලිව තහවුරු වී ඇත. එබැවින් තම උරහිසට ඉහළින් බලා සිටි මැක්‍රොන්ට එය විශාල පාඩුවක් වන අතර සම්ප්‍රදාය විරෝධී වම ඔහු පසුකර ගොස් තිබේ.
Who are the real winners of the French parliamentary elections?
මෙම ලිපිය ලියූ Rachel Marsden යනු ජාත්‍යන්තර දේශපාලනයේ දශක දෙකකට අධික විශේෂඥ දැනුමක් ඇති මාධ්‍ය වෘත්තිකයෙකි. ඇයගේ පුළුල් වෘත්තීය ජීවිතයට බහුභාෂා සත්කාරකත්වය, ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය කිරීම සහ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිටල් වේදිකා හරහා විවාද කිරීම ආදිය ඇතුළත් වේ. ඇය 2011 වසරේ සිට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කරගත් තීරු ලිපි රචිකාවියක් වන අතර, ගෝලීය වශයෙන් ප්‍රධාන පුවත්පත් 100 කට අධික සංඛ්‍යාවකට දායකත්වය සපයා ඇත. ජාත්‍යන්තර දේශපාලන සහ ව්‍යාපාර අවදානම් උපදේශන සමාගමක් වන Global Corporation හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වසර 20 කට අධික ව්‍යාපාරික පළපුරුද්දක් ඇයගේ මාධ්‍ය පසුබිමට අනුපූරක ලෙස එකතුවේ. ඇය ප්‍රංශයේ පැරිස් පිහිටි Sciences Po උසස් අධ්‍යාපන ආයතනයේදී ජනමාධ්‍යවේදය සහ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් පශ්චාත් උපාධියද හදාරා ඇත.
පරිවර්තනය: ජිවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?