News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනපතිවරණය ගැන මොකද කියන්නේ? - ගම්මන්පිල පැහැදිලි කරයි

Jul 12, 2024 at 07:42 AM
|

ජනාධිපතිවරණය කල් දැමීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

"හරියටම දවස් හයකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවා. නමුත් ජනාධිපතිවරණය පවත්වා වී ද කියන දෙගිඩියාවක් අදටත් තිබෙනවා. ජනාධිපතිතුමා කෙතරම් සහතික දුන්නත් ඒ සැකය නැති වෙලා නෑ. ඒකට හේතු හතරක් බලපානවා. පළමු හේතුව තමයි ජනාධිපතිගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ජනමත විචාරණයක් හරහා ජනපතිවරණය වසර දෙකකට කල් දාන්න යෝජනා කිරීම. දෙවන හේතුව තමයි ජනාධිපතිතුමාගේ පක්ෂයේ සභාපතිතුමා නිරතුරුවම ජනාධිපතිතුමාට වසර දහයකට රට භාර දීමට යෝජනා කිරීම. තුන්වන හේතුව තමයි ජනාධිපතිතුමාගේ පක්ෂයට මැතිවරණ කල් දැමීමේ නරක ඉතිහාසයක් තිබීම. 1982 දී ලාම්පු – කළගෙඩි සෙල්ලමින් පාර්ලිමේන්තු මැතිවරණය අවුුරුදු හයකට කල් දැම්මා. 2015 දී පුංචි ඡන්දය අවුරුදු දෙකකට කල් දැම්මා. 2018 දී පලාත් සභා ඡන්දය අතුරුදහන් කලා. 2022 දී පුංචි ඡන්දය අතුරුදහන් කලා. මෙන්න මේ හේතු මත ජනතාවට ඇති වෙලා තිබෙන්නේ සාධාරණ බියක්.

හතරවන හේතුව තමයි ජනාධිපතිවරණ කටේ ජනමත විමසුමකට යොමු කළ යුතු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇමති මණ්ඩලය විසින් අනුමත කිරීම. ඇත්තෙන්ම ඒක අනවශ්‍ය සංශෝධනයක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී හරි නම් එදා 83(ආ) වගන්තියේ හය වසරක් ඉක්මවා කියන යෙදුම පස් වසරක් ඉක්මවා කියලා සංශෝධනය කරන්න ඕනි. 83(ආ) වගන්තිය සංශෝධනය කරන්න කටයුතු නොකලේ ඒකට ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ලබා ගන්න ඕනි. නමුත් සංශෝධනය නොකලා කියලා කිසිම හානියක් වෙන්නේ නෑ. අපි එහෙම කියන්නේ ඇයි?

පසුගිය ඇමති මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තියේ “වසර හයක් ඉක්මවා” කියන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” කියා වෙනස් කරන්න 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන්න තීරණය කරලා තිබෙනවා. මේක විකාරයක්. රටේ තිබෙන ව්‍යාකූලත්වය නැති කළ හැක්කේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් මිස මේ වගේ විකාර කිරීමෙන් නොවේ. ඒ විතරක් නොවේ. මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණ කටේ රට ජනමත විචාරණයකට තල්ලු කිරීමක් සිදු වෙනවා. ඒ ගැන ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු ඉන්න ඇමති මණ්ඩලයට අවබෝධයක් නොතිබුණු එක පුදුමයි.

19 වන සංශෝධනය හරහා ජනාධිපතිගේ ධූර කාලය වසර හයේ සිට වසර පහක් දක්වා අඩු කරන විට ධූර කාලය දක්වන 30(2) වගන්තියේත් ඒ සංශෝධනය කළා. 83(ආ) වගන්තියෙන් කියන්නේ ජනාධිපතිගේ ධූර කාලය ඉක්මවා බලයේ ඉන්න ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. එතැන කියනවා වසර හයක් ඉක්මවා ජනාධිපති ධූර කාලය දිගු කරන්න පනතක් ගේනවා නම් පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත කරනවාට අමතරව ජනමත විමසුමක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි.

19 වන සංශෝධනයේ දී මේක වසර පහක් ඉක්මවා කියලා සංශෝධනය කළ යුතුව තිබුණා. සංශෝධනය නොකලේ හේතුවක් ඇතිව. 83 වගන්තියට අනුව ඒ වගන්තිය සංශෝධනය කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතුයි. මේ වියදම්කාරි ජනමත විචාරණය මග හරින්න ඕනෑ නිසා තමයි 19 වන සංශෝධනයේ දී 83(ආ) සංශෝධනය නොකලේ. හැබැයි ඒකෙන් විධිවිධාන වලට කිසිම හානියක් වුණේ නෑ. මොකද ජනාධිපතිගේ ධූර කාලය දැක්වෙන 30(2) වගන්තිය දැනටමත් සංශෝධනය කරලා වසර හය වසර පහ දක්වා අඩු කරලා තිබෙන නිසා. 83 වගන්තියේ කියන්නේ 30(2) වගන්තියට පටහැනි පනතක් හෝ වසර හයක් ඉක්මවා ධූර කාලය දිගු කරන පනතක් ගේනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනතාවගේ අනුමැතියත් ගන්න ඕනි කියලා.

වසර හය ඉක්මවා කියන වචනයේ එල්ලිලා තමයි ලේනෙක් උසාවි ගිහින් තර්ක කලේ ජනමත විමසුමක් නැතිව තුනෙන් දෙකේ බහුතරය විතරක් අරන් වසර හය දක්වා ජනාධිපතිට බලයේ ඉන්න පුළුවන් කියලා. නමුත් ඔහු හරියට ව්‍යවස්ථාව කියවා නෑ. ජනාධිපතිගේ ධූර කාලය තිබෙන්නේ 30(2) වගන්තියේ. ඒක සංශෝධනය කරන්න ජනමත විචාරණයකට යන්න ඕනි කියලා ඉතාම පැහැදිලිව 83(2) වගන්තියේ සඳහන් වෙනවා. එහෙම නම් ඔය “වසර හය ඉක්මවා” කියන යෙදුම ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත් කළත් නැතත් වසර පහ ඉක්මවා ජනාධිපතිට ධූරයේ ඉන්න බෑ. ඒක මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයත් තුන් පාරක්ම තහවුරු කරලා තිබෙනවා. එහෙම නම් ජනාධිපතිවරණය මැද ජනමත විමසුමකට පාර කපලා ආණ්ඩුව ඉටු කර ගන්න හදන්නේ මොකක්ද කියන එක මේ විවාදය තුල කවුරු හරි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කෙනෙක් රටට කියන්න ඕනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනපතිවරණය ගැන මොකද කියන්නේ

වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි මාසයකට නොඅඩු කාලය තුල අනිවාර්රයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 31(3) වගන්තියේ කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.

ඒ අනුව 2024 නොවැම්බර් 18ට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි දිනයක ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. මාසයකට නොඅඩු නම් ඔක්තෝම්බර් 18ට කලින් ඡන්දය තියන්න ඕනි. ඒ වගේම මාස දෙකකට නොවැඩි නම් සැප්තැම්බර් 18ට පස්සෙයි ඡන්දය තියන්න ඕනි. අන්න ඒ නිසා තමයි ඉතාම විශ්වාසයෙන් ඡන්දය පවත්වන දිනය 2024 සැප් 18 සහ ඔක් 18 දිනයන් අතර දී යෙදෙනවා කියා අපි කියන්නේ.

1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනෑ. එහෙම නම් ආසන්නතම දවස බලන්න සැප්තැම්බර් 18 සිට සති හයක් කියන්නේ අගෝස්තු 7 වන දා. නාමයෝජනා සඳහා දුරම දිනය වෙන්නේ ඔක්තෝම්බර් 18 සිට සති හතරක් ආ පස්සට ගණනය කළාම එන සැප්තැම්බර් 20දා.

ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16කට නොඅඩු දින 21කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනෑ. දැන් අපි දන්නවා නාමයෝජනා දිනය විය හැකි ආසන්නතම දිනය අගෝස්තු 7 වන දා. එදා ඉඳන් දින 21ක් ගණනය කලොත් ජූලි 17. දුරම දිනය වන සැප්තැම්බර් 20දා සිට දින 16ක් ගණනය කලොත්. සැප්තැම්බර් 4 දා. ඒ කියන්නේ 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බලය දීලා තිබෙනවා.

ජූලි 17 සිට සැප්තැම්බර් 4 කියන්නේ විශාල පරාසයක්. ඒ නිසා ජනතාව අතර එජාපය හදපු මේ දෙගිඩියාව නැති කරන්න නම් මේ පරාසයේ මුල් සති දෙක ඇතුලත මැතිවරණයේ නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසම කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.
ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු මෙන්ම උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
බෞද්ධ හිමිවරුන් සිරගත කරන ලෙස ඉල්ලා සිටින්නේ බෞද්ධ විරෝධී පිරිස් බවත්, යූ ටියුබ්කරුවන්ගේ හෝ ඇතැම් කාන්තා සංවිධානවල අත්තනෝමතික ඉල්ලීම් හමුවේ නීතිය යටපත් නොවන බවත් පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කරති.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.
නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.