News Category
From Date
To Date
Maximum Number of Result

ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා – උදය ගම්මන්පිල

Jul 12, 2024 at 07:29 AM
|

ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට ‘සර්වජන බලය’ විසින් ඉදිරිපත් කරන බව ‘සර්වජන බලය’ විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11 දා) සර්වජන බලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි. නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

"ලබන ඉරිදා ‘සර්වජන සංවාදය ගමට’ සර්වජන බලය මැතිවරණ ප්‍රකාශනය කිහිප ආකාරයකින් සුවිශේෂියි. මුලින්ම අපි ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ. උපාය මාර්ගික වැඩසටහනක්. ඒ කියන්නේ අපි හදන සතුටු දැය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පියවරින් පියවර පැහැදිලි කරන වැඩසටහනක්. ඒ වගේම ඒක සකස් කරන්නේ ජනතා දායකත්වයෙන්. සහෝදර පක්ෂවල අදහස් අරගෙන අපි පසුගිය ජූලි 7 දා ඒකේ පළමු කෙටුම්පත ප්‍රසිද්ධ කළා. ජූලි 13 මහනුවරින් ආරම්භ වෙලා ජූලි 14දා සිට ගම් මට්ටමින්

රැස්වීම් විශාල ප්‍රමානයක් කිරිමට අපි සැලසුම් කර තියෙනවා. එහිදී මේ කෙටුම්පත සර්වජන සංවාදය හරහා ජනතාවගේ අදහස් ලබා ගන්න යොමු කරනවා. අපේ නායකයින් ගමින් ගමට ඇවිත් ජනතාවගේ අදහස් ලබා ගන්නවා.

මේ ජනතා අදහස් ගොනු කරලා අපි මේ වැඩසටහනේ දෙවන කෙටුම්පත නිකුත් කරනවා. ඒක පිළිබඳ විද්වතුන්, වෘත්තීයවේදින්, ව්‍යවසායකයින් සහ වෘත්තිය සමිති සමග සාකච්ඡා කර අවසන් වැඩසටහන ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් සකස් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.

1994 දී ජවිපෙ සහයෙන් බලයට ආපු චන්ද්‍රිකා මැතිනියගේ ලොකුම සටන් පාඨය වුණේ දූෂණය නැති කිරීම. නමුත් වසර 11කට පස්සේ එතුමිය ජනාධිපති ධූරයෙන් සමු ගත්තේ චෞර රැජින වෙලා. ඒ වගේම 2015 දී ජවිපෙ සහයෙන් ආපු යහපාලන ආණ්ඩුවේ ලොකුම සටන් පාඨය වුණේ හොරු ඇල්ලීම. අන්තිමට ආණ්ඩුව හොරු අල්ලන්න කලින් හොරු ආණ්ඩුව අල්ලා ගෙන ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම වෙන මහ බැංකු වංචාව සිදු කළා. ඒ ජවිපෙම මේ පාර ලැජ්ජාවට මාලිමාව කියන වෙස් මුහුණ දාගෙන හොරු අල්ලන්න අපට බලය දෙන්න කියනවා.

හොරු ඇල්ලීම කියන පිලුණු වුණු සටන් පාඨය වෙනුවට අපි හොරු නැති කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ තමයි සල්ලි භාවිතය සම්පූර්ණයෙන් අහෝසි කර සෑම ගෙවීමක්ම ඩිජිටල්කරණය කිරීම. බැංකු ගිණුමෙන් තවත් බැංකු ගිණුමකට මුදල් යැවීමෙන් තමයි සියලුම ගනුදෙනු සිදු වෙන්නේ. එතකොට සෑම ගෙවීමක් සඳහාම මුදල් පැමිණි විධිය පිළිබඳ සටහනක් තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට ඉඩම් ඔප්පුවක වටිනාකම අඩුවෙන් දාන්න බෑ වගේම ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඇත්ත ආදායම සඟවන්න බැරි නිසා උපයන සැබෑ ආදායමට බදු ගෙවන්න සිදු වෙනවා. එවිට ලංකාවේ සැබෑ ආර්ථිකයට වඩා විශාල යැයි විශ්වාස කරන කළු ආර්ථිකය නැති වෙලා බදු ආදායම දෙගුණයකට වඩා ඉහළ යනවා. එතකොට අපිට දැන් 18% තිබෙන වැට් බද්ද 3% දක්වා පහත දමා ජීවන වියදම පහත දමන්න පුළුවන් වෙනවා."

සම්බන්ධිත පුවත් | Related News

ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
නිදහස් ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා විසින් සමරනු ලබන 77 වැනි කම්කරු දිනය අදට යෙදී ඇත.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙවන පරපුර විසින් සංවිධානය කරන 'ඉන්දු ලංකා යටත්වීමේ ගිවිසුම්, පාවාදීමේ තරම සහ අවසන් ප්‍රථිඵලය' සංවාදශීලී සම්මන්ත්‍රණය අද(1) උදෑසන 9 ට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.