ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා – උදය ගම්මන්පිල
ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට ‘සර්වජන බලය’ විසින් ඉදිරිපත් කරන බව ‘සර්වජන බලය’ විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11 දා) සර්වජන බලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි. නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය
"ලබන ඉරිදා ‘සර්වජන සංවාදය ගමට’ සර්වජන බලය මැතිවරණ ප්‍රකාශනය කිහිප ආකාරයකින් සුවිශේෂියි. මුලින්ම අපි ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ. උපාය මාර්ගික වැඩසටහනක්. ඒ කියන්නේ අපි හදන සතුටු දැය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පියවරින් පියවර පැහැදිලි කරන වැඩසටහනක්. ඒ වගේම ඒක සකස් කරන්නේ ජනතා දායකත්වයෙන්. සහෝදර පක්ෂවල අදහස් අරගෙන අපි පසුගිය ජූලි 7 දා ඒකේ පළමු කෙටුම්පත ප්‍රසිද්ධ කළා. ජූලි 13 මහනුවරින් ආරම්භ වෙලා ජූලි 14දා සිට ගම් මට්ටමින්
රැස්වීම් විශාල ප්‍රමානයක් කිරිමට අපි සැලසුම් කර තියෙනවා. එහිදී මේ කෙටුම්පත සර්වජන සංවාදය හරහා ජනතාවගේ අදහස් ලබා ගන්න යොමු කරනවා. අපේ නායකයින් ගමින් ගමට ඇවිත් ජනතාවගේ අදහස් ලබා ගන්නවා.
මේ ජනතා අදහස් ගොනු කරලා අපි මේ වැඩසටහනේ දෙවන කෙටුම්පත නිකුත් කරනවා. ඒක පිළිබඳ විද්වතුන්, වෘත්තීයවේදින්, ව්‍යවසායකයින් සහ වෘත්තිය සමිති සමග සාකච්ඡා කර අවසන් වැඩසටහන ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් සකස් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.
1994 දී ජවිපෙ සහයෙන් බලයට ආපු චන්ද්‍රිකා මැතිනියගේ ලොකුම සටන් පාඨය වුණේ දූෂණය නැති කිරීම. නමුත් වසර 11කට පස්සේ එතුමිය ජනාධිපති ධූරයෙන් සමු ගත්තේ චෞර රැජින වෙලා. ඒ වගේම 2015 දී ජවිපෙ සහයෙන් ආපු යහපාලන ආණ්ඩුවේ ලොකුම සටන් පාඨය වුණේ හොරු ඇල්ලීම. අන්තිමට ආණ්ඩුව හොරු අල්ලන්න කලින් හොරු ආණ්ඩුව අල්ලා ගෙන ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම වෙන මහ බැංකු වංචාව සිදු කළා. ඒ ජවිපෙම මේ පාර ලැජ්ජාවට මාලිමාව කියන වෙස් මුහුණ දාගෙන හොරු අල්ලන්න අපට බලය දෙන්න කියනවා.
හොරු ඇල්ලීම කියන පිලුණු වුණු සටන් පාඨය වෙනුවට අපි හොරු නැති කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ තමයි සල්ලි භාවිතය සම්පූර්ණයෙන් අහෝසි කර සෑම ගෙවීමක්ම ඩිජිටල්කරණය කිරීම. බැංකු ගිණුමෙන් තවත් බැංකු ගිණුමකට මුදල් යැවීමෙන් තමයි සියලුම ගනුදෙනු සිදු වෙන්නේ. එතකොට සෑම ගෙවීමක් සඳහාම මුදල් පැමිණි විධිය පිළිබඳ සටහනක් තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට ඉඩම් ඔප්පුවක වටිනාකම අඩුවෙන් දාන්න බෑ වගේම ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඇත්ත ආදායම සඟවන්න බැරි නිසා උපයන සැබෑ ආදායමට බදු ගෙවන්න සිදු වෙනවා. එවිට ලංකාවේ සැබෑ ආර්ථිකයට වඩා විශාල යැයි විශ්වාස කරන කළු ආර්ථිකය නැති වෙලා බදු ආදායම දෙගුණයකට වඩා ඉහළ යනවා. එතකොට අපිට දැන් 18% තිබෙන වැට් බද්ද 3% දක්වා පහත දමා ජීවන වියදම පහත දමන්න පුළුවන් වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..