
මාලිමාවේ ප්‍රබල සාමාජික ශානි අබේසේකරට එරෙහිව පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරය ගැන නීතිමය කටයුතු කරන්නැයි ඉල්ලා සිටිය දී ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා දුවගෙන ගොස් මජර youtube කාරයන්ට ප්‍රකාශ ලබාදෙමින් එසේ ඉල්ලා සිටි පිරිසට මඩගසන බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා පවසයි.
ඊ නිව්ස් පවත්වාගෙන යන පුද්ගලයා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩකරමින් සිටි කාලයේ තමන්ගෙන් උදව් ඉල්ලූ බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් පවසන ඒ මහතා ඉන්පසු ශානි අබේසේකර ඔහුට උදව් කිරීමට පටන්ගත් බවත් පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ තොරතුරු තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බව කියමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එම දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කරමිනි.
මෙම පැමිණිල්ලට අනුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 06දා පැය 7ක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන තිබිණි.
පාස්කු ප්‍රහාරය එල්ල වන දිනය, එය එල්ල කිරීමට සූදානමින් සිටින පිරිස ඇතුළු වැදගත් තොරතුරු රැසක් එවකට පොලිස් බුද්ධි අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබූ බව පාලිත සිරිවර්ධන කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
එසේ තොරතුරු ලබා දී තිබියදීත් ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් කටයුතු නොකළ බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
