සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස්කළ යුතුයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
මෙරට රෝහල් පද්ධතියේ සෑම අංශයකම පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසාවෙන් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පවතින ආර්ථික අර්බුදය ද මෙම තත්ත්වයට බලපා ඇති බැවින් ගුණාත්මක හා නිදහස් සෞඛ්‍ය සේවාව මේ වන විට බිඳවැටෙමින් පවතින තත්ත්වයකට පත්ව ඇති බවද ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා පැවසීය.
මෙම තත්ත්වය යටතේ බාහිර රෝගී අංශ, සායන, ඖෂධ නිකුත් කිරීම සහ දැඩි සත්කාර ඒකකවල ද විශාල ගැටලු මතුවීමෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
"අද වනවිට රෝහල් පද්ධතියේ පවතින සමස්ත දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමක නැහැ. රෝගීන්ට ශල්‍යකර්ම සිදුකර ගැනීමට විශාල කාලයක් පොරොත්තු ලේඛනවල ඉන්න සිදුව තිබෙනවා. බෙහෙත් තුණ්ඩුව ගන්න සහ නියම කළ ඖෂධ රෝහලින් ලබා ගන්න බොහෝ අවස්ථාවල රෝහල් සේවකයන්ට මුදල් ලබාදෙන්න සිදුව තිබෙනවා.
අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා කරගත නොහැකි තත්ත්වයට පත් වෙලා. බොහෝ රෝහල්වල එක ඇඳේ රෝගීන් 3 – 4 ඉන්නවා. මාතෘ රෝහල්වලත් මේ තත්ත්වය දක්නට ලැබෙනවා. එක ඇඳක ගර්භණී මව්වරු 3 – 4 ඉන්නවා, සමහර අය දරුවන් ද සමග. වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ වෛද්‍යවරු හිඟකම. රටේ රෝගීන් 650ත් 750ත් අතර පිරිසක් පරීක්ෂා කරන්න ඉන්නේ එක් වෛද්‍යවරයකු පමණයි. මේ ගැටලු අවධානයට ගෙන ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමට වගකිවයුතු සැවොම එක්ව කටයුතු කළ යුතු වනවා."

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..